වොරන් බෆට්ගෙන් නායකත්වය ගැන ඔවදන් 10ක් – 10 Valuable Leadership Lessons from Warren Buffett

පුද්ගලික මුදල් පාලනයේදී මම වොරන් බෆට්ගේ ඉතිරි කිරීමේ සමීකරණය උගන්වනවා. ඒ ගැන වීඩියෝවක් ඔබට ළඟදීම දියුණුව YouTube චැනලයෙන් දැකගන්න හැකි වේවි. ලෝකේ තුන්වෙනියට පොහොසත් කෙනාගෙන් මොනවද අපට ඉගනගන්න තියෙන්නේ කියා අසන අයට පිළිතුරකි මේ. වොරන් බෆට් ගෙන් නායකත්වය ගැන ඔවදන් 10ක්: 1. ඔබ කරන දෙයට ආදරය කරන්න. 2. සාර්ථකව අදහස් ප්‍රකාශ කිරීමට ඉගෙනගන්න. 3. ඔබ... Continue Reading →

ඇඳිරිනීති සමයේ දෙවැනි උපාධිය අවසන් කරන්නට වෙර දරන රන්දිමා ගෝනවල: නව කොරෝනා ඇඳිරිනීති දිනපොත 07

දැන් අපි ජීවත් වන්නේ ඩිජිටල් යුගයක. ඕනේ තරම් ඔන්ලයින් පාඨමාලා තියෙනවා හදාරන්න. එය අපිට රැකියාවකට සුදුසුකමක් ලැබෙන දෙයක් වෙන්න පුළුවන්. නැත්නම් ජීවන කුසලතා වැඩි දියුණු කරන දෙයක් වෙන්න පුළුවන්. මේ නව වසරේ සුබ මොහොතින් නව කොරෝනා ඇඳිරිනීති දිනපොතේ තවත් පිටුවක් පෙරලන්නට අප හා එක් වුණේ රන්දිමා ගෝනවල. රන්දිමාගේ වයස අවුරුදු 26යි. තොරතුරු තාක්ෂණය පිළිබඳ විද්‍යාවේදී... Continue Reading →

ආධුනික වනජීවී ඡායාරූප ශිල්පී සුරාජ්ඩීන් සෙයියඩ් – නව කොරෝනා ඇඳිරිනීති දිනපොත 04

සුරාජ්ඩීන් සෙයියඩ් තමාව හඳුන්වා දෙන්නේ "මම ආධුනික වනජීවී ඡායාරූප ශිල්පියෙක්" කියායි. ඔහු ශ්‍රී ලංකාවේ සහ පකිස්ථානයේ ඒ.බී. මෞරි සමාගම් අධ්‍යක්ෂවරයෙකි. එබැවින් ඔහුගේ වෘත්තීය  පසුබිම ගැන දැනසිටි මා මේ හැඳින්වීම ගැන විස්මය පළකළ විට ඔහු මෙහෙම කීවා. "නායකයෙකු ලෙස මගේ වෘත්තීය දිවියත්, මගේ පුද්ගලික දිවියත් යන මේ දෙකෙහිම වනජීවී ඡායාරූප ශිල්පියෙක් වීම හා සමාන්තර දේ රැසක් මා... Continue Reading →

නව කොරෝනා දිනපොත 03: රෝයල් ෆර්න්වුඩ් පෝසිලේන් ආයතනයේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක යොෂාන් ප්‍රනාන්දු

මේ ලැබී තිබෙන විවේකය අප නිකරුණේ ගෙවා දැමීම නොකළ යුතුයි. යොෂාන් ප්‍රනාන්දු මගේ මිත්‍රයෙක්. අප හඳුනාගත්තේ අප දෙදෙනා කළමනාකාරීත්ව ගණකාධිකරුවන් ලෙස කූපර්ස් සහ ලයිබ්රෑන්ඩ් (දැන් PwC) ආයතනයේ පුහුණුව ලබන අවස්ථාවේ. වර්තමානයේ ඔහු පෝසිලේන් නිෂ්පාදන ආයතනයක් වන රෝයල් ෆර්න්වුඩ් පෝසිලේන් ආයතනයේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිළධාරියා (CEO) ලෙස සේවය කරනවා. ඇඟලුම් කර්මාන්තයේ වසර 15කට අධික අත්දැකීම්... Continue Reading →

ගයේන්ද්‍ර (විකී) වික්‍රමරත්න සමග සාකච්ඡාවක්: නව කොරෝනා ඇඳිරි නීති දිනපොත 02

විකී වික්‍රමරත්න ලෙසින් මා ඔහු මුළින් හඳුනාගත්තේ ඔහු ගැන අත්වැල ව්‍යාපාරික සඟරාවේ "ඇතුවත් බැරි, නැතුවත් බැරි තාක්ෂණය" නම් තේමාවෙන් මුද්‍රණය කළ 2000 මාර්තු/අප්‍රේල් කලාපයෙන්. "සුවිශේෂ ගණයේ නිර්මාණකරු විකී වික්‍රමරත්න" නම් වූ එම ලිපිය ලියුවේ අත්වැල සඟරාවේ ප්‍රධාන කතෘ වූ මගේ පියා, නිහාල් දිසානායක විසිනුයි. ඔහු එම ලිපියේ හැඳින්වීම ඇරඹුවේ මෙලෙසින්: ඔහු සුවිශේෂ නිර්මාණ ශිල්පියෙකි; පේටන්ට්... Continue Reading →

නව කොරෝනා ඇඳිරිනීති දිනපොත 01: අජිතා කදිරගාමර් සමගින් සාකච්ඡාවක්

"මා හැම විටම මා කරන දෙයට සියයට සියයක් ආයාසයක් යොදනවා. මා කරන දෙයින් විශිෂ්ටයෙක් වීම සඳහා කළ යුතු දෙයින් ඔබ්බටද ගොස් එම දේ කරනවා." අජිතා කදිරගාමර් මා මුළින්ම දුටුවේ 80 දශකයේ රුපවාහිනී තිරයෙන්. දැන් මා වැනිම ෆ්රීලාන්ස් ලේඛිකාවක් ලෙස ස්වයං රැකියාවක යෙදෙන අජිතා අප හැමදෙනාට බොහෝ දේ ඉගනගන්නට හැකිවන ආකාරයේ බොහෝ වටිනා අත්දැකීම් වලින් පොහොසත්වූ... Continue Reading →

මැනගත හැකි සිහිනයක් යනු කුමක්ද?

අද අපි සාර්ථක කරගත හැකි සිහිනයක ලක්ෂණයක් වන මැනගත හැකි සිහිනයක් යනු කුමක්ද? ගැන කතා කරමු. එනම් අපේ සිහිනය සැබෑ වුන විටදී මැනගන්න නැතිනම් ඒ ගැන අපට දැනගන්න පුළුවන් වෙන්න ඕන (Measurable). අපි බොහොම පහසු උදාහරණ ගනිමු. ඔබේ සිහිනය සිරුරේ බර අඩු කරගැනීම නම්... ඔබේ සිහිනය සිරුරේ බර අඩු කරගැනීම නම්, කොපමණ කිලෝ ගණනක් අඩු කරගැනීම... Continue Reading →

ඔබේ සිහිනය සැබෑ කරගන්නට දිනයක් යොදා ගන්න

සැබෑ කරගත හැකි සිහිනයක ප්‍රධාන ලක්ෂණයක් එම සිහිනය සැබෑ කරගන්නට දිනයක් තීරණය කිරීම. සිහිනයක් සැබෑ කරගන්නට කැමතිනම් අනිවාර්යයෙන්ම එය සැබෑ වන දිනයක් සිතේ තදින් පැලපදියම් කරගැනීම කල යුතුයි. ඔබේ සිහිනය නව නිවසක් ගැන හෝ තිබෙන නිවස සම්පුර්ණ කරගැනීමට නම් මේ නිවසට ගෙවදින දිනය නිශ්චිත කරගන්න. නැතහොත් සම්පුර්ණ කරගත් නිවසේ සතුටු සාදයක් හෝ බණ දේශනාවක් හෝ... Continue Reading →

ඔබේ සිහිනය සැබෑ කරගන්නට නම් ඔබේ සිහිනය නිශ්චිත විය යුතුයි – To make your dream come true, be specific

මෙය මහා ලොකු සංකීර්ණ දෙයක් නොවේ. කඩේ ගිහින් බිස්කට පැකට් එකක් හෝ බීම බෝතලයක් ගන්නවානම් අපි මුදලාලිගෙන් "බිස්කට් පැකට් එකක් දෙන්න" කියනවද? නැහැනේ. අපි ඉල්ලන්නේ නිශ්චිත දෙයක්. "මැලිබන් මාරි ලොකු පැකට් එකක් දෙන්න" නැතිනම් "මන්චී ටිකිරි මාරි පොඩි පැකට් එකක් දෙන්න" යනාදී විදියටයි අපි අපට අවශ්‍ය දේ ඉල්ලන්නේ. ඉතින් අපේ සිහිනයත් එලෙසම පැහැදිලිව, නිශ්චිතව මනසේ... Continue Reading →

ඔබ මිලියන්පතියෙක් නොවන්නේ මේ නිසාද? Why you are not a millionnaire…

අපගේ ජීවන සිහින බොඳ කරන ප්‍රධාන සාධකයකි දුර්වල මුදල් පාලනය. සාර්ථක මුදල් පාලනයකට යොමු වීමට කැමති අය වෙනුවෙන් විශේෂයෙන් සැකසුන අදහස් පෙළකින් තවත් එකකි මේ. ඔබ මෙයට කැමති නම්, මෙය like කර ඔබේ මිතුරන් හා share කරන්න. #money #personalfinance #success #දියුණුව #දියුණුවYouTubeChannel දියුණුව YouTube චැනලයට සහ Diyunuwa බ්ලොග් එකට පිවිසෙන්න. Diyunuwa Success Group – දියුණුව Facebook කණ්ඩායමට අදම එක්වන්න.... Continue Reading →

Start a Blog at WordPress.com.

Up ↑