මෙය මහා ලොකු සංකීර්ණ දෙයක් නොවේ.
කඩේ ගිහින් බිස්කට පැකට් එකක් හෝ බීම බෝතලයක් ගන්නවානම් අපි මුදලාලිගෙන් “බිස්කට් පැකට් එකක් දෙන්න” කියනවද? නැහැනේ. අපි ඉල්ලන්නේ නිශ්චිත දෙයක්. “මැලිබන් මාරි ලොකු පැකට් එකක් දෙන්න” නැතිනම් “මන්චී ටිකිරි මාරි පොඩි පැකට් එකක් දෙන්න” යනාදී විදියටයි අපි අපට අවශ්‍ය දේ ඉල්ලන්නේ.
ඉතින් අපේ සිහිනයත් එලෙසම පැහැදිලිව, නිශ්චිතව මනසේ මවාගන්න ඕනෑ.
මට ඉඩමක් අරන් ගෙයක් හදන්න ඕන කියන්නේ නැතිව එම සිහිනය නිශ්චිත කරගන්න. මට අවශ්‍ය මේ මේ ප්‍රදේශ වලින්, මේ බිම් ප්‍රමාණයක් සහිත නිවසක් කියා නිශ්චිත අදහසක් හිතට ගන්න.
මට අවශ්‍ය තනි තට්ටුවේ නිවසක් හෝ තට්ටු දෙකක නිවසක්, මගේ නිවසේ කාමර තුනක් හෝ හතරක් හෝ පහක් හෝ තිබිය යුතුයි. මේ මේ පහසුකම් තිබිය යුතුයි, ටයිල් අල්ලා තිබිය යුතුයි කියල හිතේ නිශ්චිත කරගන්න ඕනා.
ඔබට මම තනි කාමරයක් සහිත පොල් අතු සෙවිලි කල පැල්පතක් දුන්නොත් ඔබට එය ප්‍රමාණවත්ද? එයත් නිවසක්නේ? එහෙම නැතිනම්, ඔබේ සිහින නිවාස ගැන බොහෝ නිශ්චිතව සිතන්න වෙනවා.
ඇත්තටම ඔබ නිවසක් ගැන මවන සිහිනයේ මේ විස්තර සියල්ල තිබෙනවා නේද? ඒ තිබෙන්නේ ඔබගේ යටිහිතේ. මේ නිවසේ හැටි උඩු හිතෙත් ඉන්දවාගන්න. පසකුත් නැතිව, ඉදොරවලට පවා මුහුණ දී හැදෙන, ගැලවීමට අපහසු ගලක් මත පැළවුණු කාක බෝ රුකක් සේ තදින් ඔබේ සිහිනය ඔබේ උඩු සිතේද පැල කරගත යුතුයි.
තවත් උදාහරණයක් ගනිමු.
ඔබේ සිහිනය දරුවාට හොඳින් වැඩිදුර ඉගැන්වීම කියමු.
හොඳින් සහ වැඩිදුර කියා අදහස් කරන්නේ කුමක්දැයි නිශ්චිත කරගන්න.
දරුවා තවම පළවැනි පන්තියේ නම්, ඔබ සිහිනය නිශ්චිත කරගත්තේ නැතිනම් උසස් පෙළ පාස් විය යුතුය, උපාදියක් කල යුතුය, නැතිනම් හොඳින් උපයාගත හැකි වෘත්තියක් විය යුතුය කියා, එහෙනම් පහ පාස් වුනත් සිහිනය සැබෑ නේ? දැනට වඩා වැඩිපුර ඉගෙනගතනේ? සාමාන්‍ය පෙළ පස් වුනත් ඇතිනේ?
මේ නිසා තමයි කියන්නේ ඔබේ සිහිනය නිශ්චිත විය යුතුය කියා.
සැබෑ කරගත හැකි සිහිනයක ප්‍රධාන ලක්ෂණ
සැබෑ කරගත හැකි සිහිනයක ප්‍රධාන ලක්ෂණයක් එම සිහිනය නිශ්චිත වීම.
අනෙක් වැදගත් ලක්ෂණ වන්නේ:
- සිහිනය සැබෑ කරගන්නට දිනයක් යොදා ගැනීම යනාදියයි.
- සිහිනය සැබෑ වුන විටදී මැනගන්න නැතිනම් දැනගන්න පුළුවන් වීම.
- දකින සිහිනය යථාර්තවාදී වීම
- එය ඔබගේ වර්තමාන දිවියට අදාළ වීම
තවත් විස්තර ඉදිරි දිනයක බලාපොරොත්තු වන්න.
ඔබ මෙයට කැමති නම්, මෙය like කර ඔබේ මිතුරන් හා share කරන්න.
#success #දියුණුව #දියුණුවYouTubeChannel
දියුණුව YouTube චැනලයට සහ Diyunuwa බ්ලොග් එකට පිවිසෙන්න. දියුණුව YouTube චැනලයට subscribe කරන්න.
Diyunuwa Success Group – දියුණුව Facebook කණ්ඩායමට අදම එක්වන්න.
Twitter: @Diyunuwa
දියුණු වන්නට කැමති ඔබ දැන්ම දියුණුව YouTube චැනලයට subscribe කර දියුණුවේ මාවතට පිවිසෙන්න. දියුණුව සොයා ඔබ යන ගමනේ මා ඔබට ජයග්‍රහණය ප්‍රර්ථනා කරනවා. ඔබට ජය!
Photos by:
Jonathan Andrew from Pexels and Josh Hild from Pexels
Leave a Reply