පිරිසිදු වීම

Photo by Gabriela Guerino from Pexelsපවිත්‍රතාව ඉතා වටිනා දෙයක්. හැම දෙනාම තම තමන්ගේ පිරිසිදුකම ගැන පෞද්ගලිකව ම උනන්දු වෙනවා. උදේ පාන්දර අවදි වූ සැණින් දත් මදින්නෙ, මුහුණ සෝදන්නේ, දවල්ට ස්නානය කරන්නේ, සවසට ඇඟ සෝදන්නේ ඒ පිරිසුදුකමට ඇති කැමැත්ත නිසයි.

බොහෝ විට ඒ උනන්දුව ගත පිරිසිදු කරගැනීමට විතරයි.

ඇතැම් අය සිතනවා තමන් උපතින්ම පිරිසිදුයි කියල. ඒක මිථ්‍යාවක්. කිසිම කෙනෙක් උපතින්ම පිරිසිදු වන්නේ නැහැ. හොඳට හිතලා බැලුවොත් හැමදෙනාම උපතේදී ලොවට බිහිවන විට කවුද ලේ නොගෑවි, විවිධ අපද්‍රව්‍ය නොගෑවී පැමිණියේ? ඒ අතින් අපි හැමෝම කිළිටියි.

අනෙක් කරුණ නම් හිතේ ඇති කිළිටයි. හිත කිළිටිනම් ගත පිරිසිදු වුණත් ලස්සන නැහැ. අපි ඉපදෙනකොට හිතේ කිළිට තිබෙනවා. හිත පිරිසිදු වන්නේ හොඳ සිතිවිලි වලින්. එනිසා කළ යුතු මේ හිතයි ගතයි දෙකම පිරිසිදුව තබා ගන්නට උත්සාහ කරන එක නේද?

පූජ්‍යපාද තලල්ලේ චන්දකිත්ති ස්වාමීන් වහන්සේ විසින් රචිත සිතිවිලි: සිතන්නට නව මාවතක්  පොත් පිංච ඇසුරෙන්
Photo by Gabriela Guerino from Pexels

Leave a comment

Start a Blog at WordPress.com.

Up ↑