ඔබට කොතරම් හොඳ අදහස් තිබුනත්, කොපමණ දක්ෂතා ඔබ සතු වුණත් ඔබේ ව්‍යාපාරයේ කොපමණ සම්පත් තිබුණත් ඔබ ක්‍රියාත්මක වන පරිසරයේ ව්‍යාපාරික අවස්ථා නැතිනම් ඔබට සාර්ථක ව්‍යාපාරයක් ගොඩනගා ගැනීමට හැකි නොවේ. ව්‍යාපාරික පරිසරය අමතක කළ නොහැක්කේ එබැවිනි.
ව්‍යාපාරික අවස්ථා බිහිවන්නේද ව්‍යාපාරික පරිසරයෙනි. COVID-19 වසංගතය ආරම්භයේදී සුපිරි වෙළඳසල් වසා තුබූ සමයේ Whatsapp භාවිතයෙන් තම සිල්ලර හා එළවලු ව්‍යාපාර කරගෙන ගිය හෝ නව ව්‍යාපාර ගොඩනගාගත් ව්‍යවසායකයෝ බොහෝය. ව්‍යාපාරික පරිසරය අමතක නොකළ හැකි වීමට මෙයද තවත් හේතුවකි.
එලෙසම, ඔබ ව්‍යාපාරයේ ක්රියාකාරීත්වයටද ව්‍යාපාරික පරිසරයෙන් විවිධ බලපෑම් එයි. ව්‍යාපාර බිඳ වැටෙන්නට හේතු වන්නේද ව්‍යාපාරික පරිසරයයි.
අත්වැල ව්‍යාපාරික සඟරාව මංගල කලාපය
1998 ජූනි – ව්‍යාපාරික පරිසරය
සමාජයෙන් බිහිවෙන සමාජයෙන්ම පෝෂණය වන ව්‍යාපාරික ආයතනය ක්‍රියාත්මක වන්නේ ශුන්‍යයක් තුළ නොවේ. සමාජය තුළමය.
මිනිසාගේ සිතුවිලි ක්‍රියාකාරකම් ආශාවන් හා පැතුම්, ගැටුම් සහ නව සොයාගැනීම් අනුව වෙනස්වන බලවේගවලට ‘පරිසරය’ යයි කියමු.
Leave a Reply