ඔවුන් කරන දේ අපි කරන දේට වඩා වෙනස් වෙන්නේ කොහොමද?
රිච් හැබිට්ස්: ධනවතුන්ගේ දෛනික සාර්ථකත්ව පුරුදු (Rich Habits: The Daily Success Habits of Wealthy Individuals) කතෘ ටොම් කොර්ලි වසර පහක් තිස්සේ මිලියනපතියන් 233ක් අධ්‍යයනය කළා.
බොහෝ මිලියනපතියෝ ඔවුනගේ ධනය–මුල්‍ය මෙන්ම තම ශක්තීන් දක්ෂතා–
ප්‍රවර්ධනය කරන්නේ උදෑසනයි. ඔවුන් උදෑසන ස්වයං සංවර්ධනයට සහ ඔවුනගේ ධනසම්භාරය ගොඩනැගීමට කාලය ගත කරනවා.
භාවනා කරනවා.
ඔවුන් පුද්ගලික දිවියේ, රැකියාවේ, ව්‍යාපාරයේ මුහුණ දෙන බාධක, ගැටළු, අභියෝග ජයගැනීමට ක්‍රම සොයනවා (brainstorming).
ඔවුන් තම දැනුම දියුණු කරගැනීමේ අරමුණින් කියවනවා.
දත්ත කියවීම යයි මෙයට කියන්න පුළුවන්. අරමුණ ඔවුන් සතු දැනුම්සම්භාරය (knowledgebase) ගොඩනගා ගැනීම.
තම මනස ජයග්‍රාහී මට්ටමකට ගොඩනගා ගැනීමට ඔවුන් තමා දිරිමත් වන, උද්යෝගය වැඩෙන දේද කියවනවා. මෙය ඉතාම වැදගත්.
ඔබ සුභවාදී ආකල්පයකින් ඉදිරිය බලයි නම් ඔබගේ සාර්ථක වීමේ සම්භාවිතාව බොහෝ ඉහලයි අසුබවාදීව ලොව දකින කෙනෙකුට සාපේක්ෂව.
මෙම සුබවාදී ඉහල මානසිකත්වය ගොඩනගා ගැනීමට කළහැකි එක දෙයක් තමයි භාවනාව. අනෙක උද්යෝගීමත් වීමට අදාළ දේවල් කියවීම.
Leave a Reply