නායකත්වය යනු පුද්ගලයකුගේ දැක්ම ඉහළටත් ක්‍රියාකාරිත්වය වැඩි ප්‍රමිතියකටත් චරිතය සාමාන්‍ය සීමා ඉක්මවන්නටත් යොමු කිරීමය. ~පීටර් ඩ්‍රකර්
මිලියනපතියෝ උදෑසන කුමක් කරයිද? Morning Routines of Self-Made Millionaires
ඔවුන් කරන දේ අපි කරන දේට වඩා වෙනස් වෙන්නේ කොහොමද? රිච් හැබිට්ස්: ධනවතුන්ගේ දෛනික සාර්ථකත්ව පුරුදු (Rich Habits: The Daily Success Habits of Wealthy Individuals) කතෘ ටොම් කොර්ලි වසර පහක් තිස්සේ මිලියනපතියන් 233ක් අධ්‍යයනය කළා. https://twitter.com/businessinsider/status/1286229954003378182 බොහෝ මිලියනපතියෝ ඔවුනගේ ධනය--මුල්‍ය මෙන්ම තම ශක්තීන් දක්ෂතා-- ප්‍රවර්ධනය කරන්නේ උදෑසනයි. ඔවුන් උදෑසන ස්වයං සංවර්ධනයට සහ ඔවුනගේ ධනසම්භාරය ගොඩනැගීමට කාලය... Continue Reading →
ඵලදායිබව අධ්‍යාත්මය හා බැඳෙන අයුරු
"ව්‍යාපාර" යනු මුළුමනින්ම බටහිර සංකල්පයක් ලෙසත් අධ්‍යාත්මය පෙරදිග සංකල්පයක් ලෙසත් සැලකීමට අපි නැඹුරු වී සිටිමු. කෙසේ වෙතත් පෙරදිගින් පැන නැගුණ අධ්‍යාත්මික පුනරුදය අප නොදැනුවත්වම බටහිර ජාතිකයෝ තම ව්‍යාපාර දියුණු කිරීම සඳහා උපයෝගි කරගනිමින් සිටිති. ආධ්‍යාත්මය හා ව්‍යාපාර එකිනෙක හා ගැටෙන සංකල්ප යුගලයක් නොවේ.
“ලාංකික අපට කවුරුවත් මුදල් පාලනය උගන්වන්නේ නෑ…”
"ලාංකික අපට කවුරුවත් මුදල් පාලනය උගන්වන්නේ නෑ" කියලා මම කියනකොට මා ඒ ගොඩට අයත් නොවන බවත් අමතක වුණා. පසුගිය දශකයකට වැඩි කාලයක් මා පුද්ගලිම මුදල් පාලන වැඩමුළු කළා. නමුත් ඒ මගේ සේවය සොයා ආ ආයතන වෙනුවෙන්. පොදුවේ හැමෝටම විවෘත වූ අවස්ථා ලැබුණේ නැහැ මේ සඳහා. මවාගත්තෙත් නැහැ. නමුත් මට සිතුනා මේ දැනුම පොදුවේ හැමෝටම වැදගත් නිසා එම දැනුම ඇතුලත් කර YouTube චැනලයක් හදන්න. දියුණුව YouTube චැනලය එයයි. ඔබ මහන්සියෙන් උපයන මුදල් නිවැරදිව, ඔබේ සිහින සැබෑ කරගන්නට යොදාගතයුතු අයුරු දැක්වෙන වීඩියෝ කිහිපයක් එහි තිබෙනවා. ඒවා නරඹා, ප්‍රයෝජනවත් නම් ඔබේ නා මිතුරන් හා බෙදාගන්න. අලුතින් එක වන වීඩියෝ ගැන දැනුවත් වන්නට දියුණුව YouTube චැනලයට subscribe කරන්න.
බොහෝ මිනිසුන්ගේ ආත්ම අභිමානය අඩු වන්නේ ඇයි?
බොහෝ මිනිසුන්ගේ ආත්ම අභිමානය අඩු වන්නේ ඇයි? ඔවුන් කිසි විටෙකත් ඔවුන්ට ඇත්තෙන්ම වටිනා දේ නොකරන බැවිනි. ~ #HumanTalent Unlimitedහි නිර්මාතෘ ජයදේව ද සිල්වා
අමතක කළ නොහැකි ව්‍යාපාරික පරිසරය – සුළු ව්‍යාපාරිකයා කියවිය යුතුම ලිපියකි
ඔබට කොතරම් හොඳ අදහස් තිබුනත්, කොපමණ දක්ෂතා ඔබ සතු වුණත් ඔබේ ව්‍යාපාරයේ කොපමණ සම්පත් තිබුණත් ඔබ ක්‍රියාත්මක වන පරිසරයේ ව්‍යාපාරික අවස්ථා නැතිනම් ඔබට සාර්ථක ව්‍යාපාරයක් ගොඩනගා ගැනීමට හැකි නොවේ. ව්‍යාපාරික පරිසරය අමතක කළ නොහැක්කේ එබැවිනි. එලෙසම, ඔබ ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වයටද ව්‍යාපාරික පරිසරයෙන් විවිධ බලපෑම් එයි. ව්‍යාපාරික අවස්ථා බිහිවන්නේද ව්‍යාපාරික පරිසරයෙනි.
නව මුහුණුවරකින් ඔබ වෙත එන සියවස් සපිරි පුරාණ ව්‍යාපාරය – මග්ගොන මෝනිස් බේකරිය
අත්වැල අප මෝනිස් බේකරිය ගැන විස්තර හොයන්න තීරණය කළේ පැරණි ව්‍යාපාර යටතේ ලිපියක් පිළියෙල කර ඒ ගැන පාඨක ඔබ දැනුවත් කරන්නයි. තම කීර්ති කීර්තිනාමය රටපුරා ප්‍රචලිත කරන්න ඒ කාලේ හිටන්ම මෙවැනි ප්‍රායෝගික ක්‍රම පැරණි ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින්ගේ දූරදර්ශී නුවණැසට හසු වුන බව දැනගැනීමෙන් අපි මහත් සතුටට පත් වුණා.
ඔබේ ව්‍යාපාරය දියුණු කිරීම සඳහා මානව සම්පත් කළමනාකරණය සහ සංවර්ධනය
තමන් යටතේ සේවය කරන්නන්ගෙන් උපරිම ප්‍රතිඵල ලබා ගැනීම සඳහා මෙන්ම ඔවුන් දිරිමත් කිරීම සඳහාද ව්‍යාපාරිකයෙකු විසින් දැනගත යුතු මනෝවිද්‍යාත්මක සිද්ධාන්ත දැක්වීම මෙම ලිපියේ අරමුණයි.