සම්මානලාභී ප්‍රවීණ අළෙවි කරු නිමල් සේදරගේ “අළෙවිකරණය “ පොතෙන් උපුටා ගන්නා ලද තවත් කොටසක් මේ ලිපියෙන් ඔබ වෙත ගෙනෙමූ.
මේ සටහනින් ගැනුම්කරුවන් සොයා ගන්නා පොදු ක්‍රම පෙන්වයි.
සෑම භාණ්ඩයක් හා සේවාවක්ම මිනිසුන් වෙත සමීප විය යුතුය. ඇතැම් සේවාවන් මිනිසුන් සතු විය යුතු මූලික දේවල්ය. මේවා බොහෝ විට සුභසාධක පදනමකින් බෙදා හරිති. එහෙයින් එහිදී ග්‍රාහකකරණයක් නැත. එතනදි සිදුවන බෙදාහැරීමකි. මිලකට විකුණන්න සිදුවන දෑ ආශ්‍රිතව ගැණුම්කරණය ඇතිවේ. මෙහිදීද තරගකාරිත්වයකින් තොරව, තොග ගබඩාවලින් සිල්ලර ගබඩාවලටත් සිල්ලර ගබඩාවලින් පාරිභෝගිකයා අතටත් පත්වන ද්රව්යවලදී, අලෙවිකරුට ගැනුම්කරුවන් සොයා වෙහෙසීමට නොව නිශ්චිත පද්ධතිය තුළ තිබෙන අලෙවිසැල් වෙත ගොස් අලෙවි කටයුතු කිරීමට සිදුවේ.
පිටි කිරි බෙදාහරින සමාගමක් කළ යුත්තේ අලෙවිසැල් වෙත ගොස් අලෙවි කටයුතු කිරීමයි. සිදුවේ. පිටි කිරි බෙදාහරින සමාගමක් කළ යුත්තේ අලෙවිසැල් වෙත අලෙවිකරුවන් යොමු කිරීමයි.
අලෙවිසැලෙන් තම කිරි වර්ගය ඉල්ලා සිටීමට වෙළෙඳපොළ තත්ත්වයන් ගොඩනැගීමත් සමාගමට භාරය.
“ප්‍රදේශයක තිබෙන කඩ සාප්පු සංඛ්‍යාව, රටේ තිබෙන කඩසාප්පු සංඛ්‍යාව, ඒවායේ හිමිකරුවන්ගේ නම් ගම්, දුරකථන දුරකතන අංක, ලිපිනයන් යනාදී කරුණු ඇතුළත් ඇතුළත් නාම ලේඛන ඕනෑම දියුණු රටක තිබේ.
ගැණුම්කරුවන් සෙවීමේ පදනම එවන් තොරතුරු ඇතුළත් නාමාවලි වැනි පොත්පත්ය.”
ප්‍රදේශයක තිබෙන කඩ සාප්පු සංඛ්‍යාව, රටේ තිබෙන කඩසාප්පු සංඛ්‍යාව, ඒවායේ හිමිකරුවන්ගේ නම් ගම්, දුරකථන දුරකතන අංක, ලිපිනයන් යනාදී කරුණු ඇතුළත් ඇතුළත් ලේඛන ඕනෑම දියුණු රටක තිබේ. ගැණුම්කරුවන් සෙවීමේ පදනම එවන් තොරතුරු ඇතුළත් නාමාවලි වැනි පොත්පත්ය.
යන්ත්‍ර සූත්‍ර අදාළව අලෙවි කටයුතු සඳහා නම් එම ක්ෂේත්රයට පිවිසෙන සමාගම් සිය අලෙවිකරුවන් හුරු කරන්නේ එමයන්ත්ර අලෙවි කළ හැකි සමාගම් හා පුද්ගලයින් වෙත පමණි. සීමිත රක්ෂණ නියෝජිතයෙකුගේ ගැනුම්කරණයත් යන්ත්‍ර සූත්‍ර අලෙවිකරුවෙකුගේ ගැනුම්කරණයත් කිරිපිටි අලෙවි කරන්නකුගේ ගැනුම්කරණයත් වෙනස් ලෙස සිදුවේ.
ගැනුම්කරුවා හමුවන පිළිගත් පිළිවෙත්
කවර ආකාරයෙන් ගැනුම්කරුවා ලබාගත්තත් ඔහු හමුවන පිළිගත් පිළිවෙත් තුනක් තිබේ.
- කෙළින්ම ගොස් හමුවීම
- දුරකථනයෙන් ඇමතීම
- ලියුමක් යැවීම
නිර්දේශයක් ලබා ගැනීම
ගැනුම්කරුවන් ලබාගන්නා මීළඟ පියවර එක ගැණුම්කරුවෙකුගෙන් තවත් ගැණුම්කරුවෙකුට නිර්දේශයක් ලබා ගැනීමයි.
“ඔබ වෙත එන්නට පාර කීවේ අසවලාය…”
මෙහිදී පරිස්සම් පරිස්සම් විය යුතු එකම දේ නිර්දේශය කළ තැනැත්තා හා අලුත් ගැනුම්කරුවා අතර ඇති අවබෝධය හා වැටහීම සුභවීමයි. එසේ නොවන්නට නිර්දේශය ලැබීම වාසියකට වඩා අවාසියක් වීමට පුළුවන.
පුවත්පත් සහ වෙනත් දැන්වීම් ඇසුරින්
පුවත්පත් සහ වෙනත් දැන්වීම් ඇසුරින් ගැනුම්කරුවන් ලබාගැනීම තවත් ජනප්‍රිය පිළිවෙතකි. පුවත්පතේ පළ වූ ආරංචියත් සමග සොයා ගන්නා නම අනුව දුරකථන ඇමතුමක් ගෙන ප්‍රථමයෙන් පුවත්පතේ පළවූ පුවත ගැන කතා කොට දෙවනුව අලෙවිකරුගේ විෂය ගැන කතාවට පිවිසීමට දක්ෂකම් ඇති අලෙවිකරුවෝ සිටිති.
ගැණුම්කරුවන් සිටින ස්ථානවලට යාම
ගැනුම්කරුවන් සොයාගන්නට තමන් සොයන වර්ගයේ ගැණුම්කරුවන් සිටින ස්ථානවලට යා යුතුය. තමන් අලෙවි කරන භාණ්ඩය හා සේවය ලබාගත හැකි සහ මුදල් ධාරිතාව තිබෙන මිනිසුන් එකතු වන ජනහමු, මල් ප්‍රදර්ශන, චිත්‍ර ප්‍රදර්ශන, සැණකෙලි, මෝටර් කාර් රේස් වැනි තැන්වල ගැවසීම ඉතා වැදගත්ය. මේ තැන්වලදී සම්බන්ධතා ගොඩනඟා ගන්නේ කවුරුන් සමගදැයි අලෙවිකරුට ඉවක් තිබිය යුතුය.
බලපෑම් කළ හැකි පුද්ගලයන් මගින්
බලපෑම් කළ හැකි පුද්ගලයන් මගින් ගැනුම්කරුවන් ලබාගැනීම ලොව අලෙවිකරණයේ පිළිගත් ප්රමිතියකි. මෙවැනි බලපෑම් කළ හැකි දේශපාලනඥයෝ සිටිති. උසස් තනතුරුවල සිටින නිලධාරියෝ සිටිති. කළමනාකාරවරු සිටිති. ඇතැම්විට පූජකවරුන්ද මේ ගණයට ගැනේ. වෛද්‍යවරුන්, ඉංජිනේරුවරුන්, නීතීඥයින්ද ඉතා හොඳ බලපෑම් කළ හැකි පුද්ගලයන්ය.
සෘජුව හමුවීම
සෘජුව හමුවීම හෙවත් “කෝල්ඩ්කැන්වසිං” (Cold canvassing) ක්‍රමය ඇතැම් අලෙවි සේවා හා භාණ්ඩ ආශ්‍රිතව ප්‍රතිඵලදායකය. මෙවැනි අවස්ථාවක ගැනුම්කරුවා පිළිබඳ පිළිබඳ අලෙවිකරු කිසි තොරතුරක් නොදනී. අලෙවිකරු ආගන්තුකයෙකි. ගැනුම්කරුවා හමුවීමෙන් පසු කෙරෙන සංවාදයෙන් ඔහු හෝ ඇය ගැණුම්කරුවෙකුදැයි දැන ගත යුතු වේ.
මෙය පහසු කාරියක් නොවේ. තමා සිටින්නේ වැරදි තැනක යැයි හැඟී ගියහොත් “මගේ සේවය ලබා දිය යුතු ඔබේ පවුලේ කවුරුන් හෝ මිත්රයින් සිටිනවාද?” යි විමසීම සිරිතය. මෙසේ හමුවන දහ දෙනකුගෙන් එක් අයෙකු පෙළඹෙන බව පරීක්ෂණවලින් සනාථ වී තිබේ. එහෙයින් ගැනුම්කරුවන් දුලබ කෙනෙකුට විනා මේ සෘජුව හමුවීමේ ක්‍රමය එතරම් ප්‍රතිඵලදායක නැත. එහෙත් වැඩි සංඛ්‍යාව හමුවීමට දක්ෂකම් ඇති අලෙවිකරුවනට මෙය හොඳ ක්රමයකි.
ගැණුම්කරණය අලෙවිකරණයේ බිත්ති හතරයි. එය ඉදිකෙරෙන ආකාරය මේ සීමිත පිටු අතරින් සාකච්ඡා කළ හැකි දෙයක් නොවේ. මේ පරිච්ඡේදයෙන් කර ඇත්තේ ගැනුම්කරණය ඉතා වැදගත්ය යන පණිවිඩය ලබාදීම පමණි.
එසේ කරන ලද්දේ මේ පොත එක්තරා වර්ගයක සේවා හා භාණ්ඩ අලෙවියකට සීමා නොවන හෙයිනි. මෙහිදී සාකච්ඡාවන්නේ සාර්ථක අලෙවිකරුවෙකු වීමට මග පෙන්වීමකි. සෑම වර්ගයකම අලෙවිකරුවන්ට පොදු වන පරිදි මේ අංශ දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීම දුෂ්කර බව ඔබ පිළිගන්නවා ඇත.
ගැනුම්කරුවන් පිළිබඳව රැස්කරගන්නා තොරතුරු ඉතා සුරක්ෂිතව තබාගැනීම අලෙවිකරුවෙකුගේ වගකීමයි. එය අලෙවිකරුවෙකුගේ ධනයයි. නිධානයයි.
මෙසේ තොරතුරු රැස්කර ගැනීමෙන් අදාල කාරිය නිම නොවේ. අලෙවිකරු අතට මේ වන විට ලැබී ඇත්තේ ගැනුම්කරුවන් විය හැකි යැයි සැකකරන්නන් පිරිසකගේ නම්ගම් ය. ඊළඟ අදියර වන්නේ ඔවුන්ට තමා අලෙවි කරන භාණ්ඩ හෝ සේවය අවශ්‍යද ඒවා මිලදී ගැනීමට ධාරිතාවක් ඇත්ද යන්න සොයා ගැනීමයි.
“ගැනුම්කරුවන් පිළිබඳව රැස්කරගන්නා තොරතුරු ඉතා සුරක්ෂිතව තබා ගැනීම අලෙවිකරුවෙකුගේ වගකීමයි. එය අලෙවිකරුවෙකු ගේ ධනයයි. නිධානයයි. ඊළඟ අදියර වන්නේ ඔවුන්ට තමා අලෙවි කරන භාණ්ඩ හෝ සේවය අවශ්‍ය ද ඒවා මිලදී ගැනීමට ධාරිතාවක් ඇත්ද යන්න සොයා ගැනීමයි.”
අත්වැල ව්‍යාපාරික සඟරාවේ 1999 මැයි කලාපයෙන්.
Leave a Reply