සැසඳීම

මිටි කෙනෙක් උස කෙනෙක් අසලට ගිය විට තමන්ගේ මිටි කම වැටහෙනවා. කෙට්ටු කෙනෙක් මහත කෙනෙක් ළඟට ගියවිට තමන්ගේ කෙට්ටු බව වැටහෙනවා. මෙලෙසින් බොහෝවිට තමන්ගේ අදක්ෂතා වටහාගත හැක්කේ දක්ෂ කෙනෙක් ළඟට ගිය විටයි. ළඟට ගොස් තමන්ගේ අදක්ෂ අඩුපාඩු මඟහරවා ගන්නේ නුවණ තිබෙන අය පමණයි. බොහෝදෙනා තමන් ළඟ දක්ෂතා නැතත් තමන් දක්ෂයෙක් යැයි සිතනවා. දක්ෂ අයට පවා... Continue Reading →

නිරෝගීකම

නීරෝගීකම උතුම්ම ලාභයයි. ලෙඩ වුණාම ආර්ථික දියුණුවත් ආධ්‍යාත්මික දියුණුවත් කියන දෙකම පිරිහෙනවා. අසනීප කම් තියෙනකොට අලුතෙන් ධනය උපයන්නට මහන්සි වීමට අපහසුයි. තිබෙන ධනය ප්‍රතිකාර සඳහා වියදම් කරන්නට සිදුවෙනවා. නිරෝගී කම තිබෙනවා නම් මෙහෙම ආර්ථික හානියක් වන්නේ නැහැ. ලෙඩ දුක් හැදෙන කොට බොහෝ දෙනා මනසින් වැටෙනවා. මනසත් ලෙඩ කර ගන්නවා. ගත ලෙඩ වෙන එක ස්වභාවිකයි. සිත ලෙඩ... Continue Reading →

පිරිසිදු වීම

පවිත්‍රතාව ඉතා වටිනා දෙයක්. හැම දෙනාම තම තමන්ගේ පිරිසිදුකම ගැන පෞද්ගලිකව ම උනන්දු වෙනවා. උදේ පාන්දර අවදි වූ සැණින් දත් මදින්නෙ, මුහුණ සෝදන්නේ, දවල්ට ස්නානය කරන්නේ, සවසට ඇඟ සෝදන්නේ ඒ පිරිසුදුකමට ඇති කැමැත්ත නිසයි. බොහෝ විට ඒ උනන්දුව ගත පිරිසිදු කරගැනීමට විතරයි. ඇතැම් අය සිතනවා තමන් උපතින්ම පිරිසිදුයි කියල. ඒක මිථ්‍යාවක්. කිසිම කෙනෙක් උපතින්ම පිරිසිදු... Continue Reading →

ඉගෙනුම් කුසලතා ලැයිස්තුවක් – A Checklist of Learning Skills

මේ පාඩම් කුසලතා ලැයිස්තුවේ අරමුණ ඔබගේ පාඩම් කුසලතා සහ පුරුදු මෙන්ම පාඩම් පිළිබඳ ආකල්ප ගැන ස්වයං අවබෝධයක්  ලබාගැනීමට ඔබට උපකාර කිරීමයි.

TED කෙටි වීඩියෝව: දවස් 30ක් අලුත් දෙයක් කර බලන්න

https://www.ted.com/talks/matt_cutts_try_something_new_for_30_days?language=si ඔබට බොහෝ කල් සිට කරන්න අදහස් කරගෙන සිටි දෙයක් තිබුණාද? කරන්නට වුවමණා වී නමුත් නොකල? මැට් කට්ස් යෝජනා කරනවා: උත්සහ කර බලන්න දවස් තිහකට, මේ කෙටි සහ සරල කතාව පිළිගන්වනවා ඉලක්ක ඇති කරගැනීමට සහ ඉලක්ක ලඟා කරගැනීමට අපූරු විදිහක්. දේශකයා : හිටපු ගූගල් ඉංජිනේරු මැට් කට්ස් ඔහු වර්තමානයේ ඇමරිකා එක්සත් ජනපද ඩිගිටල් සේවයේ පාලක... Continue Reading →

බැඳීම

ලෝකයේ මොනතරම් දේවල් පැවතී නැති වී යනවා ද? එහෙත් බොහෝ වේලාවට ඒ නිසා අපට දුකක් දැනෙන්නේ නැහැ. එහෙම වන්නේ ඒ දේවල් හා අපේ සම්බන්ධතාවක් නොවන නිසයි. ලෝකයේ මොන තරම් මිනිසුන් මැරෙනවා ඇත්ද? ඒ තුළ අපට දුකක් නොදැනෙන්නේ ඒ මැරෙන අය අපේ නොවන නිසයි. බැරිවෙලාවත් අප දන්නා කෙනෙක් මැරුණාය යන ආරංචිය ලදොත් අපිට දුකයි. ඒ අපට... Continue Reading →

යෞවනය

යෞවනය කියන්නේ මහා දිග පළල ඇති කාලයක් නොවේ. ළමා වියෙන් හා මැදි වියෙන් වටවී ඇති මෙම කාලය ඉතා කෙටිය. දිගාසිරි විඳින හැම කෙනෙක්ම මේ කාලය පහුකරනවා. නමුත් මේ කාලයට අවතීර්ණ වන බොහෝ දෙනා සිතන්නේ තමන් යෞවනය තුළ හැමදාමත් රැඳෙන බවයි. තමන්ට කවදා හෝ වයසට පත් වන්නට සිදුවනවා යැයි බොහෝ දෙනාට සිතෙන්නේ නැත්තේ ඒ යෞවනයෙන් මත්... Continue Reading →

දිනපතාම ඔබ කරන්නට බිය එක දෙයක් කරන්න

දිනපතාම ඔබ කරන්නට බිය එක දෙයක් කරන්න. Each day, do one thing that scares you. That is the way to stretch your comfort zone and to grow. #දියුණුව #success #DiyunuwaYouTubeChannel #choices #සිංහල #Sinhala #comfortzone #grit

ඔබගේ මනස වර්තමානය කෙරෙහිම යොමුකරන්න

"Do not dwell in the past, do not dream of the future, concentrate the mind on the present moment."~Buddha Via @MindCultureGuru #ThinkBigSundayWithMarsha @10MillionMiler @RomanJancic @TheHappyRajSaga අතීතය ගැන නොසිතන්න. අනාගත සිහින නොමවන්න. ඔබගේ මනස වර්තමානය කෙරෙහිම යොමුකරන්න. ~බුදුන්වහන්සේ

ඔබගේ මනසත් කුඩයක් වැනිය

ඔබගේ මනසත් කුඩයක් වැනිය. එය නිසි ලෙස ක්‍රියාත්මක වන්නේ විවෘතව ඇති විටය. එබැවින් නිතරම ඔබේ මනසත් විවෘතව තබාගන්න. #දියුණුව #success #DiyunuwaYouTubeChannel #සිංහල #Sinhala #ThinkBigSundayWithMarsha @RomanJancic @Diyunuwa @MindcultureGuru @TheHappyRajSaga

Start a Blog at WordPress.com.

Up ↑

%d bloggers like this: