
නිහල් දිසානායක විසිනි
සංවිධාන කාර්යය යනු ව්‍යාපාරයක කළ යුතු වැඩ කොටස් විද්‍යානුකූල ක්‍රමයකට එක් එක් සේවකයින්ට පැවරීමයි. ඔබේ ව්‍යාපාරයේ කාර්යක්ෂමතාවයට වැදගත් වන ව්‍යාපාරික කටයුතු සංවිධාන කාර්යය හඳුන්වාදීම මෙම ලිපියේ අරමුණයි.
ශ්‍රී ලංකාව තුළ බලපවත්වන නිතිවලට අනුව ව්‍යාපාරයක හිමිකරුවන් හට ඔවුන් සතු දේපල කැමති ආකාරයකට භුක්ති විඳිමටත්, ඵම අයිතිවාසිකමි සහ බලතල වෙන කෙනෙකුට පැවරිමටත්, අයිනිකරුවන්‌ගේ අවසරයක් නොමැතිව ඵම දේපල වෙන කෙනෙක් භුක්ති විඳීම වැළැක්විමටත් නිත්‍යානුකූල අයිතිවාසිකමක් ඇත.
ව්‍යාපාර හිමියා හට තම ව්‍යාපාරය මෙහෙයවිම සඳහා ලැබෙන අයිතිය රටේ පවත්නා වෙනත් නිතිවලට අනුව සිමා වුවත් තම ව්‍යාපාරයේ අභිවෘද්ධිය වෙනුවෙන් එහි කටයුතු මෙහෙයවිම ඔහුගේ පරම යුතුකමයි. මේ අනුව වනපාරයේ අරමුණු ඉටු කර ගැනීම සඳහා ව්‍යපාරය සතූ සමිපත් මෙහෙයවීම ව්‍යාපාර හිමියකු හිස මත පැටවෙන ප්‍රධාන වගකිමයි. ව්‍යාපාරයේ සියළුම කටයුතු ව්‍යාපාර හිමියා හට තනිවම කළ නොහැකි නිසා එම කටයුතු සතුටුදායක අන්දමින් ඉටු කිරීම සඳහා වෙනත් සේවකයින් බඳවා ගනි.
ව්‍යාපාරයේ අරමුණු ඉටු කර ගැනිම සඳහා ව්‍යාපාරය සතු සමිපත් මෙහෙයවීම ව්‍යාපාර හිමියකු හිස මත පැටවෙන ප්‍රධාන වගකීමයි.
ක්‍රියාවලිය එක් එක් කාර්යයන්ට බෙදිම
වැටුප් ලබන සේවකයින් හට හෝ ව්‍යාපාරයේ අනිකුත් අයිතිකරැවන් අතර වැඩ කොටස් කර බෙදා දිම ව්‍යාපාරික කටයුතු සංවිධානය කිරීම වශයෙන් හැඳින්‌වේ.
සංවිධානය කිරිමට කළමනාකාරිත්ව ක්‍රියාවලියේ ඉතා වැදගත් ස්ථානයක් හිමි වේ. එම කාර්යය තේරැමි ගැනිමේ පහසුව සඳහා පහත සඳහන් අනු කොටස්වලට බෙදීය හැකිය:
- ව්‍යාපාරික ආයතනයේ අරමුණු ඉෂ්ට කර ගැනීමට කළ යුතු කාර්යයන් අනු කොටස්වලට බෙදා නිශ්චිත කිරීම.
- ඒ ඒ කාර්යයන් වෙන් වෙන් වශයෙන් පුද්ගලයින්ට පැවරීම.
- වැඩ පවරන ලද පුද්ගලයින් අතර ඇති අන්තර් සේවක සම්බන්ධතාවය නිශ්චිත කිරිම.
ඕනැම සංකීර්ණ කාර්යයක් ක්‍රියාත්මක කිරිමේ දී කාලය අනුව හෝ වෙනත් ආකාරයකින් හෝ අනු කොටස්වලට කැඩිය හැක.
පුටුවක් සෑදීම උදාහරණයක් වශයෙන් ගතහොත් වඩු මඩුවේ දී සිදුවන්නේ පුටුවට අවශ්‍ය සැලසුමක් පිළියෙල කිරිම, එම සැලසුමට අවශ්‍ය ලී දඬු සකසා ගැනිම, ලී දඬු අවශ්‍ය අන්දමට කපා සවි කිරීම, සවි කරන ලද පුටුව අවසාන කිරීම සඳහා එය පිරිසිදු කිරීම, ඉන් පසු පාට වර්ගයක් ගා අවසාන කිරීම වැනි කාර්යයන් රාශියකි.
ඉහත සඳහන් කරන ලද, එක් එක් කාර්යය නැවත අනු කොටස්වලට බෙදිමද අපහසු නොවේ. බොහෝ විට විශාල කර්මාන්ත ශාලාවල ක්‍රියාත්මක වන සංවිධානාත්මක කටයුතුවලට අනුව එක් සේවකයකු අතින් සිදුවන්නේ නිෂ්පාදන ක්‍රියාවලියෙන් ඉතා සුළු කොටසකි.
කැරකෙන පටිවලට සමිබන්ධ කර ඇති (assembly line) නිෂ්පාදනාගාරයක පුටුවක් සාදන්නේ නමි එක් පුද්ගලයකුගේ කාර්යය ලී කැලි දෙකක් එක්කොට අමුණා තැබිම වැනි සුළු කාර්යයක් විය හැක.
එවැනි ආකාරයකින් සුළු කාර්යයක් ඉටු කරන සේවකයා තවත් සේවකයින් සමග අන්තර සබඳතා ඇති කර ගත යුතුය. එසේ නොමැතිව සමිපූර්ණ පුටුවක් නිපදවිමේ කාර්යය සාර්ථකව නිම කළ නොහැක.
ඕනෑම සංකිර්ණ කාර්යයක් ක්‍රියාත්මක කිරීමේ දි, කාලය අනුව හෝ වෙනත් ආකාරයකින් හෝ අනු කොටස්වලට කැඩිය හැක.
සංවිධානය කිරීමේ කාර්යය දෙස බලන කා හට වූවත් වැටහි යන එක් කරුණක් නමි යමි පුද්ගලයකු හට, අදාල කාල පරිචිජේදයක් තුළ අවසාන කළ හැකි වැඩ කොටසක් තිරණය කිරීම හා නිශ්චිත කිරීම අත්‍යවශ්‍ය බවයි. නිශ්චිත වගකීමකින් යුක්තව පවරන වැඩ කොටස් සේවකයින් විසින් කිරීමට බැඳි ඇති අතර නිශ්චිත නොවන වැඩ කොටස් පිළිබඳව ඔවුන් තුළ ඇතිවන්නේ පැකිලිමකි. පැටලීමකි. එසේත් නැතිනමි සංකිර්ණ වැඩ සමිබන්ධතාවයකි.
කළ යුතු කාර්යයන් නිශ්චිත කොට ලැයිස්තුගත කිරීම සංවිධානය කිරීමේ මුල් පාදය වශයෙන් හැඳින්විය හැකිය
තවත් උදාහරණයක් අවශ්‍ය යයි සිතමු. ඔබ ආයතනය පිරිසිදු කිරීමේ කාර්යය යමි කෙනෙකුට පවරා ඇත්නමි එම කාර්යයට ඇතුළත් විස්තරද ඔවුන් හට පහදා දිය යුතුය.
පිරිසිදු කිරීම බිමට පමණක් සීමා විය යුතුද? සේවකයින් වැඩ කරන මේස උඩ සහ යට එකතුවන දුවිලි පිසිමත්, විදුලි පංකාවල එකතුවන දූවිලි පිස දැමීමත් එයට ඇතුළත් නොකළ හොත් එම කාර්යය සඳහා වෙනම නියෝග නිකුත් කිරීමක් අවශ්‍ය නොවේද?
බිම පිසදැමිම භාර කර ඇති සේවකයා හට විදුලි පංකාවක් පිස දැමීම භාර කිරීමේ හැකියාවක් නොමැති නමි එය එම හැකියාව ඇති කෙනෙකුට පැවරිය යුතූය. එම නිසා කළ යුතු කාර්යයන් නිශ්චිත කොට ලැයිස්තුගත කිරීම සංවිධානය කිරිමේ මුල් පාදය වගයෙන් හැඳින්විය හැකිය.
නිශ්චිත කරන ලද වැඩ කොටස් සේවකයිනට පැවරීම
කාර්යයක් සංවිධානය කිරීමේදී දෙවන වැදගත් කාර්යය වනුයේ කිරීමට ඇති වැඩ කොටස් සේවකයින්ට පැවරිමය. මෙම පැවරීමේදී මේ වැඩ කොටස නිම කළ යුත්තේ වැඩය පවරනු ලැබු පුද්ගලයින් විසින්ය.
ඔහුගේ වැඩ කොටස නිශ්චිත කර නොමැති නමි ඔහු විසින් එම වැඩ කොටස සමිපූරණ නොකිරීමත්, නොකර සිටිමට නොයෙක් නොයෙක් හේතූ සෙවිමත් සිදුවිය හැකිය. ඒනිසා මුළු ක්‍රියාවලියම අඩපණ විය හැකිය.
සේවකයකුට වැඩ පැවරීමේදී වැදගත් වන මුලධර්ම දෙකකි. එයින් ප්‍රධාන කරුණ වන්නේ සෑම සේවකයකු වෙතම වැඩ පැවරිය යුත්තේ එක් ස්වාමියකු විසින් බවය. මෙයින් අදහස් කෙරෙන්නේ කිසිම සේවකයකු හට තම සේවය කිරීම පිළිබඳව එක් පුද්ගලයකුට වඩා වැඩි ගණනක් විසින් වැඩ පැවරීම සිදු නොකළ යුතු බවය. එවැනි දෙයක් අත්‍යාවශ්‍ය නමි එය සංවිධාන ව්‍යුහයේ නිත්‍ය අංගයක් වගයෙන් සැලසුමි කර ගත යුතුය.
පුද්ගලයන් අතර අන්තර්සම්බන්ධතාවය නිශ්චිත කිරීම
මෙයින් අදහස් කරන්නේ ඕනැම සංවිධානයක සේවක සංඛ්‍යාව අතර එක් එක් මට්ටමේ සේවකයින් සිටිය හැකි බවයි. ඕනෑම කෙනකු ගතහොත් ඔහුට සමාන අය සිටිය හැකි අතර ඔහුට උසස් හා පහත් මට්ටමිවල සේවකයින් ද සිටිය හැකිය. සේවකයින් අතර තිබිය යුතු මෙම සමිඛන්ධතාවය නිශ්චිත නොකිරීමෙන් මානව සමිපත් පාලනය කිරීමේ දී බොහෝ ගැටළු ඇති වේ.
යම් ආයතනයක සේවක මණ්ඩලවල එක් එක් අය අතර ඇතිවිය යුතු අන්තර්සමිබන්ධතාවය නිශ්චිත නොකිරීමෙන් එම ස්ථානයේ ගැටුමි ඇතිවීම වැළැක්විය නොහැක. අවශ්‍ය වන්නේ සැම සේවකයකුම සිටිය යුතු තලය තිරණය කිරීමය. සංවිධාන ව්‍යුහයේ හිමිවිය යුතු ස්ථානය නිශ්චිත කිරීමය.
ඉහළ හා පහළ මටිටමිවල සේවකයින් අන්තර් සේවක සමිඛන්ධ ක්‍රියාදාමයකින් බැඳ තැබිමෙන් ආයතනයක ක්‍රියා මාර්ගය වඩා සාර්ථක කර ගත හැක.
සේවකයින් අතර ඇති අන්තර්සම්බන්ධතාවය මෙන්ම සේවකයින් සහ ව්‍යාපාරයේ නොයෙක් නොයෙක් වත්කමි අතර තිබිය යුතු සමිබන්ධතාවයද නිශ්චය කළ යුතුය. මෙය අවශ්‍ය වන්නේ සේවකයින් හට භාර කරන කාර්යයන් සඳහා අවශ්‍ය උපකරණ හෝ වත්කමි සඳහා භාවිතා කිරීමේ අයිතියක් නොමැති නමි කිසිම කාර්යයක් සාර්ටකව ඉටු කළ නොහැකි නිසාය.
සුළු ව්‍යාපාරිකයකු තම ව්‍යාපාරයේ කටයුතු සංවිධානය කිරීම ඉතා ප්‍රවේශමෙන් කළ යුතුය. සුළුවෙන් ව්‍යාපාරයක් ආරමිභ කරන ව්‍යාපාරිකයාට තම ව්‍යාපාරයේ සියලුම වැඩ කිරීමට සිදුවේ. පවුලේ සාමාජිකයින් යොදවා ගනු ලබන්නේ ඔහුට උපකාර කිරීම පිණිසය. ව්‍යාපාරය ටිකින් ටික දියුණු වන විට තවත් සේවකයින් බඳවා ගැනිම අනිවාර්යයෙන්ම කළ යුතුය.
සංවිධාන සටහනක් පිළියෙල කිරීම
දැන් අපි ඉතා කුඩා මටිටමකින් කඩයක් ආරමිභ කළ ව්‍යාපාරිකයකු දෙස බලමු. ඒ සඳහා සේවකයින් දෙදෙනෙකු අවශ්‍ය යැයි සිතා ඔවුන් බඳවා ගතහොත් ඔවුන් හට පැවරෙන කාර්යයන් කුමක්ද යන්න තිරණය කිරිම අපහසු නොවේ.

එම සංවිධාන සටහන (organisation chart) මෙසේ දැක්විය හැකිය. අංක 1 දරන රූප සටහනේ පෙන්වන පරිදි ඔහුගේ සේවකයින් දෙදෙනා එකම මට්ටමක වෙයි. ඔවුන් හට වැඩ කටයුතු පැවරීම සහ ඔවුන්ගේ වැඩ කටයුතු සොයා බැලිම සමිපූර්ණයෙන්ම ව්‍යාපාරිකයා සතු වෙයි. ඔවුන් තිදෙනා අතර ඇති ව්‍යාපාරයේ කටයුතු කිරීම සඳහා ගොඩනැගෙන අන්තර්සම්බන්ධතාවය ව්‍යාපාරයේ කාර්යක්‍ෂමතාවයේ මුල්ගල වශයෙන් හැඳින්විය හැකිය.
ව්‍යාපාරිකයා හා සේවකයින් අතර ඇති ව්‍යාපාරයේ කටයුතු කිරීම සඳහා ගොඩ නැගෙන අන්තර්සම්බන්ධතාවය ව්‍යාපාරයේ කාර්යක්‍ෂමතාවයේ මුල්ගල වශයෙන් හැඳින්විය හැකිය
ව්‍යාපාරික ආයතනය කුඩා එළවළු කඩයක් නමි එය පිරිසිදු කිරීම, එළවළු පිරිසිදු කිරීම, දිය ඉසිම, එළවළු අවශ්‍ය පරිදි සකස් කිරීම, ගණුදෙනුකරැවන්ගේ අවශ්‍යතාවයන් ඉටු කිරීම (බඩු කිරීම සහ මැනිම) වැනි දේ දෙදෙනාටම පැවරිය හැකිය. සේවකයින් දෙදෙනාම එක සමාන බව අංක 1 රූප සටහන පෙන්වයි. ඔවුන් වෙනත් වෙනත් කාර්යයන්හි නියුතු වුවද, දෙදෙනාම එක සමාන වන්නේ ඔවුන්ගේ වැඩ පැවරිම වආාපාර හිමියා විසින් කළ යුතු නිසාය. එක් සේවකයකු අනිකා වෙත තම කටයුතු පැවරිම කළ හැක්කේ දෙදෙනා අතර ඇති මිත්‍රත්වය නිසා පමණි; ඔවුන්ගේ රැකියාවේ කොටසක් වශයෙන් නොවේ.
එක් එක් සේවකයා විසින් කළ යුතු කාරියයන් නිශ්‍චය නොකළහොත් ඇතිවන ප්‍රතිඵලය නමි ඔවුන් විසින් වැඩ නොකිරීමට හේතු දැක්වීම සහ එක් එක් සේවකයාගේ වැරදි අනිත් සේවකයා පිට පටවා තමා බේරීමට උත්සාහ කිරීමත්ය.

දෙවන රූප සටහනේ දැක්වෙන ආකාරයට එක සේවකයකු අනික් සේවකයා යටතට පත් කරන්නේ නමි තත්ත්වය සමිපුරණයෙන්ම වෙනස් විය හැකිය. පළමුවන සේවකයා දෙවැනි සේවකයාගේ සුපරීක්‍ෂක බවට පත්වේ. පළමුවන සේවකයා විසින් පවරනු ලබන වැඩ කිරීමට දෙවන සේවකයා බැඳි සිටි.
ඊලඟ අවස්ථාවේදී ව්‍යාපාරයේ කටයුතු තවත් දියුණු වි ඇති නිසා ව්‍යාපාරිකයා අමතර කාර්යයක් අරඹයි. ව්‍යාපාර හිමියා තවත් සේවකයින් දෙදෙනෙක් බඳවා ගැනීමට තිරණය කරයි. ඒ සේවකයින් දෙදෙනාගේ තත්ත්වයන් තිරණය කළ යුත්තේ දැන් සිටින සේවකයින්ගේ මට්‍ටමිවලිනි.
අංක 3 දරන රූප සටහනේ දැක්වෙන ආකාරයට අළුත් සේවකයින් දෙදෙනාගේ වැඩ කටයුතු සහ ඔවුන්ට සංවිධානයේ හිමි මට්ටමි තිරණය කළ හැක්කේ කෙසේද යන්න දැන් සලකා බලමු.
රූප සටහන් අංක 3 දැක්වන ආකාරයට සේවකයින්ගේ වැඩ කටයුතු සංවිධානය කිරීමට ව්‍යාපාර හිමියා ගත් තිරණය මෙසේය. තුන්වන සේවකයා දෙවන සේවකයා මෙන්ම පළමුවන සේවකයාගේ යටතට පත් කිරිමය. හතරවන සේවකයා පළමුවන සේවකයා මෙන් වනාපාර හිමියා යටතට පත් කර ඇත.

මෙම තීිරණවල ඇති වැදගත්කම කුමක්ද?
මේ තීිරණවල වැදගත්කම රඳා පවත්නේ ව්‍යාපාර හිමියා විසින් එක් එක් සේවකයා වෙත පවරනු ලබන වගකිමි අනුවය.
ව්‍යාපාර හිමියා අංක 1 වන සේවකයා ව්‍යාපාරයේ කළමනාකාර මට්ටමකට පත්කර ව්‍යාපාරය පවත්වාගෙන යාමේ කටයුතු ඔහුට භාර කළා යයි සිතමු. ව්‍යාපාරිකයාට තම ව්‍යාපාරයේ වැඩ කටයුතු තමා කැමති ආකාරයකට පැවරිය හැක. එය පහත සඳහන් ආකාරයට සිදුවි ඇතැයි සිතමු.
ව්‍යාපාර හිමියා විසින් පවරන ලද කාර්යයන්
සේවක අංකය 1: මුදල් භාරකරු /සහය කළමනාකරු
- ව්‍යාපාරික ආයතනය වේලාවට විවෘත කිරීම සහ වසා දැමිම
- ව්‍යාපාරයේ සහ එහි වත්කමිවල ආරක්‍ෂාව
- ගණුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවයන් ගැන සොයා බලා ක්‍රියා කිරීම
- මුදල් ලබා ගැනිමි සහ බැංකුවේ තැන්පත් කිරීම
- ව්‍යපාරයට මිලදී ගන්නා භාණ්ඩ පරික්‍ෂා කර භාරගැනිම
- ව්‍යාපාරික ස්ථානය පිළිබඳ සියඑම කාර්යයන්
- ව්‍යපාරිකයා නොමැති අවස්ථාවල ව්‍යාපාරයේ කටයුතුවල භාරය
- ව්‍යාපාර හිමියා පවරන ඕනෑම වෙනත් කාර්යයක්
සේවක අංක 2: විකුණුමිකරු
- ගණුදෙනුකරුවන්‌ගේ අවශ්‍යතාවය පරිදි බඩු කිරීම, මැනිම සහ ගණුදෙනුකරුවන්ට භාර දිම
- විකුණන ලද භාණ්ඩ සඳහා මුදල් ලබාගෙන කළමනාකරුට භාර දීම
- බඩු තොග මටිටමි පරික්‍ෂා කර බලා මිලදී ගත යුතු භාණ්ඩ ගැන කළමනාකරුට දැන්වීම
- කළමනාකරු පවරන වෙනත් ඕනැම කාර්යයක්
සේවක අංක 3: සහායකයා
- ව්‍යාපාරය පිරිසිදු කිරීම
- බඩු තොග ක්‍රමානුකූලව තැන්පත් කිරීම සහ නියම ආකාරයට සකස් කිරීම
- බඩු ගෙන ඒමට උදවු කිරීම සහ ගණුදෙනුකරුවන්‌ගේ වාහනවලට පැටවීම
- සේවකයින්ට අවශ්‍ය තේ සහ කෑම සපයා දීම
- ව්‍යාපාරයේ අවශ්‍යතා අනුව එක් එක් ස්ථානවලට යැම
- අයිතිකරුගේ වාහනය පිරිසිදු කිරීම
- ව්‍යාපාර හිමියාගේ නිවසේ කටයුතු
- අංක 02 සේවකයාට (විකුණුමිකරුට) අවශ්‍ය පරිදි උපකාර කිරීම
- කළමනාකරු පවරන වෙනත් කාර්යයන්
සේවක අංක 4: ලිපිකරු
- ව්‍යාපාරයේ සියළුම ගිණුමි පොත් සහ වාර්තා තබා ගැනිම
- අවශ්‍ය තොග මටිටමි සොයා බලා මිලදී ගැනිමේ අවශ්‍යතා ව්‍යාපාර හිමියාට දැන්වීම
- පැමිණීමේ පොත් සහ නිවාඩු
- වැටුප් සකස් කිරීම සහ ගෙවීම
- මිලදී ගැනීමි සහ සේවාවන් සඳහා කරන ගෙවිමි වෙනුවෙන් ව්‍යාපාර හිමියාගෙන් අනුමැතිය ලබාගැනිම සහ ගෙවීමි සඳහා චෙක්පත් ව්‍යාපාර හිමියාගේ අත්සන සඳහා පිළියෙල කිරීම
- බැංකු ගිණුම පවත්වාගෙන යාම
- ව්‍යාපාර හිමියා පවරන වෙනත් ඕනැම කාර්යයක්
ව්‍යාපාරයේ අනිකුත් සියළුම කටයුතු ව්‍යාපාර හිමියා සතුය.
ඒ අතර:
- මිලදී ගැනීම
- නීත්‍යානුකූල අවශ්‍යතාවයන් ඉටු කිරීම – බලපතු, බදු, මිල ප්‍රදර්ශනය ඇතුළු
- සේවකයින් අස් කිරීම, විනය, අර්ථසාධක අරමුදල් ගෙවීමට කටයුතු කිරීම සහ අනිකුත් කාර්යයන්
- ව්‍යාපාර සංවර්ධනය
- බැංකු සමග සම්බන්ධතා
- ප්‍රචාරණය
- මිල ගණන් තිරණය කිරීම
- තරඟකාරින්වය සහ වෙළඳ පොළ
- ගෙවිම් අනුමත කිරීම්
- ව්‍යාපාරික සමාජය, රජය සහ මහජන සම්බන්ධතා
- නව භාණ්ඞ සහ සැපයුම්කරුවන්
- ගෙවිම් අනුමත කිරීම
- අවශ්‍ය අනිකුත් සම්පත් සොයාගැනිම සහ අවශ්‍ය පරිදි එම
- සම්පත් යෙදවීම
ඉහත සඳහන් පරිදි වැඩ කටයුතු බෙදා වෙන් කිරිමේ දි ඇති විය හැකි අඩුපාඩු බොහෝය. වෙනත් සේවකයකුට පවරා නොමැති වැඩ කටයුතු ව්‍යාපාර හිමියා සතු විය යුතුය. වැඩ කටයුතු එක් එක් සේවකයකු වෙත පැවරීම ඉතා පරිීක්‍ෂාකාරිව කළ යුතුය. යම් කිසි කාර්යයක් පැවරිම අමතක වුවහොත් එම කාර්යය කිසිවකු විසින් සිදු නොකරන බවද අවධාරණය කළ යුතුය.
ඉහත සඳහන් කරුණු ව්‍යාපාරයේ වර්ධන චක්‍රය සමග වෙනස් විය හැකිය. ව්‍යාපාරය තොග වෙළඳාමක් බවට පත්වුවහොත් ඉහත සඳහන් කාර්යයන්ට අමතරව බෙදාහැරීමේ කාර්යයටද මුහුණදීමට සිදුවේ.
එවැනි අවස්ථාවකදී වාහන රාශියක් නඩත්තු කිරීමටත්, ව්‍යාපාරයෙන් පිටත සේවය කරන සේවකයන් රාශියක් පාලනය කිරීමටත් ව්‍යාපාර හිමියාට සිදුවිය හැකිය. එවැනි අවස්ථාවකදි ව්‍යාපාර හිමියාට තවත් නොයෙක් නොයෙක් මටිටමිවල සේවය සඳහා රියැදුරන්, අලෙවි සේවකයින් සහ කමිකරු ශ්‍රේණිවලටද, සේවකයින් අවශ්‍ය වේ.
අප සඳහන් කරන ලද, ව්‍යාපාරික ආයතනය තොග වෙළඳාමක් බවට පත් විය. එවැනි අවස්ථාවක මිලදි ගැනීමේ කාර්යය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා එම කාර්යයට පළපුරුදු සේවකයකු යොදා ගැනීමට හෝ එම කටයුත්තට වැඩි කාලයක් ගත කිරීම සඳහා ව්‍යාපාර භිමියාගේ අනෙකුත් කාර්යයන් වෙනත් කෙනෙකුට පැවරීම හෝ සිදුවිය හැකිය. එවැනි අවස්ටාවක ද, රූප සටහන් අංක 4 හි සඳහන් ආකාරයෙන් සංවිධානය වෙනස් විය හැකිය.

ගිණුම් කටයුතු වැඩිවි ඇති නිසා එම අංශයට තවත් ලිපිකරුවකුද තොග වෙළඳ කටයුතු සඳහා වෙනත් සේවකයින්‌ද බඳවාගෙන ඇත.
අප ව්‍යාපාරිකයාගේ වෙළඳ කටයුතු තවත් වැඩි දියුණු විම නිසා ඔහු දැන් පිටතින් මිලට ගෙන බෙදා හරින ලද භාණ්ඩ නිෂ්පාදනය සඳහා කුඩා කමිහලක් ආරමිභ කළා යයි සිතමු. ඔහුගේ ව්‍යාපාරයේ කටයුතු සංවිධානය කළ යුතු ආකාරය තීරණය කිරීමට පෙර කළ යුතු කාරියයන් මොනවා ද? අපි ඒ දෙස බලමු.
ඔහුගේ නව නිෂ්පාදන කාර්යය තේරුමි ගැනිමේ පහසුව සඳහා කුඩා වී මෝලකට සිමා කරමු. කාර්යය සංකීර්ණ නොවුවත් ඵයින් නියම ප්‍රයෝජනය ගැනීම සඳහා එම කාර්යය ගැන මනා දැනුමක් ඇති සේවකයකු සොයාගත යුතුය. ඒ සේවකයා යටතට අවශ්‍ය අනිකුත්‌ශ්‍රේණිවල සේවකයින් පත් කිරිමෙන් පසුව සංවිධාන සටහන අංක 5 රූප සටහනේ දැක්වෙන පරිදි හෝ වෙනත් සුදුසු ආකාරයකට වෙනස් විය හැකිය.

දැන් ව්‍යාපාරය අංශ හතරකට බෙදා ඇත. එක් එක් අංශයක් භාර කළමනාකරුවෙකි. ඔහු යටතේ සේවය කරන තවත් බොහෝ සේවකයින්ය. ගිණුම් කටයුතු සඳහා ගණකාධිකාරිවරයෙක් සහ ඔහුට සහාය විමට තවත් පිරිසක්‌ද සිටිති.
නමුත් භාණ්ඩ මිලදි ගැනිම කිසිම කෙනෙකුට පැවරීමට කැමත්තක් නොදක්වන අප ව්‍යාපාරිකයා එය තමා විසින්ම කළ යුතුයයි තිරණය කරයි. නමුත් ඔහුගේ වැඩ කටයුතු අඩු කිරීම සඳහා පුද්ගලික සහායකයකු ලෙස තම පුත්‍රයා තෝරා පත්කර ගෙන ඇත.
ව්‍යාපාරයක කටයුතු සංවිධානය කිරීමේ දි අමතක කළ නොහැකි මුලධර්ම කිහිපයකි
ව්‍යාපාරයක කටයුතු සංවිධානය කිරීමේ දි අමතක කළ නොහැකි මුලධර්ම කිහිපයකි. එයින් වැදගත්ම කරුණු පහත දැක්වේ.
- එක් සේවකයකු සඳහා සිටිය යුත්තේ එක් ස්වාමියෙක් පමණය. මෙම මුලධර්මය අමතක කර ඇති ව්‍යාපාරවල සේවකයින් අතර නොයෙක් නොයෙක් මාදිලියේ ගැටළු, ව්‍යාකූල තත්ත්වයන් ඇතිවි
අවසානයේ ඉතා අකාර්යක්‍ෂම ව්‍යාපාරයක් බිහි විය හැකිය. මෙම න්‍යායට පටහැනි අවස්ථා බොහෝ විට අපට දකින්නට ලැබේ. එවැනි අවස්ථාවල දී එක් එක් සේවකයාගේ වගකීමි ඉතා පැහැදිලිව නීර්ණය කළ යුතුය. සුළු ව්‍යාපාරවල මෙය බොහෝ විට අමතක වි ඇති තත්ත්වයක් ලෙස සැලකිය හැකිය.
- වගකීමට ගැලපෙන ආකාරයට බලතල දිය යුතුය. මෙම න්‍යාය ඉතා වැදගත් වන්නේ බලතලවලින් තොර වගකීමක් දැරීම දුෂ්කර කාර්යයක් හෙයිනි.
- එක් සේවකයකු යටතේ යෙදවිය යුතු වෙනත් සේවකයින් ගණන ඉතා සුපරික්‍ෂාකාරිව අධ්‍යයනය කළ යුතුය. ඉතා පහළ මට්ටමක එය විස්ස හෝ තිහක් දක්වා වුවද, වැඩිවිය හැකි අතර ඉහළ මටිටමිවල දි එය තුනකට හෝ හතරකට හෝ පහකට සිමා කිරීම ආයතනයේ කාර්යක්‍ෂමතාවය වැඩි කිරීමට හේතුවේ. ඉහත සඳහන් සංඛ්‍යාවන් තීරණය කළ යුත්තේ ව්‍යාපාරික ආයතනයේ අවශ්‍යතාවයන්ට සහ වෙළඳපොළේ අවශ්‍යතාවයන්ට අනුකූලවය.
ඔබ ආයතනය සඳහා සංවිධාන ව්‍යුහයන් පිළියෙල කර ගැනීමට පෙර දැන් ව්‍යුහයේ ඇති අඩුපාඩු සොයා බලන්න. එය වඩා ක්‍රමවත් කිරීම අළුත් සංවිධාන ව්‍යුහයක් පිළියෙල කර ක්‍රියාත්මක කිරිමේදී මුහුණ දීමට සිදුවන නොයෙක් නොයෙක් විධියේ ගැටළුවලින් වැළකී සිටිමේ මාර්ගයක් ලෙස සැලකිය හැකිය.
කටයුතු සංවිධානය කිරීමේදි දැකීමට ලැබෙන ප්‍රධාන අඩුපාඩු
- ව්‍යාපාරික ආයනනය මගින් කළ යුතු සමහර කටයුතු ව්‍යාපාරිකයාට නොපෙනීම.
- ව්‍යාපාරික ආයතනය මගින් කළ යුතු සමහර කාර්යයන් හඳුනාගෙන ඇති නමුත් ඒ සඳහා අවශ්‍ය කළමනාකාරීිත්ව අවධානය අවශ්‍ය පරිදි නොලැබීම.
- සේවකයින් ගේ දැනුම පළපුරැද්ද සහ හැකියාවන් හඳුනාගැනිමට නොහැකි නිසා එම සේවකයින්‌ගෙන් කාර්යක්‍ෂමව උපරිම ප්‍රයෝජනය ගැනිම සඳහා අවශ්‍ය බලතල සහ වැඩ කොටස් නොපැවරීම.
- ව්‍යාපාර හිමියා හට අන් අයට පැවරිය හැකි වැඩ කොටස් ගැන නියම අවබෝධයක් නොමැති විම.
- පහළ මට්ටම්වලට පැවරිය හැකි වැඩ කොටස් ඉහළ මට්ටම්වලට පවරා තිබිම.
- ව්‍යාපාර හිමියා ඇතුළු ඉහළ මට්ටම්වල කළමනාකරැවන් අතින් සිදුවිය යුතු කාර්යයන් පහත මට්ටම්වල සේවකයින් හට පැවරීම.
- සේවක මණ්ඩලය අතර තිබිය යුතූ අන්තර්සම්බන්ධතාවයන් නිශ්චිත නොකිරීම.
- සමහර සේවකයින් හට තමා උපදෙස් ලබා ගත යුත්තේ කාගෙන්ද යන බව නිශ්චිත නොකිරීම.
- සේවකයින්ගේ වැඩ කටයුතු අවශ්‍ය පරිදි සුපරීක්ෂා නොකිරීම.
ව්‍යාපාරයක සංවිධාන ව්‍යුහය පිළියෙල කිරීම උපායධර්මානුකූල සැලැස්මකි. එම නිසා එය ගැන ඉතා ප්‍රවේශමෙන් ක්‍රියා කළ යුතුය.#
Leave a comment