සාර්ථක කරගන්නට පුළුවන් ජීවන සිහිනයක් ලක්ෂණ හඳුනා ගනිමු – A Dream You Can Realize…

Photo by Happy Pixels from Pexels

අද අපි ඔබේ ජීවන සිහිනය සැබෑ කරගැනීමට සාර්ථක මගක් ඉගෙනගනිමු – සාර්ථක කරගන්නට පුළුවන් ජීවන සිහිනයක් ලක්ෂණ හඳුනා ගනිමු.

ඔබේ සිහිනය ගෙයක් හදා ගැනීම වුනත්, නව රැකියාවක් හෝ විභාගයක් සමත් වීම වුනත්, විවාහයට සහකරුවෙකු හෝ සහකාරියක සොයා ගැනීම වුනත් කොයි ආකාරයේ එකක් වුනත්, එක යථාර්තයක් මතක තබාගන්න.

ඔබේ සිහිනය යථාර්තයක් කරගැනීමට ඔබ සතුයි.

ඔබ යමක් කලොත් විතරයි මේ සිහිනය සැබෑ වෙන්නේ. නිකම් හිටන් සිහින මැව්වට සිහින් සැබෑ වෙන්නේ නැහැ. එනිසා ඔබ යම් හෝ අතකින් ක්‍රියාත්මක විය යුතුයි.

ඉතින් සිතන්න.

ඔබේ මේ සිහිනය සැබෑ කරගන්න අද ඔබ කුමක් කලාද?

ඊයේ කුමක් කලාද? ගිය සතියේ හෝ ගිය මාසයේ කුමක් කලාද?

වැඩි දෙනෙක්ගෙන් මෙසේ ඇසුවාම කියන්නේ: මම කිසිවක් කලේ නැහැ කියලා.

ඉතින් ඔබේ සිහිනය සැබෑ කරගන්න ඔබට උවමනාවක් නැතිනම් කාටද උවමනාවක් තිබිය යුත්තේ? ඒ ගැනත් හිතන්න වටිනවා.

ඔබේ  මේ කොයි සිහිනය සාර්ථක කරගන්න වුනත් කලයුතු මුලික දේවල් කිහිපයක් තියෙනවා. අපි මේ මොනවාදැයි විමසමු. දියුණුවට මග සැදෙන්නේ මේ සාධක තුලින්මයි.

ජීවන සිහිනයක් සාර්ථක කරගන්න නම් සැලසුමක් තියෙන්න ඕනෑ. පැහැදිලි ඉලක්කයකට වැඩ කරන්න ඕනෑ.

මේ දේ කරන්නේ කොහොමද?

Pixabay high-angle-view-of-lying-down-on-grass-258330

අපි සාර්ථක කරගන්නට පුළුවන් ජීවන සිහිනයක ලක්ෂණ හඳුනා ගනිමු

  1. අපගේ සිහිනය නිශ්චිත විය යුතුයි. (Specific)
  2. සිහිනය සැබෑ කරගන්නට දිනයක් යොදා ගැනීමත් වැදගත්.. (Time-bound)
  3. සිහිනය සැබෑ වුන විටදී මැනගන්න නැතිනම් ඒ ගැන අපට දැනගන්න පුළුවන් වෙන්න ඕන. (Measurable)
  4. සැබෑ කරගන්නට පුළුවන්, යථාර්තවාදී සිහින විය යුතුයි. (Achievable)
  5. සිහිනය ඔබගේ වර්තමාන දිවියට අදාළ විය යුතුයි. (Relevant)

තවත් විස්තර ඉදිරි දිනයක බලාපොරොත්තු වන්න.

ඔබ මෙයට කැමති නම්, මෙය like කර ඔබේ මිතුරන් හා share කරන්න.

#success #දියුණුව #දියුණුවYouTubeChannel

දියුණුව YouTube චැනලයට සහ Diyunuwa බ්ලොග් එකට පිවිසෙන්න. දියුණුව YouTube චැනලයට subscribe කරන්න.

Diyunuwa Success Group – දියුණුව Facebook කණ්ඩායමට අදම එක්වන්න.
Twitter: @Diyunuwa

දියුණු වන්නට කැමති ඔබ දැන්ම දියුණුව YouTube චැනලයට subscribe කර දියුණුවේ මාවතට පිවිසෙන්න. දියුණුව සොයා ඔබ යන ගමනේ මා  ඔබට ජයග්‍රහණය ප්‍රර්ථනා කරනවා. ඔබට ජය!

Leave a comment

Start a Blog at WordPress.com.

Up ↑