පුරුදුවල බලය හඳුනාගෙන ඔබේ පුද්ගලික සහ ව්‍යාපාරික දිවිය සාර්ථක කරගන්න

පුරුදුවල බලය ගැන ලියවුන The Power of Habit: Why We Do What We Do in Life and Business කෘතියෙන් ඉගෙන ගත හැකි වැදගත් පාඩම් 9ක් මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ.

සම්මානලාභී ලේඛක චාර්ල්ස් ඩුහිග් ගේ The Power of Habit කෘතියෙන් පුරුදු ඇතිවන්නේ සහ පවතින්නේ ඇයි යන්න සහ ඒවා වෙනස් කළ හැක්කේ කෙසේද යන්න පැහැදිලි කරයි.

එහි හරය තුළ සිත්ගන්නා තර්කයකි. එනම් අපගේ ඕනෑම නරක පුරුද්දක් බැහැරීමට සහ අපට අවශ්‍ය පුරුද්දක් ගොඩනගා ගැනීම සඳහා වැදගත් වන්නේ පොදු වශයෙන් පුරුදු ක්‍රියා කරන ආකාරය අවබෝධ කර ගැනීම බවයි.

මෙම අවබෝධය තුළින් ඔබට නරක පුරුදු නැවැත්වීමට ක්‍රමය සහ හොඳ පුරුදු ඇති කරන්නේ කෙසේදැයි ඉගෙන ගත හැකිය. නිතිපතා ව්‍යායාම කිරීමට, සිරුරේ බර අඩු කර ගැනීමට, වැඩිපුර පොත් කියවීමට, වඩා ඵලදායී වීමට හෝ සාර්ථකත්වය ළඟා කර ගැනීමට උපකාර විය හැකි ඕනෑම පුරුද්දක් මේ අයුරින් වඩා ගත හැකිය.

මෙම පොතෙන් උගත හැකි වැදගත් පාඩම් නවය නම්:

  1. සමහර තනි හොඳ පුරුද්දක් ඇති කර ගැනීම පලදායී වෙනස්කම් මාලාවක ආරම්භයට මුල් වේ. මෙම විශේෂ හොඳ පුරුදු ඩුහිග් විසින් keystone habits ලෙස හඳුන්වයි. එමගින් අතිරේක හොඳ පුරුදු වර්ධනය කිරීමට ඔබ පොළඹවනු ඇත. මෙම ක්‍රියාවලිය පුද්ගලයකු තුළ මහත් වූ ධනාත්මක ශක්තියක් උත්පාදනය කරයි. සංවිධානයක හෝ ව්‍යාපාරයක මට්ටමින් ගත්තත් එසේමය. එබැවින් ඔබේ දිවියේ සහ ව්‍යාපාරයේ දැවැන්ත ධනාත්මක ශක්තියක් ඇති කළ හැකි එක් මූලික පුරුද්දක් ගොඩනගාගෙන දිගු ගමනක් අරඹන්න.
  2. යම් පුද්ගලයෙකු යම් ආකාරයකට ක්‍රියා කිරීමට පොළඹවන පුරුදු ඇති වන්නේ ඔහු හෝ ඇය නොදැනුවත්වම හැම ඉඟියක් සහ හැසිරීමක් සමඟම ප්‍රතිලාභයක් සම්බන්ධ කරගන්නා බැවිනි. (Cue > Behavior > Reward).
  3. ජීවිතයේ වඩාත් සාර්ථක පුද්ගලයන් වන්නේ මනා චර්යාවන් (routines) සහ පුරුදු ගොඩනගා ගත් අයයි. එලෙසින්ම හොඳම ක්‍රියාකාරී සමාගම් වන්නේද එවැනි චර්යාවන් ඇති සමාගම්ය.
  4. අසාර්ථක පුද්ගලයන්ට පැහැදිලි ඉලක්ක මෙන්ම දින චර්යාද නොමැත. එතරම් සාර්ථක නොවන හෝ අසාර්ථක වන සමාගම්වලටද නිශ්චිත දින චර්යාවන් නොමැත. එසේ වන්නේ නායකයින් හොඳ පුරුදු මත ගොඩනැගුන චර්යාවන්ගේ වැදගත්කම හඳුනා නොගත් හෙයිනි.
  5. නිරන්තර ගාලගෝට්ටි හෝ කලබල ඇතිකර නොගන්න. ඒවාට මුල්වන ක්‍රියාකලාප වලින් වළකින්න. නිරන්තර ආතතිය පුද්ගලයෙකුගේ ආත්ම ශක්තිය සහ අභිප්‍රේරණය (motivation) ඛාදනය කරයි. නිසි වැඩ-ජීවිත සමතුලිතතාවය (work-life balance) පුද්ගලයෙකුගේ රැකියාවේ කාර්ය සාධනය සහ වඩා හොඳ තීරණ ගැනීමේ හැකියාව වැඩි කරයි. ව්‍යාපාර හිමිකරුවන් සඳහා වැඩ-ජීවිත සමතුලිතතාවය සාමාන්‍යයෙන් දිනපතා 50/50 හෝ 8 සිට සවස 5 දක්වා නොවන බවද අවබෝධ කරගන්න. වැදගත් වන්නේ, ව්‍යාපාරයේ කටයුතු මෙන්ම පුද්ගලික දිවියේ වැදගත් දේ සඳහාද කෙසේ හෝ කාලය වෙන් කර ගැනීමයි. මේ සඳහා නරක පුරුදු බැහැර හැරීම සහ පලදායී පුරුදු ගොඩනගා ගැනීම පිටිවහලක් වනු ඇත.
  1. අධිෂ්ඨාන ශක්තිය වැඩි කර ගැනීමට ඇති හොඳම ක්‍රමය නම් ධනාත්මක පුරුදු ඇති කර ගැනීමයි.
  2. ධනාත්මක පුරුදු ස්වයං විනය වැඩි කරයි. ස්වයං විනය ඉහළ බුද්ධි මට්ටමකට (IQ) වඩා සාර්ථකත්වයේ හොඳ පුරෝකථනයක් බවයි අධ්‍යයනයන් පෙන්වා දෙයි.
  3. සාර්ථකත්වයට තුඩු දෙන සමාගම් පුරුදු, නායකයෙකුගේ පැවරීමේ හැකියාව වැඩි දියුණු කරයි. හොඳ පුරුදු සහිත සේවකයින්ට තම තමන්ගේ වැඩ සහ තීරණ පාලනය කිරීමට වැඩි හැකියාවක් ලැබීම තුලින් වඩාත් ඉහල අභිප්‍රේරණ මට්ටමක් ලඟා කරගත හැකිවේ. එය ප්‍රධාන සේවා ස්ථාන අභිප්‍රේරකයකි.

ධනාත්මක පුරුදු සහ සාධනීය ආයතනික සංස්කෘතියකට පදනම් වන මූලධර්ම

ඔබේ ව්‍යාපාරයේ ධනාත්මක පුරුදු සහ සාධනීය ආයතනික සංස්කෘතියක් ගොඩනගා ගැනීමට පදනම් වන මූලධර්ම පහකි:

  1. සියල්ලන් විසින් බෙදා ගන්නා සමාගම් දැක්මක් (vision) සහ මෙහෙවරක් (mission) සාදන්න. සමාගමේ දැක්ම සාක්ෂාත් කර ගැනීමෙන් ඔවුන්ගේ පුද්ගලික දර්ශන සාක්ෂාත් කර ගන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමට සේවකයින්ට උපකාර කරන්න.
  2. ඵලදායි නායකත්වය සහ ක්‍රියාවලි හරහා අනුකූලතාව (consistency) සහතික කිරීම.
  3. හොඳ හැසිරීම්වලට ප්‍රතිලාභ සහ පිළිගැනීමක් ලබාදෙන්න.
  4. සේවකයින් තමා කරන හැම දෙයක් පිළිබඳවම වගවීම වැදගත්ය. ඍණාත්මක හැසිරීම් සඳහා ඔවුනට ප්‍රතිවිපාක ලැබිය යුතුය. සේවකයෙකු සමාගමේ සංස්කෘතිය උල්ලංඝනය කළහොත් ඔවුන් ඉවත්ව යා යුතුය.
  5. සතිපතා යාවත්කාලීන කිරීම් සහිත ලිඛිත සැලැස්මක් හදාගන්න. එය හොඳ පුරුදු වර්ධනය දිරිගන්වනු ඇත. ආහාර වේලෙහි ආහාර ප්‍රමාණ පාලනයේ හෝ ව්‍යායාම සැලසුම්වල සිටින අය ඔවුන්ගේ සැලසුම් ලියා ඔවුන්ගේ ක්‍රියාකාරකම් සටහන් පොතක ලියන විට එය වඩාත් හිතකර ප්‍රතිපල ලබාගැන්මට අනුබලයක් බව පර්යේෂණ මගින් පෙන්වා දී ඇත. ආයතනික සංස්කෘතික පද්ධතිය සඳහාද එය එසේම වේ. ඔබේ සැලසුම් ලිවීමෙන් පැහැදිලි බවක් ඇති වන අතර එමගින් සෑම වැදගත් දෙයක් ගැනම සිතීමට ඔබ පොළඹවයි.

Leave a comment

Start a Blog at WordPress.com.

Up ↑