පුද්ගලික මුදල් පාලනය ඔන්ලයින් වැඩමුළුව - Sinhala Workshop on Managing Personal Finances. 2020 දෙසැම්බර් 12, 19, 20, 26 දිනවල 10 සිට 11 දක්වා. Trainer: පුද්ගලික මුදල් පාලනය ගැන වැඩමුළු රැසක් පවත්වා අත්දැකීම් ලද ප්‍රවීණ දේශිකා නිලූකා දිසානායක, ACMA, MBA (Strathclyde) #MoneyTips #saving #Sinhala වැඩිදුර තොරතුරු දැනගැනීමට මෙම Whatsapp කණ්ඩායමට එක් වන්න: https://chat.whatsapp.com/BTQpr9yJjsK2c1qJsoYZgm
“ලාංකික අපට කවුරුවත් මුදල් පාලනය උගන්වන්නේ නෑ…”
"ලාංකික අපට කවුරුවත් මුදල් පාලනය උගන්වන්නේ නෑ" කියලා මම කියනකොට මා ඒ ගොඩට අයත් නොවන බවත් අමතක වුණා. පසුගිය දශකයකට වැඩි කාලයක් මා පුද්ගලිම මුදල් පාලන වැඩමුළු කළා. නමුත් ඒ මගේ සේවය සොයා ආ ආයතන වෙනුවෙන්. පොදුවේ හැමෝටම විවෘත වූ අවස්ථා ලැබුණේ නැහැ මේ සඳහා. මවාගත්තෙත් නැහැ.
නමුත් මට සිතුනා මේ දැනුම පොදුවේ හැමෝටම වැදගත් නිසා එම දැනුම ඇතුලත් කර YouTube චැනලයක් හදන්න. දියුණුව YouTube චැනලය එයයි. ඔබ මහන්සියෙන් උපයන මුදල් නිවැරදිව, ඔබේ සිහින සැබෑ කරගන්නට යොදාගතයුතු අයුරු දැක්වෙන වීඩියෝ කිහිපයක් එහි තිබෙනවා. ඒවා නරඹා, ප්‍රයෝජනවත් නම් ඔබේ නා මිතුරන් හා බෙදාගන්න.
අලුතින් එක වන වීඩියෝ ගැන දැනුවත් වන්නට දියුණුව YouTube චැනලයට subscribe කරන්න.
Animation: How to Spot a Pyramid Scheme
https://www.ted.com/talks/stacie_bosley_how_to_spot_a_pyramid_scheme?utm_campaign=tedspread&utm_medium=referral&utm_source=tedcomshare Stacie Bosley explains what a pyramid scheme is and how to spot one. @TEDTalks @stacieabosley @Diyunuwa
VIDEO: තමන්ට හෝ තම පවුලට බජට් එකක් හදාගන්න පෙරහුරුවක් – Prepare to Mae a Personal or Family Budget
https://youtu.be/naYAWGSTwiU අපේ අතට මුදල් එනවා. එන මුදල් යනවා. බොහෝ වෙලාවට අපි දන්නේත් නැහැ කොහේ යනවද කියලා. එහෙමයි නේද? මේ ඔබට සීමා වූ දුර්වලකමක් නොවේ. බොහෝ අනෙක් අයත් මේ විදියමයි. නමුත් ඔබ මේ ගැන සිත බැලුවොත් ඔබට පෙනේවි මේ විදියට ගිහින් ඔබේ ජීවන සිහින සැබෑ කරගන්නට බැරිබව. අපේ සිහින බොහොමයක් තවමත් සිහින වී තිබෙන්නේ අපට ඒවා... Continue Reading →
තමන්ට හෝ තම පවුලට බජට් එකක් හදාගන්න පෙරහුරුවක් වීඩියෝව සඳහා ආකෘති
https://youtu.be/naYAWGSTwiU තමන්ට හෝ තම පවුලට බජට් එකක් හදාගන්න පෙරහුරුවක් වීඩියෝව සඳහා අවශ්‍ය වන ආකෘති මෙහිදී ලබාගන්නට ඔබට හැකි වේ: බජට් එකක් හදාගන්න පෙරහුරුවක්
මුදල් පාලනය සාර්ථක කරගැනීමට අනිවාර්යයෙන්ම කළ යුතු දේ 5ක්
මුදල් පාලනය සාර්ථක කරගන්න කවුරුත් කැමතියි. මුදල් ඉතිරි කරන්නේ කොහොමද, වියදම් පාලනය කරන්නේ කොහොමද, ලැබෙන ආදායමින් ජීවත් වෙන්නේ කොහොමද, ණය බරින් මිරිකෙන්නේ නැතිව ජීවන සිහින සාර්ථක කරගන්නේ කොහොමද, ඉතිරි කරන මුදල් සාර්ථකව ආයෝජනය කරන්නේ කොහොමද කියන මේ සියල්ල දැනගැනීම වැදගත්. නමුත් කවුරුවත් මේ ගැන අපට උගන්වන්නේ නැහැ. අපි මුලින්ම වියදම් පාලනය ගැන කතා කරමු වියදම් පාලනය... Continue Reading →
ඔබේ ජීවන සිහිනය සැබෑ කරගැනීමට සාර්ථක මගක්
ඉතින් සිතන්න.
ඔබේ මේ සිහිනය සැබෑ කරගන්න අද ඔබ කුමක් කලාද? ඊයේ කුමක් කලාද? ගිය සතියේ හෝ ගිය මාසයේ කුමක් කලාද?