සාර්ථක අලෙවිකරුවෙකු වීමට කරුණු 21ක්…

සාර්ථක අලෙවිකරුවෙකු වීමට පදනම ලෙස ඔබ දත යුතු කරුණු දත යුතු කරුණු කිහිපයකි මේ.

බාහිර පෙනුමෙන්

  • පිරිසිදුව චාම්ව පිළිවෙලකට ලස්සනට ඇඳුම් පැළඳුම් ඇඳීමට පුරුදු වීම.
  • දත කට මැද නියපොතු කපා රැවුල පිළිවෙලකට කපා සකස් කර හිස මනා ලෙස පීරා සිටීම
  • නිතරම අවංක වූ මෘදු ලස්සන සිනහවකින් සංග්‍රහ කිරීමේ හැකියාවක් ගොඩනඟා සිටීම
  • තම අලෙවි ක්ෂේත්‍ර  රාජකාරියට අදාළ භාණ්ඩ මෙවලම් පිරිසිදුව පිළිවෙළකට තබාගැනීම
  • තම නිල රථය යතුරු පැදිය සහ කාර්යාලයීය බෑගය, ජංගම දුරකථනය, කැල්කියුලේටරය, ෆයිල් කවර, ලිපි ද්‍රව්‍ය හා පෑන් පැන්සල් ආදිය තබා ගන්නා ආකාරය වැදගත් ය.
  • තැනට සුදුසු වන ලෙසින් කථා විලාසය අංග චලනය හා හැසිරීමට පුරුදු වීම.
  • ප්‍රසන්න කාරුණික මුහුණින් යුතු ව සිටීම. සෘජු සිරුරකින් යුත් ක්‍රියාශීලී ක්‍රියාශීලී පෞරුෂත්වය තිබීම හා නිරෝගී වීම.

ගති ගුණ වලින්

  • බොරු නො කීම හා සෑම විටම අවංක වීම
  • සේවය කරන තම ආයතනයට හා ඉහළ නිලතල වලට පක්ෂපාතී භාවය හා ගරුත්වය ආයතනයේ වෙළඳ රහස් පිට නොකිරීම ද ඉතා වැදගත් ය.
  • වෙනත් රැකියාවක් නොකිරීම හා කේෂ්ත්‍ර  නිදහසින් අයුතු ප්‍රයෝජන නොගැනීම.
  • ඉවසීමේ ශක්තිය ඇති සංවේදී අයකු වීම හා හොඳ සවන් දෙන්නෙකු වීම.
  • මහන්සි නොබලා වැඩි පැය ගණනක සේවය කිරීමට ඇති ආශාව හා හැකියාව ගොඩ නඟා ගත යුතුය.
  • බාධක ප්‍රශ්නවලින් මග නොහැර මුහුණ දීමේ කායික මානසික ශක්තියක් තිබීම අවශ්‍ය ය.
  • මනා විනයක් හා විශ්වාසවන්ත භාවය සමග තම ආත්ම ගරුත්වය ආරක්ෂා කර ගැනීම

දැනුමෙන්

  • තම ආයතනයේ නිෂ්පාදන හෝ සේවා ක්‍රියාවලිය අලෙවිකරණය ප්‍රචාරණ කටයුතු හා මූල්‍ය කටයුතු පිළිබඳව පිළිබඳව සතුටු දායක මට්ටමකින් නිතරම දැනුවත් වී සිටීම.
  • තම අලෙවි රැකියා ක්ෂේත්‍රයට අදාල පුවත්පත් සඟරා පොත්පත් කියවා දැනුම වර්ධනය කර ගැනීම.
  • අලෙවිකරණය සම්බන්ධ වූ වැඩමුළු සම්මන්ත්‍රණ හා පුහුණු පාඨමාලාවන්ට සහභාගි වීම හා හැදෑරීම.
  • තම ආයතනයේ මාසික රැස්වීම් සාකච්ඡා හා අලෙවි කණ්ඩායම් සමඟ එක්ව දැනුම බෙදා හදා ගැනීම.
  • නිතර වෙනස්වන පාරිභෝගික ග්‍රාහක අවශ්‍යතා මනා ලෙස හඳුනා ගෙන අවධානයෙන් සිට ප්‍රතිචාර දැක්වීමේ හැකියාවක් තිබීම.
  • අනෙක් සමාගම් සහ ආයතන වල අලෙවි ප්‍රවර්ධන ක්‍රම නව ක්‍රියාමාර්ග පිළිබඳව අවබෝධ කර ගැනීමට සහ තරගකාරිත්වයට මුහුණ දීමේ දී අවශ්‍ය වන දැනුම සොයා හඹා යාම.
  • සමාජශීලීත්වය වර්ධනය කර ගැනීම.
  • ක්‍රීඩා කරුණු, දේශපාලනික, ආර්ථික තොරතුරු, යුද පුවත් (විද්‍යාව සම්බන්ධව), නව සොයාගැනීම් හා දිනපතා සිදුවීම් පිළිබඳව දැනුවත් බව වර්ධනය කර සාමාන්‍ය දැනුම වර්ධනය කර ගැනීම.

සකස් කළේ: සුමේධ පිලපිටිය අලෙවි විධායක ජානක බෝගොල්ලාගම සහ සමාගම වේයන්ගොඩ. අත්වැල ව්‍යාපාරික සඟරාවේ 1999 මැයි කලාපයෙන්.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Blog at WordPress.com.

Up ↑

%d bloggers like this: