දරුවන්ට පමණක් නොව සැමට වැදගත් සිරිත් මල්දම – ඔවදන් කිහිපයක්

හොඳින් සිතා බැලුවොත් දරුවන්ට පමණක් නොව කොයි වයසේ කොයි කාටත් මේ ඔවදන් වැදගත්ය.
දරුවන්ට ආදරේ ඔබ සැවොම ඔබේ මිතුරන් හා පවුලේ අය සමග බෙදාගන්න.

හොඳ ලෙස හැදීමට
හොඳ සිත ඕනැ හැමවිට
නරක සිත් ඇති විට
නරකමයි සිදුවන්නේ අප හට

නරක සිතකින් නම්
හොඳක් නොකලැකි කිසියම්
හොඳක් නොකෙළේ නම්
උපන් ගතියෙන් නැත පලක් නම්

පව් නම් නරක මය
එයින් දෙ ලොවෙහි දුක මය
පින් නම් උතුම් මය
එයින් දෙලොවෙහි මහත් සැප මය

තමන් පණ ලෙස හැම
සතුන් ගැන සලකා පෙම
ඔවුන් දුටු විලසම
කරන් ආදර ගුණය නොහැර ම

සෙල්ලම් සිතින් වත්
යම් කිසි තරහකින් වත්
මරණ සිතකින් වත්
සතුන් හට වද දීම නොහොබිත්

නොමින් දුක් විඳිමින
අනුන් සෙව් දැන් මිල දැන
හොරෙන් නොගනුව පැන
සිතන කැබිලිති ලෙසින් ඒ ගැන

අනුන්ගෙන් නැතිවුන
දෙයක් ලැබුනොත් යම් දින
එය සඟවා නොගෙන
දෙන්ට කරුණා කරන් සතුටින
ඇම්. ඇල්. සිල්වා ගුරු මුහන්දිරම්තුමා විසින් රචිත
සිරිත් මල්දම කෘතියෙනි

දරුවන්ට ආදරේ ඔබ සැවොම ඔබේ මිතුරන් හා පවුලේ අය සමග බෙදාගන්න.

#දියුණුව #kids #success DiyunuwaBlog.com | @Diyunuwa | Facebook.com/DiyunuwaYouTubeChannel

Leave a comment

Start a Blog at WordPress.com.

Up ↑