භාවනාව තුඹසේ සිටින තලගොයා ඇල්ලීම වැනිය

AchanCha.facebook-photo

තලගොයා තුඹසක් තුළට වැදුණු තලගොයකු අල්ලා ගැනීම සඳහා මිනිසකු දැරූ ප්‍රයත්නය දැක්වෙන උපමාවක් සුත්‍ර පිටකයේ දක්වා ඇත.

තුඹසේ සිදුරු හයක් ඇත. එසේ නම් තුඹස තුලට වැදුණු තලගොයා අල්ලා ගන්නේ කෙසේද?

ඔහු කල යුත්තේ සිදුරු පහක් වසා එක සිදුරක් හැර තැබීමය. ඉන්පසු ඔහු එම සිදුර රැක බලාගත යුතුය. සිදුරෙන් තලගොයා එලියට එනවත් සමගම අල්ලා ගත හැකිය.

මනස ගැන පරීක්ෂා වීමද එබඳුය. ඇස, කණ, නාසය, දිව සහ සිරුර යන පසිඳුරන් වසා මනස පමණක් විවෘතව තැබිය හැක. මෙයින් අදහස් කරන්නේ පසිඳුරන් පාලනය කරගෙන මනස ගැන සුපරික්ෂාව සඳහා විවෘතව තැබීමය.

භාවනාවද තුඹසේ සිටින තලගොයා ඇල්ලීම වැනිය.

උපුටා ගත්තේ කැලේ ගසක් කෘතියෙනි

Leave a comment

Start a Blog at WordPress.com.

Up ↑