සාර්ථක ජීවිතයකට අත්‍යවශ්‍ය කරුණු 4ක්

 

කරදරයකින් තොර සතුටින් පිරුණු ජීවිතයක්…

අප හැමදාමත් හීන දකින්නෙ කිසිදු කරදරයකින් තොරව සතුටින් පිරුණු ජීවිතයක අයිතිකාරයෝ වෙන්න. අපි උදේ ඉඳලා හවස් වෙනකන් මහන්සි වෙලා වැඩ කරන්නෙත් ඒ නිසා. ඉතින් දුකක් නැතුව ජීවත්වෙන්න ගන්නා උත්සාහයේදී නොයෙක් කම්කටොලු හැලහැප්පීම්වලට මුහුණදෙන්න ඕනෑම කෙනෙක්ට සිදු වෙනවා. කාටත්  පොදු දෙයක්. සල්ලි ගොඩක් තියන අයටත්, සල්ලි නැති අයටත් පොදු දෙයක්.

දුකක් නැතිව කාටවත් අත නොපා ජීවත් වෙන්න නම් අපට අපේ ජීවිතය සාර්ථක කරගන්න වෙනවා. ජීවිතය සාර්ථක කරගන්නවා කියන්නේ ඉතාමත් පසුව හෝ ඉතාමත් අපහසු කාර්යක් නම් නෙමෙයි. ඔබ හමුවට එන අභියෝගවලට සාර්ථක ලෙස පිළිතුරු දෙන්න පුළුවන් වුනොත් ඔබට අනිවාර්යෙන්ම සතුටින් ඉන්න අවශ්‍ය වටපිටාවක් නිර්මාණය කරගන්න පුළුවන්.

ඉතින් මේ අභියෝගවලට මුහුණදෙන්න නම් ඔබට ශක්තිමත් මෙන්ම ඉතා නිරවුල් මනසක් තිබීම මූලිකවම අවශ්‍ය වෙනවා. ශක්තිමත් මනසක් පවත්වාගෙන යමින්, ජීවිතය ජය ගැනීමට කටයුතු කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳ, ප්‍රායෝගිකව සනාථ කරන ලද කරුණු හතරක් අද අපි කියලා දෙනවා.

ආත්ම විශ්වාසය වර්ධනය කර ගන්න

ආත්ම විශ්වාසය කියන්නේ තමන්ගේ වටිනාකම තමන්ට හැඟෙන හෝ දැනෙන ආකාරය. එය ඕනෑම පුද්ගලයකු සතුවිය යුතු ප්‍රධාන ගුණාංගයක්.

අපි සරළ උදාහරණයක් බලමු.

දැන් ඔබ හිතන්න, ඔබගෙන් ඔබගේ රැකියාවට කොතරම් නම් වටිනාකමක් එක් වෙනවද කියලා. මෙහිදී ඔබ සිතන ආකාර දෙකක් අපට පැහැදිළි වේවි.

එනම්, එක් කට්ටියක්  සිතනවා මේ විදියට:

“මගෙන් කිසි වැඩක් නැහැ. මං නැතුව ඉතින් කම්පැනිය රන් වෙයි අවුලක් නැහැ. මං එච්චර වටින්නේ නැහැ. මට අර අළුතින් දුන්නු ව්‍යාපෘතිය කරගන්නත් බැහැ. මං අයින් වුනත් වෙන කෙනෙක් ගනී ඉක්මනින්ම.”

මේ තමයි ආත්ම විශ්වාසයක් නොමැති අය සිතන ආකාරය. ඒ කියන්නේ එයාල තමන්ගේ වටිනාකම තමන්වත් අවබෝධ කරගෙන නැහැ. නිතරම හිතන්නේ ඍණාත්මකව. ඉතින් ඔවුන්ට සාර්ථකත්වය ළඟා කරගැනීම ඉතාමත් අපහසුයි.

තවත් කට්ටියක් මේ විදියට හිතනවා:

“මං ගොඩක් ලොකු සේවාවක් මගේ කාර්යාලය තුළ කරනවා. මට අනිත් ඩිවිෂන්වල වැඩ දුන්නත් කරන්න පුළුවන්. මට මේ ආයතනයේ ඉහළම තනතුරකට යන්න පුළුවන්.”

මේ තමයි දැඩි අත්ම විශ්වාසයකින් කටයුතු කරන අය. ඔවුන් බොහෝ අළුත් දේ අත්හදා බැලීමට දැඩි කැමැත්තක් දක්වනවා වගේම සෑම විටම ධනාත්මකව සිතනවා. ඒ නිසාම ඔවුන්ගේ සාර්ථකත්වය ඉතා පැහැදිළි.

ආත්ම විශ්වාසය නොමැති විට හෝ පහළ වැටෙන විට, ඔබේ රැකියාව පමණක් නෙමෙයි, ඔබේ පෞද්ගලික ජීවිතයේ ක්‍රියාකාරිත්වය සහ ඔබගේ ජීවිතේසම්බන්ධතාවල ශක්තිය අඩපණ වෙනවා. ඉතින් තමන් තුළ තමා පිළිබඳ ආත්ම විශ්වාසය ගොඩනගාගැනීම ජීවිතයේ සාර්ථකත්වයට බෙහෙවින් බලපාන බව ඔබට මෙයින් පැහැදිලි විය යුතුයි.

නිතරම ධනාත්මකව සිතන්න

ඔබ ප්‍රමාද නැහැ. ඔබ තුළ නැතිවී ගිය ආත්ම විශ්වාසය ගොඩනගාගන්න. ආත්ම විශ්වාසය ඔබව ඕනෑම අභියෝගයකට මුහුණ දීමට සුදානම් කරාවි. ඔබේ සිහිනවලට, පැතුම්වලට ඒ විතරක්ම නොවේ ඔබේ ජීවන ඉලක්කවලට යන්නත් ඔබේ ආත්ම විශ්වාසය ඔබව සුදානම් කරාවි.

ආත්ම විශ්වාසය ගොඩනංවා ගැනීමට අවශ්‍ය පියවර විස්තර කරමින් අපි තවත් ලිපියකින් ඔබ වෙත ගෙන එනවා.

නිතරම පැහැදිලිව ඔබේ අදහස් ප්‍රකාශ කරන්න

ඔබ ඔබගේ මිතුරන්, පවුලේ උදවිය සමඟ මෙන්ම  රැකියාව තුළ මනා සන්නිවේදනයක් පවත්වාගෙන යෑම ජීවිතයේ සාර්ථකත්වයට බලපාන තවත් එක් ප්‍රධාන කරුණක්. අද ලෝකේ ගොඩක් පවුල් ආරවුල්වලටත් ප්‍රධානම හේතුවක් වෙලා තියෙන්නේ නිවස තුළ සැමියා සහ බිරිඳ, දෙවම්පියන් සහ දරුවන් අතර ඇති අවිධිමත් සන්නිවේදනය. එයාල පැහැදිලිව තම තමන්ගේ අවශ්‍යතා, රුචිඅරුචිකම්, අනෙකාට පැහැදිලි කරන්නේ නැහැ. එක්කෝ ඒ ගැන වැරදි උපකල්පන වලට එළඹෙනවා. නැතිනම් අනෙකාට තමන්ගේ සිතුම්පැතුම් පැහැදිලියි සිතනවා.

රැකියාවටත් මෙය ඉතා පොදු දෙයක්. ආයතනය තුළ,බොහෝ විට විවිධ මත ගැටුම් ඇතිවෙන්නේ මේ අවිධිමත් සන්නිවේදනය නිසා.  ආයතන කළමනාකරුවන් හා සේවකයින් අතර වගේම සේවකයින් හා වෙනත් සේවකයින් අතරත් ගැටුම් ඇතිවෙනවා මේ හේතුවෙන්.

කුඩා කල සිටම අපිට උගන්වනවා පවුලේ අය එකට ඉඳගෙන රාත්‍රී ආහාරය ගන්න කියලා. ඇත්තටම එහෙම කියන්නේ දවසකට එක පැයක් හරි පවුලේ සියළු තමන්ට තියෙන ප්‍රශ්ණ, ආරංචි එකතු වෙලා සාකච්චා කරයි කියන බලාපොරොත්තුවෙන්. හැබැයි මුදල් පසුපස හඹා යන ලෝකයේ දැන් ඉතා අතලොස්සක් තමයි මේ දේ නම් කරන්නේ. ඉතින් දරුවන් කරන දේ දෙමව්පියන් දන්නේ නැහැ. දරුවන් අයුතු මාර්ගයකට හැරුනොත් හම්බු කරපු සල්ලි වැඩකුත් නැහැ. ජීවිතයේ සතුට එක් මොහොතකින් නැති වෙන්නත් පුළුවන්.

ඉතින් ජීවිතයේ සතුටින් සාර්ථකත්වය කරා ළඟා වෙන්න නම් ඔබ හොඳින් එකිනෙනකා අවබෝධ කරගැනීම අනිවාර්යෙන්ම කළ යුතුයි. මේ සඳහා නිතරම කාලය වෙන් කරවා ගන්න. ඔබගේ අවශ්‍යතා අන් අයට පවසන්න. ඔබ කැමති අකමැති දේ පවසන්න. උපදෙස් ලබාගන්න. ඔබ නිවැරදි කර ගත යුතු තැන් අසා දැනගන්න. සාර්ථකත්වයට මග එයයි.

කණ්ඩායම් හැඟීමෙන් කටයුතු කරන්න

නිවස තුළ මෙන්ම, රැකියාවේදීත් සෑම විටම කණ්ඩායම් හැඟීමෙන් කටයුතු කරන්න. හැමදේම තනියෙන් බදාගෙන කරන්න ගියොත් ඔබ ට ලොකු මානසික පීඩණයක් දැනෙනවා වගේම, අනිත් අයට ඔවුන්ගේ දක්ෂතා පෙන්වන්න අවස්ථාවක් නැති වෙනවා. ඇත්තටම අපි තනියෙන් දෙයක් කරනවට වැඩිය අනිත් අයත් එක්ක එකතු වෙලා කරද්දී වෙලාවත් ඉතුරු වෙනවා, අනිත් අයගෙත් අදහස් ලබා ගන්න පුළුවන් නිසා වඩාත් සාර්ථක විසඳුමක්, එහෙමත් නැත්නම් නිමාවක් දකින්නත් පුළුවන් වෙනවා.

මීට හොඳම උදාහරණය තමා අප නිමා කළ කුරිරු යුද්ධය. ආරක්ෂක අංශ කණ්ඩායම් හැඟීමෙන් කටයුතු කළ නිසයි ත්‍රස්තවාදය මැඩ පවත්වන්න පුළුවන් වුණේ. රටක් විදිහට අපි සාර්ථක වුණා. මේක පෞද්ගලික ජීවිතයේදීත් එලෙසම විය යුතුයි..

සෑම විටම අන් අයව අගය කරන්න

ඔබ ආශ්‍රය කරන පුද්ගලයන්ගේ හොඳ ක්‍රියා නිතරම අගය කරන්න. ඔවුන් යම් කිසි නරක ක්‍රියාවක නිරත වන්නේ නම් ඔවුන්ට යහපත් මාර්ගය විස්තර කරන්න. සිහි තබාගන්න: ඔබ අවට පුද්ගලයන් දියුණු වෙනවා කියන්නේ, රටේ ආර්ථිකය දියුණු වෙනවා, ඔබත් දියුණු වෙනවා.

විශේෂයෙන්ම රැකියා ස්ථානයේදී ඔබේ මිතුරන්ගේ දක්ෂතා අගයන්න. ඒ තුළින් ඔවුන් රැකියාවේ කටයුතු සඳහා අභිප්‍රේරණය වෙනවා. සාර්ථක ව්‍යපාරයක පදනම එහි සේවකයින්. මේක හැබැයි ගොඩක් වැදගත් වෙන්නේ ආයතනයේ නායකයට තමයි.

තව දෙයක්, කිසිම විටක “මට බැහැ, හැබැයි එයාට පුළුවන්, මටත් පුළුවන් වුණා නම්” කියල හිතමින් කාලය ගත කරනවට වැඩිය, තමන් තුළත් එම කුසලතා දියුණු කර ගත හැකි ක්‍රම සොයන්න. ඒ තුළින් ඔබට සාර්ථකත්වය කරා ගමන් කළ හැකි.

Photos by

Agung Pandit Wiguna from Pexels

Andrea Piacquadio from Pexels

Andrea Piacquadio from Pexels

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Blog at WordPress.com.

Up ↑

%d bloggers like this: