Photo by Pixabay from Pexels
මෙන්න සොයා දැනගන්න ක්‍රමයක්.
මේ සරල ප්‍රශ්න මාලාවට පිළිතුරු දී ඔබ ඔබගේ විභවතා මනා ලෙස රැකියාවෙහිදී යොදාගන්නේදැයි සොයාගන්න. ඔබ රැකියාවෙන් ලබන තෘප්තිය තීරණය වන්නේ එමගිනි.
හැම ප්‍රශ්නයකටම ඔවු හෝ නෑ කියා පිළිතුරු දෙන්න
- මගේ ජීවිත අරමුණු මට පැහැදිලියි. මා ඒවා හැකි පමණින් එදිනෙදා රැකියාවේදී ක්‍රියාවට නගනවා.
- එදිනෙදා කටයුතු කරන බොහෝ විට (සියයට 80 ක් පමණ අවස්ථා වලදී) මා මගේ දක්ෂතා, කුසලතා උපයෝගී කරගන්නවා.
- මගේ රැකියාවේ කාර්යයන් කෙරෙහි මා ලැදියි. ඒ ගැන සතියකට බොහෝ වතාවක් මම ප්‍රමෝදමත් වෙනවා.
- මා රැකියාවේ කරන කාර්යයන්හි නිරතවීමේදී මා හට කම්මැලි සිතෙන්නේ බොහොම කලාතුරකින්.
- මා නිසා අනිකුන්ට යම් සේවයක්වෙ, වෙනසක් වෙනවා. මෙය මට මහත් තෘප්තිදායකයි.
- මා කරන දෙයෙහි මා නිරායාසයෙන්ම දක්ෂයෙක් ලෙසයි අන් අය මා දකින්නේ.
- රැකියාවේ මගේ සගයන් මා සමග වැඩ කිරීමට කැමතියි. සමහර අවස්ථා වල මා ඔවුන්වද ප්‍රබෝධමත් කරන බව කියා තිබෙනවා.
- මටම විශේෂ, මා ලොවට මුහුණදෙන, ලොව දකින ආකාරය මගේ සාර්ථකත්ව අවස්ථා වල අනිවාර්ය අංගයක්.
- මගේ කුසලතා හා ගුණාංග වලට මනා සේ ගැළපුන මගේ රැකියා මග ගැන පැහැදිලි දැක්මක් මා සතුයි. රැකියාව මාරු කිරීම හෝ විශ්‍රාම ගැනීම ගැන මා සිතන්නේ බොහෝ කලාතුරකින්.
- මා දැන් නිරතව සිටින්නේ මගේ සිහින රැකියාවේ (dream job).
Photo by Christina Morillo via Pexels
දැන් ඔබේ ඔවු පිළිතුරු ගණන් කරන්න
ඔබගේ විභව හැකියාවන් වර්තමාන රැකියාවෙන් උපරිම සේ යොදාගනීද නැතිද යන්න ඔබට එමගින් තේරුම් ගත හැකියි.
ඔවු 9-10 දක්වා:
ඔවු. ඔබ තරුවක් සේ ඔබගේ හැකියාවන් මනාව යොදාගන්නවා. ඔබ සුවිශේෂ වන්නේ කුමක් නිසාදැයි ඔබ දන්නවා. ඔබගේ අනාගත රැකියා මග ඔබට පැහැදිලියි. ඔබ කරන දෙයින් බොහෝ තෘප්තියක් ලබමින් සාර්ථක වෙමින් ඉදිරියට යනවා. ඔබ ඔබව හොඳින් දන්නවා. මේ අවබෝධය ඔබගේ රැකියාවේ කාර්යයන් ඉටුකරන අයුරින් සහ එමගින් ඔබ ලබන තෘප්තියෙන් මනාව පැහැදිලි වෙනවා.
ඔවු 6-8 දක්වා:
ඔබ දැනටමත් ගමනින් අඩක් දුර ඇවිත්. බොහෝදුරට ඔබට ප්‍රිය දේ සහ ඔබ දක්ෂ දේ ගැන හැගීමක් ඔබ සතුයි. නමුත් යම් අඩුවක් තිබෙනවා. සමහර විට ඔබගෙන් වන සේවය ගැන ඔබට වඩාත් පැහැදිලි කරගැනීමක් අවශ්‍ය වනු ඇති. රැකියාවේ ප්‍රගතිය හොඳ වුනත් මීට වැඩි තෘප්තියක් ලැබිය හැකියි. ඔබ විශ්වාස කරන, වෘත්තීය මග ගැන අවබෝධයක් ඇති කෙනෙක් සමගින් මේ ගැන සාකච්ඡ කරන්න. මෙවැනි උදවුවක ආධාරයෙන් ඔබට එක තැන පල් නොවී ඉදිරියට යන මග පැහැදිලි කරගන්නට හැකි වේවි.
ඔවු 3-5 දක්වා:
ඔබ සිටින්නේ ඔබේ රැකියා මගේ මංසන්ධියක. යම් වෙනසක් වන තැනක. ඔබට හොඳින් කල හැකි දේ මොනවද යන්න සහ ඔබේ රැකියා ඉලක්ක සහ අරමුණු ගැන ඔබට නොපැහැදිලියි. හරි මග ජවයකින් ඉදිරියට යන්න මෙම අවබෝධය සහ උපකාර අවශ්‍ය වෙනවා. ඔබේ වර්තමාන රැකියාවේ ඔබ අසාර්ථක නොවුනත් ඔබ සිටින්නේ සතුටින් නොවේ. ඔබට දැනෙන්නේ ඔබ රැකියාවේ හිරකරුවකු කියායි.. තව දුරටත්, ස්වයං අවබෝධයකින් අනාගත අරමුණු පැහැදිලි කරගෙන ඉදිරියට යන්න. නැතිනම් ජයග්‍රාහී මාවතක ඉදිරියට යාමට අවශ්‍ය වන ජවය ලබාගැන්ම සඳහා සුදුසු කෙනෙක්ගෙන් උපකාර ලබාගන්න.
ඔවු 0-2 දක්වා:
ඔබ සිටින්නේ සිත් තැවුලෙන්, දුකෙන්, ඉච්ඡා භංගත්වයෙන්, සිතෙන් කරදර විඳිමින්. ඔබට සිතෙන්නේ ඔබ රැකියාවේ සිරකරුවකු ලෙසයි. කවුරුන් හෝ ඔබේ රැකියාව ගැන විමසනවාට පවා ඔබ අකමැතියි. තමා ප්‍රිය කරන, ආසා කරන රැකියාවක් සොයාගැනීම මෙතරම් අමාරු ඇයි දැයි ඔබට පැහැදිලි නැහැ. ඔබට රැකියාවේ ජයග්‍රහණ ලැබී ඇති නමුත් ඒවා එක්කෝ ප්‍රමාණවත් නැහැ. නැතිනම් ඒවා ඔබ පතන ආකාරයේ ජයග්‍රහණ නොවේ. ඔබ ලොකු ජීවන සිහින දකිනවා. නමුත් ඔබට තවම ඔබගේ හැකියාවන් සහ ජීවන අරමුණු පැහැදිලිව හඳුනාගන්නට නොහැකි නිසා එම සිහින පසුපස හඹා යන්නට ඔබට නොහැකියි. මේ තත්වයෙන් ඔබ්බට යන්නට ඔබට උදවු අවශ්‍යයි. ඉක්මනින් උදවු ලබාගන්න. එලෙසම ඔබගේ හැකියාවන් සහ නොහැකියාවන්, කුසලතා සහ සුබවාදී සහ අසුබවාදී ගුණාංග ගැන නිවැරදි අවබෝධයක් ලබාගන්නට උත්සාහ කරන්න.
ඔබ ඔබේ සිහින රැකියාවේ නියැ ලී සිටිනවාද, නැතිනම් තවම පැහැදිලි ජීවන අරමුණු සහ ඔබගේ විභව කුසලතා තෝරාබේරා ගන්නනට නොහැකිව ලත වෙනවාද යන්න දැන් ඔබට පැහැදිළි වනු ඇති.
මේ ලිපිය ගැන ඔබේ අදහස් ප්‍රකාශ කරන්න.
මෙය ප්‍රයෝජනවත් විනිනම් හෝ එයින් ප්‍රයෝජන ගතහැකි අය දන්නේ නම් ඔවුන් හා මෙය බෙදා ගන්න.
Leave a Reply