ඔබ දියුණු වෙන්න කැමතිද?

diyunuwa01.nodreams.vangoghquote

ඔබට දියුණු වෙන්න ඕනෑ කොයි අතින්ද?

බොහෝ වැඩමුළු සහ සම්මන්ත්‍රණ වලදී මම මේ ගැන අහනවා. එයට විවිධාකාර පිළිතුරු ලැබෙනවා.

මම ඔබෙන් මේ ප්‍රශ්නයම ඇසුවොත් ඔබ කියන්නේ කුමක්ද?

  • අධ්‍යාත්මික අතින් වැඩි දියුණුව
  • ගතිගුණ, හැසිරීම් හෝ හොඳ පුරුදු අතින්
  • නරක පුරුදු නැතිකරගැනීමෙන්
  • දැනට වඩා මාසික ආදායමක් ලැබීම
  • දැනට වඩා මුදල් සහ වෙනත් වත්කම් අතින්
    (ඉඩකඩම්, ගෙවල්දොරාවල්, වාහන, වෙනත් වත්කම්)
  • විභාග සමත් වීම මගින්
  • අධ්‍යාපනය අතින් වැඩිදියුණුව (තමාගේ හෝ දරුවන්ගේ හෝ පවුලේ අන් අයගේ)
  • රැකියාවක් සොයාගැනීම
  • දැනට තිබෙන රැකියාවේ උසස් වීමක්
  • දැනට වඩා වැඩි වැටුපක්
  • දැනට ජීවිතේ තිබෙන ප්‍රශ්න විසඳා ගැනීම
  • දැනට වඩා මානසික සහනයක්
  • දැනට වඩා මනස දියුණු කරගැනීමට අවස්ථා (භාවනාව, කියවීම යනාදියට)
  • දැනට වඩා පලදායී ලෙස පුද්ගලික කටයුතු කරගැනීමට හැකිවීම
  • රැකියාවේ පලාදයිත්වය
  • රැකියාව ගැන තෘප්තිමත් බව දියුනු කරගැනීම
  • රැකියා ස්ථානයේ ප්‍රසන්න සම්බන්ධතා
  • වඩාත් සමීප, සොඳුරු පුද්ගලික සම්බන්ධතා (relationships)
  • දැනට වඩා ජනප්‍රිය වීම (Facebook friends, Likes, Shares)
  • දැනට වඩා පිළිගැනීමක්
  • දැනට වඩා බලයක් ලැබීම
  • දැනට වඩා හොඳ ජීවන තත්වයක්
  • වෙනත් මොන අතින්ද?

මේ කොයි අතින් ඉදිරියට ගියත් ඔබ දිනුම්.

Leave a comment

Start a Blog at WordPress.com.

Up ↑