Read Our New Corona Curfew Diaries – නව කොරෝනා ඇඳිරිනීති දිනපොත් කියවන්න – DiyunuwaBlog.com

In case you missed our New Corona Curfew Diaries, a series of interviews done during the first wave of COVID-19, here's a chance to check them out. We addressed many areas that are important to DiyunuwaBlog readers such as: Leadership and management, Personal development and learning and Career Paths. But the most important aspect of the interviews was the finding that our attitudes have a lot to do with success in the workplace and in life. ඔබ COVID-19 පළමු රැල්ල කාලයේ අප කළ නව කොරෝනා ඇඳිරිනීති දිනපොත් සටහන් පෙළ කියෙව්වාද?එහිදී අප නායකත්වය සහ කළමනාකරණය, ස්වයං සංවර්ධනය සහ ඉගෙනීම, සාර්ථකත්වයට අදාළ කුසලතා සහ රැකියා මග යන මාතෘකා ගැන කතා කළා. එහිදී පෙනීගිය එක දෙයක් තමයි අපගේ ආකල්පයන් අපගේ සාර්ථකත්වයට මග පාදන හෝ මග අහුරන ආකාරය. DiyunuwaBlog.com

ඇඳිරිනීති සමයේ දෙවැනි උපාධිය අවසන් කරන්නට වෙර දරන රන්දිමා ගෝනවල: නව කොරෝනා ඇඳිරිනීති දිනපොත 07

දැන් අපි ජීවත් වන්නේ ඩිජිටල් යුගයක. ඕනේ තරම් ඔන්ලයින් පාඨමාලා තියෙනවා හදාරන්න. එය අපිට රැකියාවකට සුදුසුකමක් ලැබෙන දෙයක් වෙන්න පුළුවන්. නැත්නම් ජීවන කුසලතා වැඩි දියුණු කරන දෙයක් වෙන්න පුළුවන්. මේ නව වසරේ සුබ මොහොතින් නව කොරෝනා ඇඳිරිනීති දිනපොතේ තවත් පිටුවක් පෙරලන්නට අප හා එක් වුණේ රන්දිමා ගෝනවල. රන්දිමාගේ වයස අවුරුදු 26යි. තොරතුරු තාක්ෂණය පිළිබඳ විද්‍යාවේදී... Continue Reading →

ලාංකික අධ්‍යාපන ක්ෂේත්‍රය අන්තර්ජාලයට ගෙනයන්නට උත්සාහ දරන නිරෝෂන් ගුණතිලක – නව කොරෝනා ඇඳිරිනීති දිනපොත 06

මගේ මුළු අතීතයම හැඩගැසුණේ මා විසින්ම ගත් තීරණ තුළින්. නිරෝෂන් ගුණතිලක අධ්‍යාපන ක්ෂේත්‍රයේ නියුතු ව්‍යවසායකයෙකි. නායකත්ව පුහුණුකරුවෙකි, ඉගෙනීම සහ සංවර්ධනය පිලිබඳ විශේෂිත දැනුමැති අන්තර්ජාලයේ ඉගෙනුම (e Learning) සඳහා අන්තර්ගතය ගොඩනගන්නෙකි. මා Linkedin තුළින් නිරෝෂන්ගෙන් නව කොරෝනා ඇඳිරිනීති දිනපොත වෙනුවෙන් ප්‍රශ්ණ කිහිපයකට පිළිතුරු දිය හැකිදැයි විමසුවේ පසු ගිය මාර්තු 25 වනදාය. දින පහකින්, එනම් මාර්තු 30... Continue Reading →

Niroshan Gunatilaka, An Edupreneur Taking Sri Lankan Education Online: New Corona Curfew Diaries

I know Niroshan Gunatilaka only through LinkedIn. When I invited him to take part in my New Corona Curfew Diaries interviews on 25 March 2020, he agreed. But his responses came only on the 30th of March with an apology about the delayed reply due to a busy schedule. "We launched a new course in... Continue Reading →

නිර්මාණශිලිත්වය සහ අලෙවිකරණය මනා සේ සංකලනය කරන අන්ජුම් කාදර්: නව කොරෝනා ඇඳිරිනීති දිනපොත 05

මගේ පළමු පඩියේ සිටම ආයෝජනය ගැන වැඩි යමක් ඉගෙනීමට මා හට හැකි වුණානම් හොඳයි කියා සිතෙනවා. නව කොරෝනා ඇඳිරිනීති දිනපොතේ තවත් පිටුවක් විචිත්‍ර කරන්නට අන්ජුම් කාදර් මෙසේ අප සමග එක්වුණා. ඈ ඔප්ටිමා ඩිසයින්ස් ආයතනයේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරිනියයි. ඔප්ටිමා ඩිසයින්ස් ආයතනය ඈ 2013 වසරේ ආරම්භ කළේ දැන්වීම්කරණ ක්ෂේත්‍රයේ පුරෝගාමියකු වූ ලිලාමනී බෙන්සන් සමග හවුල්... Continue Reading →

ආධුනික වනජීවී ඡායාරූප ශිල්පී සුරාජ්ඩීන් සෙයියඩ් – නව කොරෝනා ඇඳිරිනීති දිනපොත 04

සුරාජ්ඩීන් සෙයියඩ් තමාව හඳුන්වා දෙන්නේ "මම ආධුනික වනජීවී ඡායාරූප ශිල්පියෙක්" කියායි. ඔහු ශ්‍රී ලංකාවේ සහ පකිස්ථානයේ ඒ.බී. මෞරි සමාගම් අධ්‍යක්ෂවරයෙකි. එබැවින් ඔහුගේ වෘත්තීය  පසුබිම ගැන දැනසිටි මා මේ හැඳින්වීම ගැන විස්මය පළකළ විට ඔහු මෙහෙම කීවා. "නායකයෙකු ලෙස මගේ වෘත්තීය දිවියත්, මගේ පුද්ගලික දිවියත් යන මේ දෙකෙහිම වනජීවී ඡායාරූප ශිල්පියෙක් වීම හා සමාන්තර දේ රැසක් මා... Continue Reading →

නව කොරෝනා දිනපොත 03: රෝයල් ෆර්න්වුඩ් පෝසිලේන් ආයතනයේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක යොෂාන් ප්‍රනාන්දු

මේ ලැබී තිබෙන විවේකය අප නිකරුණේ ගෙවා දැමීම නොකළ යුතුයි. යොෂාන් ප්‍රනාන්දු මගේ මිත්‍රයෙක්. අප හඳුනාගත්තේ අප දෙදෙනා කළමනාකාරීත්ව ගණකාධිකරුවන් ලෙස කූපර්ස් සහ ලයිබ්රෑන්ඩ් (දැන් PwC) ආයතනයේ පුහුණුව ලබන අවස්ථාවේ. වර්තමානයේ ඔහු පෝසිලේන් නිෂ්පාදන ආයතනයක් වන රෝයල් ෆර්න්වුඩ් පෝසිලේන් ආයතනයේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිළධාරියා (CEO) ලෙස සේවය කරනවා. ඇඟලුම් කර්මාන්තයේ වසර 15කට අධික අත්දැකීම්... Continue Reading →

ගයේන්ද්‍ර (විකී) වික්‍රමරත්න සමග සාකච්ඡාවක්: නව කොරෝනා ඇඳිරි නීති දිනපොත 02

විකී වික්‍රමරත්න ලෙසින් මා ඔහු මුළින් හඳුනාගත්තේ ඔහු ගැන අත්වැල ව්‍යාපාරික සඟරාවේ "ඇතුවත් බැරි, නැතුවත් බැරි තාක්ෂණය" නම් තේමාවෙන් මුද්‍රණය කළ 2000 මාර්තු/අප්‍රේල් කලාපයෙන්. "සුවිශේෂ ගණයේ නිර්මාණකරු විකී වික්‍රමරත්න" නම් වූ එම ලිපිය ලියුවේ අත්වැල සඟරාවේ ප්‍රධාන කතෘ වූ මගේ පියා, නිහාල් දිසානායක විසිනුයි. ඔහු එම ලිපියේ හැඳින්වීම ඇරඹුවේ මෙලෙසින්: ඔහු සුවිශේෂ නිර්මාණ ශිල්පියෙකි; පේටන්ට්... Continue Reading →

නව කොරෝනා ඇඳිරිනීති දිනපොත 01: අජිතා කදිරගාමර් සමගින් සාකච්ඡාවක්

"මා හැම විටම මා කරන දෙයට සියයට සියයක් ආයාසයක් යොදනවා. මා කරන දෙයින් විශිෂ්ටයෙක් වීම සඳහා කළ යුතු දෙයින් ඔබ්බටද ගොස් එම දේ කරනවා." අජිතා කදිරගාමර් මා මුළින්ම දුටුවේ 80 දශකයේ රුපවාහිනී තිරයෙන්. දැන් මා වැනිම ෆ්රීලාන්ස් ලේඛිකාවක් ලෙස ස්වයං රැකියාවක යෙදෙන අජිතා අප හැමදෙනාට බොහෝ දේ ඉගනගන්නට හැකිවන ආකාරයේ බොහෝ වටිනා අත්දැකීම් වලින් පොහොසත්වූ... Continue Reading →

නව කොරෝනා ඇඳිරිනීති දිනපොත – හැඳින්වීමක්  (An Introduction to New Corona Diaries)

මෙහෙමයි කතාව. හැමෝම වගේ ගෙදරට වෙලා ඉන්න වෙලාවේ මට හිතුනා මගේ අලුත් මෙන්ම පැරණි LinkedIn මිතුරුමිතුරියන්ගෙන් මාතෘකා කිහිපයක් ගැන අදහස් විමසන්න. ඒක දශකයක් අත්වැල සඟරාව කරමින් මාධ්‍ය ක්ෂේත්‍රයේ ඉන්න කාලේ වැළඳී ඇඳිරි නීතිය එනතෙක් ගතේ සිතේ සැඟවී තිබුන උණක් වෙන්නැති. වෙනදාට අල්ලගන්නවත් බැරි තරම් කාර්යබහුල මේ අයගෙන් කිහිපදෙනෙක්ම මේ අදහසට එකඟ වී තම අදහස් ඉදිරිපත්... Continue Reading →

Start a Blog at WordPress.com.

Up ↑

%d bloggers like this: