"වාසනාව සුදානම් සිතට වඩාත් නැඹුරුවේ", කියා කීවේ ලුයී පාස්චර්ය. ව්‍යාපාරික සැලසුම් සාදන්නට ඔබට උපකාර වන වැඩමුළුවක් පවත්වන්නට සැරසෙන මට, ඔබට ඉතා වටිනා ලිපියක් කියවන්නට ලැබුණේ Harvard Business Review - Management Tip of the Day දෛනික ඊමේල් පණිවුඩය මගිනි. මෙන්න එහි අදහස. ව්‍යාපාරයක් ඇරඹුම පහසු නැත. ඇරඹු ව්‍යාපාරය ප්‍රමාණාත්මකව දියුණු කරගැනීම ඊටත් වඩා දුෂ්කරය. එබැවින් ඔබ... Continue Reading →
ව්‍යාපාරික සැලසුම සාදා ගැනීමේදී ඇතුළත් කළ යුතු අලෙවිකරණ තොරතුරු
ඔබේ ව්‍යාපාරයේ සාර්ථකත්වය ඔබේ අලෙවිකරණය මත රඳා පවතී. එබැවින් ඔබේ ඉලක්ක ගනුදෙනුකරුවන් ගැන හැකි තරම් දැනුවත් වීම වැදගත්ය. ඔබේ ඉලක්ක ගනුදෙනුකරුවන් ඔවුන් කවුද? ඔවුනට අවශ්‍ය (සහ අනවශ්‍ය) මොනවාද? ඔබගේ නිෂ්පාදනයෙන් හෝ සේවාවෙන් විසඳෙන්නේ ඔවුනගේ කුමන ප්‍රශ්නද, හිසරදයන්ද? මේ භාණ්ඩයෙන් හෝ සේවාවෙන් ඔවුන් අපේක්ෂා කරන්නේ මොනවාද? ඔවුනගේ අභිලාෂයන් මොනවාද? මේ සියල්ල ගැන ඔබ ගැඹුරින් දැනගැනීම සාර්ථක අලෙවිකරණ සැලසුමකට ඉතාමත් වැදගත්.
මා හට ව්‍යාපාරයක් කරගෙන යා හැකිද? ව්‍යවසායකත්ව ගුණාංග ඇගයීමේ ප්‍රශ්න මාලාව
ව්‍යාපාරයක් ආරම්භ කර එය සාර්ථකව පවත්වා ගෙන යාමට අවශ්‍ය හැකියාවන් ඔබ තුළ තිබේද? ව්‍යාපාරිකයෙකු වීමට අවශ්‍ය ගුණාංග ඔබට තිබේද? මේ ප්‍රශ්න දෙක දෙස ඔබ ඉතා සැලකිල්ලෙන් බැලිය යුතුය.
කම්පන ශක්තිය
වෙනත් පුද්ගලයින්, තත්වයන් සහ ස්ථාන ඔබ තුළ ප්‍රතික්‍රියාවක් ඇති කරන්නේ නම්, ඔබ සතුවද ශක්තිජනක කම්පනයක් ඇති බව දැනගන්න. ධනාත්මක පුද්ගලයෝ එකට සැරිසරති.
ඒ තරඟය?
අපි අද සිට වෙනස් විදියකට නැවතත් සිතමු
ඔබ ව්‍යාපාරයක් ආරම්භ කළත් රැකියාවක් සොයමින් සිටියත් ඔබට යම් තරඟයක් ඇති වේ.
ඔබට ආරම්භ කිරීමට අවශ්‍ය ව්‍යාපාරය වැනි වෙනත් ව්‍යාපාර බොහෝ තිබේ. එකම රැකියාව සඳහා සම්මුඛ පරීක්ෂණවලට යන වෙනත් රැකියා අයදුම්කරුවෝද රාශියක් සිටිති.
අද සාදාගන්නා හොඳ සැලසුම…
අද සාදාගන්නා හොඳ සැලසුම හෙට සාදාගන්නා සර්වසම්පුර්ණ සැලසුමට වඩා අගනේය.
A good plan today is better than a perfect plan tomorrow.~George S Patton
#lka #SriLanka #businessplan #success #planning
Find a way, not an excuse
If you really want to do something, you'll find a way. If you don't, you'll find an excuse.
#ThinkBigSundayWithMarsha #joytrain #successtrain #lka #SriLanka #motivation #success @Diyunuwa
මට නම් ඇත්ත, ඔබට?
අන් අයගේ කැල්කියුලේටරය මගින් ඔබගේ වටිනාකම ගණනය කිරීම නවත්වන්න. මේ සඳහා ඔබේම "කැල්කියුලේටරය ' භාවිතා කරන්න. එවිට ඔබට සතුටු තෘප්තිමත් ජීවිතයක් ලැබෙනු ඇත. හීනමානය ඔබව නොපෙළනු ඇත.
ඔබගේ තරඟය තිබිය යුත්තේ අන් ය සමග නොව තමා සමගය. අන් අය අභිබවා යන්නට මහන්සි නොවී, ඊයේ ඔබ සිටි තැනට වඩා අද ඉදිරියට යන්නට උත්සහ කරන්න. අනිද්දා, තවත් එතැනින් ඔබ්බට යන්නට උත්සාහයක් දරන්න.
ඔබගේ ජය එවිට මනින්නේ ඔබගේම මිනුම් දඬුවෙනි. ඔබට අවශ්‍ය ආකාරයටය.
අද සාදාගන්න හොඳ සැලසුම… A Good Plan Today…
A good plan today is better than a perfect plan tomorrow.
අද සාදාගන්න හොඳ සැලසුම හෙට සාදගාන්න සර්වසම්පුර්ණ සැලසුමට වඩා අගනේය.
ව්‍යාපාරික සැලසුමක් සාදාගනිමුද? FREE Online Business Plan Workshop – ඔබත් අදම ඔබේ ස්ථානය වෙන් කරවා ගන්න
ඔබ සිහින මවන හෝ ආරම්භ කරන ව්‍යාපාරයට ව්‍යාපාරික සැලසුමක් සාදාගනිමුද?
FREE Business Plan Workshop in SINHALA
මෙහෙයුම:
නිලූකා දිසානායක, ACMA, MBA (Strathclyde)
වැඩසටහන පැවැත්වෙන්නේ 2020 අගෝස්තු 15 සහ 22 දිනවල ප.ව. 4 සිට 5 දක්වා.
වැඩසටහනට සහභාගී වීම සඳහා ඔබේ Whatsapp අංකය ලබා දෙන්න.
අන්තර්ගතය:
ව්‍යාපාරික සැලසුමක අඩංගු තොරතුරු
යෝජිත ව්‍යාපාරයේ වෙළඳපොළ කුමක්ද?
ව්‍යාපාරයේ මුල්‍ය ශක්‍යතාවය තීරණය කිරීම යනාදී
ව්‍යාපාරික සැලසුමක් සාදාගැනීමට උපකාරී වන තොරතුරු.