වතුර කෝප්පය හිස් කරමුද?

MarcosFlores via pexels

Photo: Marcos Flores via Pexels

වතුර කෝප්පය

මා බලන්නට එන බොහෝ දෙන සමාජයේ උසස් තැන හොබවන අය වෙති. ඔවුන් අතර ව්‍යාපාරිකයෝ, ගුරුවරු, උපාධිධරයෝ හා වෙනත් රජයේ නිලධාරීහු වෙති. ඔවුන්ගේ මනස පිරී පවතින්නේ විවිධ දේ හා සම්බන්ධ මත වලිනි. ඔවුන් අන්‍යයන්ගේ මත ඇසීමට තරම් දක්ෂ වැඩිය. එය හරියට වතුර කෝප්පයක් බඳුය. එම කෝප්පය පිරී ඇත්තේ අපිරිසිදු කුණු වතුර වලින් නම් එයින් ප්‍රයෝජනයක් නැත. එම පිරිසිදු ජලය ඉවත් කිරීමෙන් එම අපිරිසිදු ජලය ඉවත් කිරීමෙන් පසුව හිස් කෝප්පය ප්‍රයෝජනවත් විය හැකිය.

ඔබට හරියට දකින්නට පුළුවන් වන්නේ ඔබ සිතේ බැසගෙන ඇති දුර්මත ඉවත් කිරීමෙනි. අපේ පුහුණුව දක්ෂකම හා මෝඩකම ඉක්මවා යන්නකි. ඔබ ඉතා දක්ෂ, ධනවත්, වැදගත්, එමෙන්ම බුදු දහම ගැන හසල දැනුමක් ඇති බුද්ධිමතෙකු ලෙස සිතතොත් ඔබ අනාත්මභාවයේ සත්‍යය වටහා සිටින්නෙහිය. ඒ මගින් ඔබ පිළිගන්නේ “මමය” “මාගේය” යන ආත්ම වාදයයි. එහෙත් බුදු දහම ආත්මවාදය බැහැර කරයි. තමා ඉතාම දක්ෂ යැයි සිතන අය කිසිදා ඉගෙන නොගනිත්. ඒ අය පළමුව තමාගේ දක්ෂකම් බැහැර කොට “කෝප්පය” හිස් කළ යුතුය.

උපුටා ගත්තේ ඒ.ආර්.එම්.පී. විද්‍යාතිලක සහ ඩබ්ලිව්. සුගතදාස විසින් අනුවාදිත “කැලේ ගහක් – අචාන් චා හිමිගේ උපමා එකතුවකි” කෘතියෙනි.

Leave a comment

Start a Blog at WordPress.com.

Up ↑