සම්මුඛ පරීක්ෂණයකට සහභාගි වන විට සිත තබා ගත යුතු කරුණු 11ක්

සේවායෝජකයන් අපට කියාවි ඔවුන් කැමති අවංක සේවකයන් බඳවා ගැනීමට කියා. එය එසේ විය හැකියි.
නමුත් සම්මුඛ සම්මුඛ පරීක්ෂණයකට සහභාගි වන අය සැමදෙනා සිත තබා ගත යුතු කරුණු කිහිපයකි මේ.

ඔබගේ සුදුසුකම් සහ කුසලතා ගැන ඉතා ඉහළින් සිටින සමාගම් පවා මෙවැනි දේ ඇසුණොත් ඔබව රැකියාවට බඳවා ගැනීම ගැන දෙවරක් සිතාවි. එබැවින් රැකියා සම්මුඛ පරීක්ෂණවලදී හොඳින් සිතා බලා කතා කරන්න පුරුදු වෙන්න.

මෙහි දැක්වෙන ඔවදන් පිළිගත්තොත් ඔබට හොඳ ආයතනයකට ඔබට ගැළපෙන රැකියාවක් ලබා ගැනීම පහසු වේවි. සුදුසුකම් සහ කුසලතා තිබියදීත් කට වරද්දා ගැනීමෙන් රැකියාව නොලැබී යාමට ඉඩ සලසන්න එපා.

1. තමා ගැන අසුබවාදී ආකාරයෙන් කතා නොකරන්න.

මෙයා කොයි කාටත් පැහැදිලි යථාර්ථයක් බව පෙනුනත් ්‍රශ්නයක් ඇසූවිට බොහෝදුරට රැකියා සොයන්නන් තමාට කළ නොහැකි දේ ගැන බොහෝ කතා කළත් කළ හැකි දේ ගැන නිවැරදිව කතා කරන්න පසුබට වෙනවා. තමා හට ආයතනයට යම් අගයක් එක් කළ හැකි කොයි ආකාරයෙන්ද යන්න සිතා-බලා කිවීම ඔවුන්ට අපහසුයි.
ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මුලින්ම රැකියාවේ තමාට අභියෝගයක් විය හැකි අංශ ගැන කතා නොකර තමාට ඉතා පහසුවෙන් කළ හැකි දේ ගැන කතා කරන්න. ඔබ දෙන සෑම පිළිතුරක් තුළින්ම ආත්ම විශ්වාසය සහ සුබදායි ආකල්පය ඉදිරියට එන විදිහට කතා කරන්න.

2. පසුගිය සේවායෝජකයන් ගැන විවේචන කරන්නට එපා.

කිසි දින ඔබගේ පසුගිය සේවායෝජකයන් ගැන විවේචන කරන්නට එපා. ඔබගේ රැකියාව හෝ සේවායෝජකයා හෝ ඔබගේ කළමනාකරු ගැන අසුබවාදී දේ කතා නොකරන්න. මෙසේ හැසිරීමෙන් ඔබ පෙන්වන්නේ කුමන තත්ත්ව යටතේ හෝ ඔබට සුභවාදීව සහ වෘත්තිමය ආකාරයෙන් හැසිරීමට හැකි බවයි.

ඔබ පෙර සේ සේවය කළ ආයතනයක් විවේචනය කරන විට ඔබව ඔබ හා සම්මුඛ පරීක්ෂණයේ යෙදෙන කළමනාකරුවෝ මානව සම්පත් කළමනාකරු සිතාවි මේ පුද්ගලයා අප ගැන ගිහින් මොනවා කියයිද කියා. එම අදහස ඔවුන්ගේ හිතට එන කිසිම දෙයක් සම්මුඛ පරීක්ෂණයේදී නොකියන්න වගබලා ගන්න. සැමවිටම සුබවාදීව වෘත්තිමය ආකල්පයකින් යුතුව කතා කරන්න.

3. රැකියාව ගැනත් ඔබගේ වගකීම් ගැනත් උනන්දුවක් නොමැතිබව අඟවන්න එපා.

රැකියාව ගැන සහ එහි අන්තර්ගතය ගැනත් ඔබගේ වගකීම් ගැනත් එතරම් උනන්දුවක් නොමැතිබව කිසි විටක අඟවන්න එපා. මෙහිදී වැදගත් වන්නේ ඔබ කියන වදන් පමණක් නොවේ. ඔබ ඒ දේ කියන ආකාරය සහ ශරීර අංග චලන ද මෙහිදී ඔබ සිතන සැබෑ අයුර ගැන ඉඟියක් ඔබ ඉදිරියේ සිටින අයට ලබාදේවි. එබැවින් ඔබ කියන කරන හැම දේම ගැන ප්‍රවේශමෙන් සිටින්න.

උදාහරණයක් වශයෙන් ඔබ මම මේ රැකියාව ගැන බොහෝ උනන්දුයි කියා කියන අතර කිසි සිනාවක් නොපා, ඔබට සවන්දෙන්නාගේ දෑස් දෙස නො බලා ඉවත බලාගෙන එය කීමෙන් ඔබගේ වංක බව ඔවුනට පෙනී යාවි. එමඟින් ඔබ ඔවුනට කියන දේ ගැන ඇති විශ්වාසය සහ ඔබ ගැන ඇති උනන්දුව අඩු වෙන්නට පුළුවන්.

4. වේතනය ගැන මුලින්ම කතා කරන්නට ඔවුනට ඉඩදෙන්න.

අනෙක් අය රැකියාවේ වේතනය ගැන කතා කරන්නට පෙර ඔබ ඒ ගැන කතා කිරීමෙන් වලකින්න.
මුලින්ම වේතනය ගැන කතා කළ අනතුරුවත් රැකියා ලැබුණු අය සිටිනවා. නමුත් ප්‍රශ්නය මුලින් අසන්නට ගිහින් රැකියා අවස්ථා නැති කරගත් අය ගණන ඊට වඩා බොහෝයි.

5. ඔබගේ සම්මුඛ පරීක්ෂණයේ සාර්ථක අසාර්තකබව ගැන විමසීමෙන් වළකින්න.

පොදුවේ බොහෝ අවස්ථාවල ප්‍රතිපෝෂණයක් බලාපොරොත්තු වීම සහ ඒ ගැන විමසීම හොඳ වුවද සම්මුඛ පරීක්ෂණය අවසානයේ එසේ නොකළ යුතුය. ඔබ එහිදී හැසුරුණු ආකාරය ගැන ඔවුන්ගෙන් ඇසීම, මා ගැන හොඳ අදහසක් මම ලබා දුන්නාද වැනි දේ ඇසීම අනිසි ප්‍රශ්නය. එමඟින් නරකක් මිස හොඳක් වන්නට ඇති අවස්ථා බොහෝ අඩුයි.

6. සම්මුඛ පරීක්ෂණයේදී පුද්ගලික තොරතුරු කතා නොකරන්න.

ඔබගේ සම්මුඛ පරීක්ෂණයේදී පුද්ගලික තොරතුරු කතා නොකරන්න. ප්‍රශ්නයක් ලෙස ඉදිරිපත් වුවහොත් මිස විවාහක අවිවාහකභාවය, පවුල, දරුවන් වැනි කරුණු පිළිබඳ කතා කිරීම සුදුසු නැත.

සම්මුඛ පරීක්ෂණයේදී ඔබෙන් ප්‍රශ්න අහන අය අපේක්ෂා කරන්නේ ඔබට කුමන ආකාරයෙන් මෙම රැකියාවේ වගකීම් ඉටු කළ හැකිද යන්න ගැන අදහසක් ලබා ගැනීමටයි. ඔබට මෙම රැකියාවට යම් අගයක් එකතු කිරීමේ හැකියාව තිබේද විමසා බැලීමටයි.

7. මෙම පුරප්පාඩුව ඇති වුණේ ඇයි දැයි අසන්න එපා.

මට පෙර මේ රැකියාව කළ කෙනා එය දමා ගියේ ඇයි යන්න විමසීමද අනිසි දෙයකි. මෙම රැකියාව හිණි පෙත්තක් කරගෙන ඉහලට යෑමට අවස්ථාව තිබේද යන්න විමසා දැනගන්නට ඔබට අවශ්‍ය නම් “මගේ වගකීම් මා විශිෂ්ට අයුරින් ඉටු කළේ නම් මෙම රැකියාවෙන් ඉහළ යෑමට ඇති අවස්ථා මොනවාදැයි” අසන්නට ඔබට හැකියි.

8. ඔබේ රැකියාවේ වගකීම් සහ සහ ආයතනය ගැන සොයා බැලීමට කාලය වැය නොකළ බව හෙළි නොකරන්න.

එය ඕනෑම සේවා යෝජකයෙක් ඔබ ගැන වැරදි ආකල්පයක් ගොඩනඟාගැනීමට පදනම විය හැකියි. ඒ වෙනුවට ඔබ විසින් කළ යුත්තේ රැකියා සම්මුඛ පරීක්ෂණයකට යාමට පෙර ආයතනය එය ක්‍රියාත්මක වන ක්ෂේත්‍රය සහ එම ක්ෂේත්‍රයේ කටයුතු ගැන හොඳ අවබෝධයක් ලබා ගැනීමයි.

9. ඔබට පහසු වන සේ රැකියා කරන කාලය වෙනස් කරගැනීමට ඇති අවස්ථා ගැන විමසන්න එපා.

රැකියාවේ වේලාවන් කුමක්දැයි ඇසීම සාධාරණ ප්‍රශ්නයකි. එනමුත් ඔබට පහසු වේලාවන් වලට සරිලන සේ රැකියා කරන කාලය වෙනස් කරගැනීමට ඇති අවස්ථා ළ ගැන සම්මුඛ පරීක්ෂණයේදී විමසන්න එපා. එවැනි දේ කතා කළ යුතු වන්නේ ඔබට රැකියාව ලබා දීම සඳහා පවත්වන දෙවැනි සම්මුඛ පරීක්ෂණයේදීය.

10. ඔබගේ අත්වැරදීම් හෝ පරාජ ගැන උදාහරණ සොයාගෙන එමගින් ඔබ උගත් පාඩම් මොනවාදැයි විස්තර කරන්නට සූදානම්ව සිටින්න.

බොහෝ වලදී සේවකයාගේ චරිතය මැන ගැනීමේ ක්‍රමයක් හැටියට ඔබ පරාජය වූ අවස්ථාවක් හෝ ඔබ අතින් වැරැද්දක් වූ අවස්ථාවක් ගැන සදහන් කරන්න යැයි ඉල්ලීමක් ඔබ වෙත යොමු කරනු ඇති. මා කවදාවත් පරාජය අත්විඳ නැහැ නැතහොත් මා අතින් කිසි වරදක් සිදුවී නැහැ වැනි දේ කීමෙන් වළකින්න.

කිසිම කෙනෙක් සර්ව සම්පූර්ණ පුද්ගලයෙක් බව හෝ සෑම විටම ජයග්‍රාහී වන බව හෝ ඔවුන් අතින් කිසිම වරදක් සිදු නොවන බව කිසිවෙකු අපේක්ෂා කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් තමා සර්වසම්පූර්ණ පුද්ගලයෙක් යැයි දරන විශ්වාසය ඇති වන්නේ තමාගේ දුර්වලතා නිසි සේ දැකීමට නොහැකි වන අය තුළයි. නැතහොත් මෙය තමා අතින් සිදු වන වැරදි වලට වගකීමක් බාර නොගන්නා කෙනෙකුගේ ලක්ෂණයක් විය හැකියි. නැතිනම් එය තමා අතින් සිදුවන වැරදි සඳහා අනුන් දෙසට ඇඟිලි දිගු කරන කෙනෙක්ගේ ලක්ෂණයක් විය හැකියි. කෙසේ වුවත් මෙවැනි පුද්ගලයෙක් හොඳ කණ්ඩායම් සාමාජිකයෙක් නො වීමේ අවස්ථා ඉහළය. එබැවින් ඔබගේ අත්වැරදීම් හෝ පරාජ ගැන හොඳ උදාහරණ කිහිපයක් සොයාගෙන එමගින් ඔබ උගත් පාඩම් මොනවාදැයි විස්තර කරන්නට නිතරම සූදානම් වී සිටීම සුදුසුය.

11. ඔබේ අභිලාෂකාමී බව පෙන්වන උත්තරයක් ලබාදෙන්න.

ඔබ වසර පහකින් සිටින්නට අපේක්ෂා කරන්නේ කොතනද යන ප්‍රශ්නය කිසිවෙක් ඔබගෙන් ඇසුවොත් හොඳින් හිතා බලා පිළිතුරු දෙන්න. මට අවශ්‍ය ඔබගේ රැකියාවේ සිටීම නැතහොත් ඔබගේ නායකයාගේ රැකියාවේ සිටීම යැයි කීම තුළින් රැකියා ලැබුණු අය සිටියද බොහෝවිට සිදුවන්නේ මෙවැනි පිළිතුරක් දීම තුළින් තමාට ලැබෙන්නට තිබෙන රැකියාව අහිමි වීමය. ඔබ ලබා දෙන පිළිතුර තුළ ඔබ දරන අනාගත අපේක්ෂා මෙන්ම ආයතනයේ අවශ්‍යතා ගැන අවබෝධය තුළින් එයට අගයක් එක් කිරීමට ඔබට ඇති කුසලතා සහ හැකියාව පිළිබිඹු කළ හැකි නම් එය අගනේය.

මීළඟට රැකියා සම්මුඛ පරීක්ෂණයකට පෙනී සිටින ඔබට මේ කරුණු ප්‍රයෝජනවත් වනු ඇත.

ෆෝබ්ස් සඟරාවේ පළකළ ලිපියක් ඇසුරින් සැකසින. සේයාරුව: cottonbro from Pexels

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Start a Blog at WordPress.com.

Up ↑

%d bloggers like this: