ඵලදායිබව අධ්‍යාත්මය හා බැඳෙන අයුරු

Theta-State-of-Consciousness-Salt-Float-Studio-1

සුනන්ද දෙගම්බඩ B.Sc (Eng) Hons MEng (AIT), කැළණිය විශ්ව විද්‍යාලය.

අධ්‍යාත්මය හා ව්‍යාපාර එකිනෙක හා ගැටෙන සංකල්ප යුගලයක් නොවේ. මේ සත්‍යය ලොව ප්‍රධාන ආගම් සියල්ලේම පාහේ සඳහන් වුවද පෙරදිග වැසියන් බොහෝ විට එම සත්‍යයෙන් බැහැරව ආධ්‍යාත්මය හා ව්‍යාපාර නොහොත් “බිස්නස්” යන්න පරස්පර විරෝධී සංකල්පයක් ලෙස වටහා ගෙන තිබේ.

“ව්‍යාපාර” යනු මුළුමනින්ම බටහිර සංකල්පයක් ලෙසත් අධ්‍යාත්මය පෙරදිග සංකල්පයක් ලෙසත් සැලකීමට අපි නැඹුරු වී සිටිමු. කෙසේ වෙතත් පෙරදිගින් පැන නැගුණ අධ්‍යාත්මික පුනරුදය අප නොදැනුවත්වම බටහිර ජාතිකයෝ තම ව්‍යාපාර දියුණු කිරීම සඳහා උපයෝගි කරගනිමින් සිටිති. ආධ්‍යාත්මය හා ව්‍යාපාර එකිනෙක හා ගැටෙන සංකල්ප යුගලයක් නොවේ. මේ සත්‍යය ලොව ප්‍රධාන ආගම් සියල්ලේ සියල්ලේම පාහේ සඳහන් වුවද පෙරදිග වැසියන් බොහෝ විට එම සත්‍යයෙන් බැහැරව ආධ්‍යාත්මය හා ව්‍යාපාර නොහොත් බිස්නස් යන්න පරස්පර විරෝධී සංකල්පයක් ලෙස වටහා ගෙන තිබේ. මෙම තත්ත්වය කණගාටුදායක වන්නේ බොහෝ සෙයින්ම පෙරදිගින් පැන නැගුන ආධ්‍යාත්මික ඉගැන්වීම්, පුද්ගලික හා පවුල් ජීවිතය මෙන්ම ව්‍යාපාරද ප්‍රගුණ කිරීම සඳහාද භාවිතයට අපරදිග වැසියන් දැන් දැන් පෙළඹෙන අතර පෙර දිගුන් මේ හා අදාළව අඳුරේ අතපත ගාන තත්වයකට පැමිණ සිටින හෙයිනි.

පෙරදිගින් හා  කලාතුරකින් ඊජිප්තුව හා ග්‍රීසිය වැනි රටවලින් බිහිවූ ආධ්‍යාත්මික උගැන්වීම් හා පරිචයන්  ස්ථානෝචිතව බටහිරට හඳුන්වා දුන් විද්වතුන් අතර කාර්ල් ජුං (Carl Jung), නැන්සි ඇඩ්ලර් (Nancy Adler), ආර්නෝල්ඩ් මින්ඩෙල් (Anold Mindel), හා සැමුවෙල් පාකර් (Samuel Parker) යන අය විශේෂ වෙයි.

මෙම විද්වතුන් පෙරදිගින් ලබාගත් සංකල්ප හා ක්‍රමවේදයන් ද ඒවා බටහිර ලෝකයේ උපයෝගී වන ආකාරයද සලකා බලමු.

ගාථා හා මන්ත්‍ර වලින් නිකුත් වන ශබ්ද හා ශක්ති තරංග

හින්දු හා මහායාන බුදුදහමේ හා ඒ ආගම් ආශ්‍රිත පුද පූජා වල එන ගාථා හා මන්ත්‍ර වලින් නිකුත් වන ශබ්ද හා ශක්ති තරංග උපයෝගී කර ගැනීම.

වත්මන් අවරදිග විද්වතුන්  මෙවන් ශබ්ද තරංග හා කම්පන එම ගාථා හා මන්ත්‍ර වල මුල් ස්වභාවයෙන්ම හෝ වෙනත් ආකාරයකට පරිවර්තනය කර හෝ මිනිසාගේ අභ්‍යන්තර ශක්තිය වඩවා ගැනීමටත් කළමනාකරුවන්ගේ ඵලදායිතාවය ප්‍රගුණ කිරීමටත් භාවිතා කරයි.

මෙසේ පිළියෙළ කරගත් තරංග, ශබ්ද ඉතා විද්‍යානුකූලව සංගීතය සමග මුසු කර සිත තැන්පත් කිරීම, අභ්‍යන්තර ශක්තීන් පුබුදුවාලීම හා ස්වයං යෝජන (මෝහනයෙන් තොරව තමාට ම තම යටි සිත හා සංනිවේදනය කර ගත හැකි ක්‍රමයක්) ආදිය සඳහා උපයෝගී කරගන්නා සී.ඩී. (CD) තැටි බටහිර වෙළඳපලට ප්‍රවිශ්ඨ වී ඇත. සමස්තයක් වශයෙන් මෙම සංගීත තැටි හඳුන්වන්නේ “නව යුගයේ සංගීත” (New Age Music) යනුවෙනි.

කුණ්ඩලිනි ශක්තිය පුබුදුවාලීම

කුණ්ඩලිනි ශක්තිය පුබුදුවාලීමෙන් මිනිසාගේ ඵලදායීතාවය වර්ධනය කිරීම. කුණ්ඩලිනි ශක්තිය පුබුදුවා ලීම සඳහා අවරදිග විද්වතුන් සංගීතය හා කම්පන භාවිතා කරයි.

Dream Incubation වැනි ස්වප්න ක්‍රම

වසර 8000කට පමණ පෙර ඊජිප්තු වැසියන් විසින් භාවිතා කරන ලද (Dream Incubation වැනි) ස්වප්න ක්‍රමයෙන් තමා හා තම ව්‍යාපාර සඳහා උපදෙස් ලබාගැනීම.

සෙන් බුදු දහමේ මූලික ක්‍රමවේද භාවිතය

කළමනාකරුවන්ගේ මෙන්ම ව්‍යවසායකයින්ගේද නිර්මාණශීලීබව හා ඵලදායීබව වර්ධනය කිරීම සඳහා සෙන් බුදු දහමේ දැක්වෙන මූලික ක්‍රමවේද භාවිතය.

එක් මනසක සිට තවත් මනසකට සන්නිවේදනය

චිත්ත ඒකග්‍ගතාව මගින් උපදවා ගත් අධි මානසික ශක්තින් භාවිතයෙන් එක් මනසක සිට තවත් මනසකට සන්නිවේදනය වීම.

මෙවන් සංකල්ප හා ක්‍රමවේදයන් භාවිතයෙන් පුද්ගල හා ව්‍යාපාර සංවර්ධනය කිරීම පිළිබඳ අගනා පර්යේෂණ ඇමරිකානු හා යුරෝපීය විශ්ව විද්‍යාල බොහොමයක පවත්වාගෙන යයි. ඇමෙරිකාවේ ඇරිසෝනා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය බැරනොවිස්කි (Baranovski) කළ පර්යේෂණයන්ට අනුව සෑම මිනිසෙකුගේම ශරීරයෙන් නිකුත් වන නමුත් පියවි ඇසට නොපෙනෙන කිරණ (Aura) කොටසක් ඇත. මෙම කිරණ කිරිලියන් (kirilliyan) ඡායාරූප මගින් දර්ශනය කළ හැක. මිනිස් සිරුරෙන් නිකුත් වන මෙම කිරණවල වර්ණය හා දිග චරිතය හා සිතුම් පැතුම් අනුව වෙනස් වේ.

මනස දියුණු කළ අයට මෙම කිරණ කිරිලියන් ඡායාරූප ක්‍රමය නොමැතිව බලා ගත හැක. මෙම සංකල්පය ව්‍යාපාර කළමනාකරණය සඳහා ඉතා සාර්ථකව යොදා ගත හැකිය.

උදාහරණයක් ලෙස සේවකයන් බඳවා ගැනීමේදී ඔවුනගේ සිරුරෙන් නික්මෙන කිරණවල ස්වභාවය බලාගත හැකි නම් ඔවුන්ගේ ගති පැවතුම්වල දක්ෂතා හා මානසික තත්ත්වය ඉතාම නිවැරැදි ලෙස නිර්ණය කළ හැකිය.

එමෙන්ම මහාචාර්ය බැරනොවුස්කිගේ ඉගැන්වීම් අනුව අපගෙන් නික්මෙන කිරණ සුදු, ලා නිල් ලා රෝස බවට පරිවර්තනය කළ හැකි නම් (මෙය අධ්‍යාත්මය දියුණු කිරීමෙන් කළ හැකි දෙයකි) එම කිරණ වෙනත් අය වෙත යොමුකර ඔවුන්ගේ මනස හා විඥානය වෙනස් කළ හැකිය. මහාචාර්ය බැරනොවුස්කි ලෝකය බොහෝ තැන්වලට ගොස් නොයෙක් අයගේ සිරුරෙන් නික්මුණ කිරණ පරික්ෂා කර ඇත. ඔහු පවසන අන්දමට වත්මන් ලෝකයේ අති සුවිශේෂ කිරණ මාලාවක් නිකුත් වන්නේ භගවාන් ශ්‍රී සත්‍ය සායි බාබාතුමන්ගේ සිරුරෙනි. ඒ කිරණ මාලාව ලා රෝස පැහැති වන අතර ඇසට නොපෙනෙන මානය දක්වා පැතිර යන බව  බැරනොවුස්කි සඳහන් කර තිබේ.

සේවකයන් බඳවා ගැනීමේදී ඔවුනගේ සිරුරෙන් නික්මෙන කිරණවල ස්වභාවය බලාගත හැකි නම් ඔවුන්ගේ ගති පැවතුම් වල දක්ෂතා හා මානසික තත්ත්වය ඉතාම නිවැරදි ලෙස නිර්ණය කළ හැකිය.

පෙරදිග උපත ලැබ, බටහිර ජාතීන් වත්මනෙහි බෙහෙවින් භාවිතා කරන මෙම අධ්‍යාත්මික ක්‍රමවේදයන් සියල්ලේම පදනම එකකි. එනම් විවිධ ක්‍රම මඟින් මිනිසා තුළ විභව ගත අසීමිත බලය පුබුදුවාගෙන ඔහු ඵලදායි මෙන්ම කාර්යක්ෂම අයකු බවට පත් කිරීමය. මෙම ක්‍රියාවලිය රූප සටහනෙන් දක්වා ඇත.

මෙතෙක් කල් ව්‍යාපාර දියුණුව සඳහා බාහිර කුසලතා මත විශ්වාසය තැබූ බටහිර වැසියන් දැන් දැන් මිනිසා තුළ විභව ගතව පවතින අභ්‍යන්තර ශක්තිය කෙරෙහි විශ්වාසය තැබීම ඇත්තෙන් ම ආශ්චර්යයකි. ගැඹුරු පර්යේෂණයන්හි යෙදෙමින් පෙරදිගින් බිහි වූ දැනුම විද්‍යාත්මක පදනමක් මත ව්‍යාපාරික හා පෞද්ගලික දියුණුව සඳහා උපයෝගි කර ගැනීම අතින් අවරදිග වැසියන් අපට වඩා බොහෝ ඉදිරියෙන් සිටිති.

උදාහරණයක් ලෙස ශ්‍රී ලාංකික බොහෝ දෙනා තම යහපත උදෙසා බෝධි පූජාවක් පවත්වන සැටි සලකා බලමු.

බොහෝවිට බෝධි පූජාවක් (හෝ දේව පූජාවක්) පැවැත්වීමේදී වන්නේ බෝධියෙන් නිකුත්වන ශක්ති කිරණ මඟින් තම හට සෙතක් සලසා ගැනීමට ප්‍රාර්ථනා කිරීමය. බෝධි පූජා පවත්වන බොහෝ අය තුළ ඇත්තේ, බෝධියේ ඇති, බෝධියෙන් නිකුත් වන ශක්තිය කෙරෙහි විශ්වාසයක් මිස තමා තුළ විභව ලෙස පවතින ශක්තිය පිළිබඳව විශ්වාසයකින් නොවේ. එහෙයින් අප අපගේ සිතුවිලි හා ගති පැවතුම් ගැන නොතකන බාහිර යේ පවතින දේවලින් ශක්තිය ලබා ගැනීමට උත්සුක වීම ය. මෙය අසාර්ථක කාර්යයකි. මෙවන් පූජාවකදී අවශ්‍යවන්නේ බෝධියෙන් තරංග හා අපගේ සිතුවිලි තරංග එකම කම්පන මට්ටමකට  එකම තරංග ආයාමයට ගෙනඒමයි. මේ සඳහා අනිවාර්යයෙන් කළ යුතු, පිළිපැදිය යුතු පියවර කීපයක් ඇත.

සිත මෙත් සිතුවිලිවලින් පුරවා ගැනීම.

ඉතා ම උසස් වන්නේ සියලු බැඳීම් ඇලීම්වලින් තොරව උපේක්ෂා සහගත මෛත්‍රියයි.

සියලු මත්ස්‍ය මාංශ ආහාරවලින් වැළකීම

මස් මාංශ ශරීර ගතවූ විට සිරුරේ ඇතිවන කම්පන රළු බවට පත්වන බවත් එනිසාම එනිසා ම අධ්‍යාත්මික තරංග වලට බාධා වන බවත් හින්දු වේද ග්‍රන්ථයන්හි දැක්වේ.

බෝධියේ හා බුදුන් වහන්සේ වහන්සේගේ ගුණ සිහිපත් කරන්න.

බෝධියේ හා බුදුන් වහන්සේ වහන්සේගේ (ඔබ අන්‍යාගමිකයකු නම් ඔබ ශාස්තෘවරයාගේ) ගුණ සිහිපත් කරන්න.

මෙය බෝධියක් අභියස නොව ඔබට අදාල පූජනීය ස්ථානයක කරන්න. ගුණ සිහි කරමින්,  නිසසලව මනස තුළට ඒ ගුණ සමුදාය ගෙන එන්න. මෙසේ යම් වේලාවක් සිට අවශ්‍ය ප්‍රාර්ථනය කරන්න. අවසන් වශයෙන් අප මතක තබා ගත යුත්තේ බාහිර බලවේගයන් හෝ ප්‍රභවයන් අපට අවශ්‍ය වන්නේ අපගේම අභ්‍යන්තර ආධ්‍යාත්මික ශක්තිය වඩවා ගැනීමට මිස අභ්‍යන්තරයෙ තව තවත් කුණු කසල ගොඩ ගසමින් බාහිරයෙන් උදව්පදව් ලබාගැනීම සඳහා නොවන බවයි.

බාහිර බලවේගයන් හෝ ප්‍රභවයන් අපට අවශ්‍ය වන්නේ අපගේම අභ්‍යන්තර ආධ්‍යාත්මික ශක්තිය වඩවා ගැනීමට මිස අභ්‍යන්තරයෙ තව තවත් කුණු කසල ගොඩ ගසමින් බාහිරයෙන් උදව් පදව් ලබාගැනීම සඳහා නොවේ.

Photo by meo from Pexels

අත්වැල ව්‍යාපාරික සඟරාවේ 1998-12 කලාපයෙනි

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Blog at WordPress.com.

Up ↑

%d bloggers like this: