බොහෝ අය පවසනු ඇත්තේ සතුට සාර්ථකත්වයෙන් පසුව එන බවය. ෂෝන් ඇකෝර් මේ අදහසට එකඟ නොවේ. සතුට සහ සාර්ථකත්වය අතර සම්බන්ධය ගවේෂණය කරන ඇකෝර් ලියන ලද පොතකි "The Happiness Advantage: The Seven Principles of Positive Psychology That Fuel Success and Performance in Work". කෙටියෙන් මෙය අපි සන්තෝෂයේ වාසිය ලෙස හඳුන්වමු. සන්තෝෂයේ වාසිය පොතේ කේන්ද්‍රීය අදහස වන්නේ අප පොදුවේ විශ්වාස කරන අයුරට පටහැනිව, සතුට සාර්ථකත්වයට මග පාදන බවයි.