සමාජයෙන් බිහිවෙන සමාජයෙන්ම පෝෂණය වන ව්‍යාපාරික ආයතනය ක්‍රියාත්මක වන්නේ ශුන්‍යයක් තුළ නොවේ. සමාජය තුළමය. #Athwela #අත්වැල ව්‍යාපාරික සඟරාව #SmallBusiness #Entrepreneurship
මුලින් එන්නේ සතුටද සාර්ථකත්වයද?
බොහෝ අය පවසනු ඇත්තේ සතුට සාර්ථකත්වයෙන් පසුව එන බවය. ෂෝන් ඇකෝර් මේ අදහසට එකඟ නොවේ. සතුට සහ සාර්ථකත්වය අතර සම්බන්ධය ගවේෂණය කරන ඇකෝර් ලියන ලද පොතකි "The Happiness Advantage: The Seven Principles of Positive Psychology That Fuel Success and Performance in Work". කෙටියෙන් මෙය අපි සන්තෝෂයේ වාසිය ලෙස හඳුන්වමු. සන්තෝෂයේ වාසිය පොතේ කේන්ද්‍රීය අදහස වන්නේ අප පොදුවේ විශ්වාස කරන අයුරට පටහැනිව, සතුට සාර්ථකත්වයට මග පාදන බවයි.
පුරුදුවල බලය හඳුනාගෙන ඔබේ පුද්ගලික සහ ව්‍යාපාරික දිවිය සාර්ථක කරගන්න
අපගේ ඕනෑම නරක පුරුද්දක් බැහැරීමට සහ අපට අවශ්‍ය පුරුද්දක් ගොඩනගා ගැනීම සඳහා වැදගත් වන්නේ පොදු වශයෙන් පුරුදු ක්‍රියා කරන ආකාරය අවබෝධ කර ගැනීමය. #powerofhabit #CharlesDuhigg #habits #success
සකසුරුවම් ජීවන රටාවක් සඳහා අදම ගොඩනගා ගත යුතු අගනා පුරුදු අටක්
සකසුරුවම් දිවියක් ගත කිරීම යනු මසුරු කමින්, මුදල් වියදම් නොකර, ජීවිතයේ රස විඳීමකින් තොරව ජීවත් වීම නොවේ. සකසුරුවම් වීම යනු ඔබගේ වර්තමාන මුල්‍ය තත්වය මනා සේ තේරුම් ගෙන දිගු කාලීන සෞභාග්‍යයක් උදෙසා මුදල් ඉපයීම, වියදම සහ ආයෝජනය පිළිබඳව බුද්ධිමත් තීරණ ගැනීමය.
VIDEO: තමන්ට හෝ තම පවුලට බජට් එකක් හදාගන්න පෙරහුරුවක් – Prepare to Mae a Personal or Family Budget
https://youtu.be/naYAWGSTwiU අපේ අතට මුදල් එනවා. එන මුදල් යනවා. බොහෝ වෙලාවට අපි දන්නේත් නැහැ කොහේ යනවද කියලා. එහෙමයි නේද? මේ ඔබට සීමා වූ දුර්වලකමක් නොවේ. බොහෝ අනෙක් අයත් මේ විදියමයි. නමුත් ඔබ මේ ගැන සිත බැලුවොත් ඔබට පෙනේවි මේ විදියට ගිහින් ඔබේ ජීවන සිහින සැබෑ කරගන්නට බැරිබව. අපේ සිහින බොහොමයක් තවමත් සිහින වී තිබෙන්නේ අපට ඒවා... Continue Reading →
තමන්ට හෝ තම පවුලට බජට් එකක් හදාගන්න පෙරහුරුවක් වීඩියෝව සඳහා ආකෘති
https://youtu.be/naYAWGSTwiU තමන්ට හෝ තම පවුලට බජට් එකක් හදාගන්න පෙරහුරුවක් වීඩියෝව සඳහා අවශ්‍ය වන ආකෘති මෙහිදී ලබාගන්නට ඔබට හැකි වේ: බජට් එකක් හදාගන්න පෙරහුරුවක්
නව කොරෝනා ඇඳිරිනීති දිනපොත – හැඳින්වීමක් (An Introduction to New Corona Diaries)
මෙහෙමයි කතාව. හැමෝම වගේ ගෙදරට වෙලා ඉන්න වෙලාවේ මට හිතුනා මගේ අලුත් මෙන්ම පැරණි LinkedIn මිතුරුමිතුරියන්ගෙන් මාතෘකා කිහිපයක් ගැන අදහස් විමසන්න. ඒක දශකයක් අත්වැල සඟරාව කරමින් මාධ්‍ය ක්ෂේත්‍රයේ ඉන්න කාලේ වැළඳී ඇඳිරි නීතිය එනතෙක් ගතේ සිතේ සැඟවී තිබුන උණක් වෙන්නැති. වෙනදාට අල්ලගන්නවත් බැරි තරම් කාර්යබහුල මේ අයගෙන් කිහිපදෙනෙක්ම මේ අදහසට එකඟ වී තම අදහස් ඉදිරිපත්... Continue Reading →
දිවියේ අසාර්ථක වූ බොහෝ දෙනා… Many of Life’s Failures…
දිවියේ අසාර්ථක වූ බොහෝ දෙනා තමන් උත්සාහය අතහැර දැම්මේ සාර්ථකත්වයට කොපමණ ආසන්න වීදැයි වටහා නොගත්තෝය. Many of life's failures are people who did not realize how close they were to success when they gave up. ~Thomas Edison
හත් වරක් වැටුනොත්… Fall seven times…
"Fall seven times and stand up eight." ~ Japanese Proverb හත් වරක් වැටුනොත් අට වරක් නැගී සිටින්න.
සමහරු දියුණුව ගැන සිහින මවනවා – Some People Dream of Success…
"Some people dream of success while others wake up and work." -- Unknown සමහරු දියුණුව ගැන සිහින මවනවා. අනෙක් අය අවදිව වැඩ කරනවා.