මානව සම්පත් උපදේශක ජයදේව ද සිල්වා විසිනි
සාර්ථක දිවියක් සාදා ගැනීමේදී මේ කුමන ක්‍රමය යොදාගැනීම සුදුසු දැයි ඔබම තීරණය කරන්න.
ක්‍රමය 01: පැහැදිලිවම තීරණයක් ගැනීම
කණ්ඩායමක් හෝ හවුල්කරුවෙකු සමඟ තීරණයක් ගැනීමට එක් ක්‍රමයක් නම් පැහැදිලිවම තීරණයක් ගැනීමයි.
අයවැයක් සදා, ගණනයන් නිම කොට, අවදානම් සහ විකල්පයන් සොයා බලා අභිප්රායයන් තීරණය කරන්න. ඉන්පසුව නිසි පරිදි ක්‍රියාත්මක වන්න. වැරදුනොත් කම් නැත. එයට හේතුව සොයා බලා නිවැරදි කරගත හැකිවේ.
ක්‍රමය 02: “ක්‍රියා කරන්නකු” සේ හැසිරීම.
අනෙක් ක්‍රමය නම් ඔබේ ඉදිරි ගමන වෙහෙසට පත් කරන්නක්! එනම් ඔබ සිතීම පැත්තක දමා, හුදු “ක්‍රියා කරන්නකු” (action man/woman) සේ හැසිරීමය.
මෙහිදී ඔබගේ අනුමාන කිරීම් බහුලයි. අදාළ කරුණු සොයාගන්නට උවමනාවක් නොමැත. ඒවා සඟවයි. අනාගතය සහ ප්‍රතිපල ගැන ඔබේ බිය ඔබෙන්ද අනුන්ගෙන්ද සඟවයි. සැබෑ ගැටළු ගැන කතා කිරීමෙන් වළකියි. භයානකම දේ ඉදිරියේදී ඒ සියල්ල ඔබට තේරුම් ගැනීමට හැකි වේ යැයි සිතීමය.
ඔබ ඉන්න වාතාවරණයේ අපහසුතාවය දැනෙන විටත් තවදුරටත් එහිම සිටීමට ඇත්තෙන්ම පෙළඹෙන විට, ඔබේ ඉදිරි ගමනට බ්රේක් එක දැමේ. ඉදිරි ගමනේ අවසානය එයයි. කළ යුතු දේ හදිසි සහ සුදුසු යැයි හැඟේ නම් එය ඉතා කලාතුරකිනි.
ඔබ කුමන ක්‍රමය තෝරාගත යුතුද?
අධ්‍යාපන කටයුතු වලදී, රැකියා මගක් තෝරා ගැනීමේදී, ලැබුණු රැකියාවේ ඉහලට යාමේදී මෙන්ම පුද්ගලික දිවියේ සබඳතා සහ ආදර සබඳතා වලදීද, විවාහ සහයකයා හෝ සහයිකාව සමග එක්ව දිවිය ගොඩනගා ගැනීමේදීද, දිවියේ බරපතල තීරණ ගැනීමේදීද ඔබ තෝරාගන්නේ කුමන ක්රමයද යන්න තීරණය ඔබ අතේ.
එලෙසම, ව්‍යාපාරික අදහසක් තෝරා ගැනීමේදී, එම අදහස සංවර්ධනයේදී, ව්‍යාපාරික සැලසුමක් සාදාගැනීමේදී (හෝ නොගැනීමෙදී) මෙන්ම එදිනෙදා ව්‍යාපාරික කටයුතු කරගෙනේයාමේදීද ඔබ ගන්නා තීරණ කුමන ක්‍රමයට ගන්නටත් ඔබට හැකිවේ.
ජීවිතයේ සාර්ථකත්වය පතන බුද්ධිමත්ව කටයුතු කරන කොයි කාටත් විවෘත වන්නේ ඉහත ක්‍රම දෙකෙන් එකක් පමණි. ඔබේ තේරීම ප්‍රවේශමෙන් කරන්න.
එනමුත්, ජීවිතයේ සාර්ථකත්වය පතන කොයි කාටත් බුද්ධිමත්ව කටයුතු කරන කොයි කාටත් විවෘත වන්නේ ඉහත ක්‍රම දෙකෙන් එකක් පමණි. ඔබේ තේරීම ප්‍රවේශමෙන් කරන්න.
Jayadeva de Silva.M.Sc, FIPM, FITD | Tel: 077 7272295 | Email: djayadeva@gmail.com
Photo by Elizaveta Dushechkina from Pexels
Leave a Reply