
නිලූකා දිසානායක විසිනි
මා එතරම් සමාජ මාධ්‍ය වල සැරිසරන්නෙක් නොවෙමි. මා නිතර පිවිසෙන තැනකි මගේ ලින්ක්ඩ්-ඉන් පැතිකඩ (LinkedIn profile). දිනක් මා LinkedIn එකට ලොග් වෙද්දී සම්බන්ධ වන්නට ආරාධනා 400කට වඩා තිබුනි. මම LinkedIn ආරාධනා පිළිගැනීමට උත්සාහ කරන සෑම අවස්ථාවකම මට ගැටලුවක් වන දෙයක් විසඳීමට මෙම ලිපිය ලියමි.
ඔබගේ LinkedIn පැතිකඩ ඔබගේ ඔන්ලයින් ජීව දත්තයයි.
ඔබගේ LinkedIn පැතිකඩ ඔබගේ ඔන්ලයින් ජීව දත්තයයි (bio data/curriculum vitae/CV). එබැවින් ඔබ එය යමෙකුගේ අවධානයට ලක්වන අයුරු සහ එමගින් ඔබ ගැන එම අය මවාගන්න ප්‍රතිරූපය ගැන සැලකිලිමත් විය යුතුය.
ඔබ ගෙදරින් පාරට බසින විට කොන්ඩය පීරා, මුහුණ සෝදාගෙන, අවස්ථාවට යෝග්‍ය ඇඳුම් අඳිනවා නේද? නිසි අයුරින් පාවහන් පළදිනවා නේද? ඔබේ ප්‍රතිරුපය ගැන එතරම් වත් සැලකිල්ලක් නොදක්වා ඔබ රැකියාව සොයා සම්මුඛ පරීක්ෂණයකට යනවාද? නැත.
එසේනම්, ඔබගේ LinkedIn ප්‍රතිරූපය ගැන ඔබ නිසි සැලකිල්ලක් නොදක්වන්නේ නම්, අනාගත සේවා යෝජකයින් හෝ වෙනත් අයෙකු ඔබට අවධානය යොමු කළ යුතු ඇයි? මේ ගැන සිතා අදම ඔබේ Linkedin ප්‍රොෆයිලය සකස් කරගන්න.
ඔබගේ LinkedIn පැතිකඩ ගැන මතක තබා ගත යුතු කරුණු කිහිපයක් මෙන්න.
1. සෑම විටම ඔබගේ හොඳ ඡායාරූපයක් දමන්න. බැරිනම්, කරුණාකර ඔබේ පැතිකඩ වසා දමන්න.
ඡායාරූපයක් නොමැතිව ඔබේ පැතිකඩ හිස්ව තබන්න එපා. (එය ඇත්තෙන්ම මට හිසරදයකි. තවත් බොහෝ අයද මෙසේ සිතනු ඇත. නමුත් ඔබ නිසි සේයා රුවක් ඔබේ ප්‍රතිරුපයේ දැමීමට වෙනත් හොඳ හේතු තිබේ.)
පාරේදී හමුවන මුහුණු නැති මිනිසුන් සමඟ ඔබ කතා කරනවාද? යමෙක් වෙස්මුහුණක් පැළඳ සිටියේ නම් කුමක් කළ යුතුද? මග හරිනවා නේද?
මම පුද්ගලිකව ඡායාරූප නොමැති LinkedIn ආරාධනා ප්‍රතික්ෂේප කරමි. මා අතීතයේ එසේ කර ඇත්නම්, ඒ එක්කෝ මා මෙම ප්‍රතිපත්තිය තීරණය කිරීමට පෙරය. නැතහොත් වැරදීමකින්ය.
2. හොඳ ඡායාරූපයක් යනු කුමක්ද?
- ඔබේ බළලා, බල්ලා, තාරාවා, දරුවා, සැමියා හෝ බිරිඳ, වැදගත් අනෙකා, ඔබේ මව හෝ වෙනත් කිසිවකු සමඟ ඔබ සිටින ඡායාරූප දමන්න එපා. මෙය වෘත්තීය ජාලයක් බව මතක තබා ගන්න. ඔබේ රැකියා සම්මුඛ පරීක්ෂණවලදී ඔබ ඒ කිසිවක් ගැන කතා කරන්නේ නැහැ, විශේෂයෙන් තාරාවා ගැන?
- එමෙන්ම සිත් ඇදගන්නාසුළු හෝ අමුතු හෝ විහිලු හෝ පින්තූර දමන්නත් එපා. ඔබට අනාගත සේවා යෝජකයන්, හෝ අනාගත ගනුදෙනුකරුවන් හට ප්‍රිය ජනක, ඔබ ගැන විශ්වාසවන්ත හැගීමක් ඇතිවන ආකාරයේ වෘත්තීය පෙනුමක් ඇති සේයාරුවක් දමන්න.
මේවා මූලික කරුණු පමණි. නිසි LinkedIn භාවිතය සඳහා මේ දිනවල අපේ සමාජයේ ඉතා විරල වන්නාවූ සාමාන්‍ය බුද්ධිය (common sense) භාවිතා කරන්න.
- කරුණාකර ඔබගේ නමේ සහ වාසගමේ මුලට ලොකු අකුරු (capital letters) භාවිතා කරන්න!
එසේ නොකලොත් ඔබ තුන ශ්‍රේණිය පාස් නොවූවකු බව ලොවටම පෙනෙනු ඇත. මා එසේ කියන්නේ
ශ්‍රී ලංකාවේ රජයේ පාසල්වල 3 ශ්‍රේණියේදී capital අකුරු භාවිතය උගන්වන බැවිනි. පෞද්ගලික පාසල්වල මීට පෙර එය උගන්වන බව මට විශ්වාසයි.
3. ඔබ ඔබේ නම සහ වාසගම කැපිටල් කිරීම
ඔබ ඔබේ නම සහ වාසගම කැපිටල් කිරීම ගැන තැකීමක් නොකරන්නේ නම්, ඔබේ LinkedIn පැතිකඩෙහි නම සරල අකුරින් දැකීමෙන් පසු ඔබට රැකියාවක් ලබා දීමට හෝ ඔබේ ව්‍යාපාරයට හා ගනුදෙනුවක් කිරීමට කෙනෙක් පෙළඹේ ද? තම ඔන්ලයින් ප්‍රතිරූපය ගැන නොසැලකිලිමත් වන කෙනෙක් තමන්ගේ රැකියා ස්ථානයේ හෝ ව්‍යාපාරයේ ගනුදෙනු කරුවෙක් කරගන්නට කවුරුන් හෝ කැමති වේද?
මම අසන්නේ මෙයයි:
තමන්ගේ ප්‍රතිරූපය නොසලකන කෙනා මා දෙන රැකියාවේ වගකීම් නිසිලෙස ඉටු කරාවිද? එවැනි ව්‍යාපාරිකය මා ලබාදෙන ගනුදෙනුවල වගකීම් හරි හැටි ඉටු කරයිද? නැත!
4. LinkedIn යනු වෘත්තීය ජාලයකි.
මෙය ඔබේ මිතුරන් හෝ Facebook හෝ Instagram හෝ Twitter හෝ ඔබ ගැවසෙන වෙනත් සමාජ මාධ්‍ය සමූහයක් නොවේ.
මෙය ලොව විශාලතම වෘත්තීය ජාලයයි. ලෝ පුරා වෘත්තිකයෝ රැකියා සොයන්නට මෙන්ම තම වෘත්තීය ප්‍රතිරූපය ගොඩනගා ගැනීමට එය භාවිතා කරයි. මමද එසේ කරන්නෙමි.
බහුජාතික සමාගම් සහ අනෙක් සියලු විශාල සහ කුඩා සමාගම් ගනුදෙනුකරුවන් සොයා ගැනීමට, ව්‍යාපාරික අවස්ථා සොයා ගැනීමට, රැකියා පුරප්පාඩු පිරවීමට අවශ්‍ය සේවකයින් සොයාගැනීමට උත්සාහ කරන ස්ථානයකි LinkedIn.
එබැවින් එහි සැරිසරන විට ඔබ ඔබේ පාසලට, විශ්වවිද්‍යාලයට සහ සේවා ස්ථානයට දෙන ගෞරවයම LinkedIn වලට ලබා දෙන්න.
5. Linkedin ප්‍රතිරූපය පුරවන විට ඔබ දැනට කරන දේ කියන්න.
ඒ සඳහා වන ඉඩ හිස්ව තබන්න එපා. මෙය හිස්ව තබන පුද්ගලයින් සමඟ සම්බන්ධ වීමට මම අකමැති වෙමි. “මෙයා මොන ජාතියේ කෙනෙක්ද, කවුද දන්නේ?” ඒ මම සිතන විදියයි.
ඔබට මේ මොහොතේ රැකියාවක් නොමැති නම්, මෙම අවකාශය පිරවීමට බොහෝ ක්‍රම තිබේ:
“මම (විෂයය) ඉගෙනගන්නෙමි”. ඉගෙන ගන්නේ මොනවාදැයි ලියන්න.
“මම (ආයතනයේ) ඉගෙන්ගනිමි.”
අද මම සුපිරි ආදර්ශ පාඨයක් (උපුටා ගැනීමක්) සහිත පැතිකඩක් දැක්කෙමි. ඔබ සැබවින්ම රැකියා විරහිත නම් මෙය පිරවීමට එය හොඳ ක්‍රමයකි. එමගින් ඔබගේ ආකල්පය කියවන්නාට පසක් වේ. මගේ ප්‍රියතම පාඨය වන්නේ: In times of change, learners inherit the earth, while the learned find themselves beautifully equipped to deal with a world that no longer exists. ~ Eric Hoffer
“අවස්ථා සොයනවා…” වගේ දේවල්ද මම දැක ඇත්තෙමි. එයත් හොඳය. එවිට ඔබ කිසිම දෙයක් නොකර ගෙදර ඉඳගෙන ඉන්නවා කියා සිතීමේ සම්භාවිතාවය අවම වේ.
ඔබේ විනෝදාංශය හෝ ආශාවන ක්ෂේත්‍රයක් ගැන කිවීමෙන්ද මේ හිඩැස පිරවීමට ඔබට හැකිය.
” මම ආධුනික ඡායාරූප ශිල්පියෙකි… දෘශ්‍ය කලාකරුවෙකි… කවියෙකි…”
කුමක් වුවත් කමක් නැත. එය හිස්ව තබන්න එපා, එපමණයි.
6. රැකියා සොයන අයට භාවිතා කරහැකි Open to Work ලේබලය
රැකියා සොයන අයට භාවිතා කරහැකි Open to Work ලේබලයක්ද දැන් LinkedIn මගින් සපයයි. ඔබේ ප්‍රතිරූපය සකසන විට එයටද හරියක් දමන්න. එවිට ඔබ රැකියා අවස්ථා සොයන බව සැමටම පෙනේවි.
- මේ සඳහා ඔබගේ LinkedIn මුල් පිටුවේ ඉහලින් ඇති Me නිරූපකය ක්ලික් කරන්න.
- View Profile ක්ලික් කරන්න.
- (ඔබේ පැතිකඩෙහි ඉහළින් ඇති වැඩ කිරීමට විවෘත (Open to Work) කොටුව පුරවන්න.
- සුරකින්නට Save ක්ලික් කරන්න.
දැන් ඔබ රැකියාවක් සොයන බව ඔබේ LinkedIn පැතිකඩ දකින සැමට පැහැදිලි වේ.
7. සමාගම් සහ වෙනත් ආයතන විසින් සමාගම් පිටු භාවිතා කළ යුතුය
ඒවා සාමාන්‍ය LinkedIn පැතිකඩ වලින් වෙනස්ය. බොහෝ ශ්‍රී ලංකාවේ සමාගම්, විශේෂයෙන්ම සුළු ව්‍යාපාරිකයින්, මේ කාරණය නොදන්නා බව පෙනේ.
සාමාන්‍ය LinkedIn ප්‍රොෆයිල් සැබෑ පුද්ගලයන්ට හැර වෙනත් කිසිවෙකුට තහනම් බව ඔබ දැන සිටියාද? එබැවින් ඔබ සමාගමක් නම්, ඔබ ඔබේ ලාංඡනය භාවිතා කරන්නේ නම් සහ සාමාන්‍ය පැතිකඩක් තිබේ නම්, එය LinkedIn භාවිත රීති වලට පටහැනි වේ. යමෙක් ඒ ගැන අවධානය යොමු කළහොත් LinkedIn හට ඔබව පන්නා දැමිය හැකිය.
මා මේ ගැන කොහොමද දන්නේ?
මම ලාභ නොලබන (not for profit) සේවාලාභියෙකු සඳහා වැඩ කරන අතර ‘සමාගම් පිටු’ සහ ආයතනවලට අන්තර්ජාලය හරහා අලෙවි කළ හැකි වෙනත් ක්‍රම පිළිබඳව පර්යේෂණ කළෙමි.
ඔබ සමාගමක්, රාජ්‍ය නොවන සංවිධානයක්, පන්සලක්, සමාජයක් හෝ වෙනත් ලාභ නොලබන අයෙකු නම්, ඔබටම පිටුවක් නොමිලේ ලබා ගන්න.
8. LinkedInහි බුද්ධිමත්ව සැරිසරන්න
කෙටියෙන් කියතොත්, Facebook, Twitter, Whatsapp වැනි සමාජ මාධ්‍ය වල දමන ආකාරයේ අමන, අශෝබන, කුපිතවන ආකාරයේ දේවල් හෝ ඕපාදුප යනාදිය එහි නොදමන්න.
ඔබ පුද්ගලයෙකු හෝ ව්‍යාපාරයක් හෝ වුවද මෙය අදාළ වේ.
9. පුද්ගලයන් සඳහා උපදෙස්
යමෙකු ඔබගේ නම සඳහා සෙවීමක් (search) කළවිට එහි ඉහලින්ම දිස්වන දෙය ඔබගේ LinkedIn පැතිකඩයි.
ඔබට ගැටළු සහගත Facebook හෝ Twitter පළ කිරීම් තිබේ නම්, හැකිනම් ඒවා ඉවත් කරන්න. ඊට අමතරව සෙවුම් ප්‍රතිඵල වල අනෙක් දේ ඊට වඩා පහළින් පැමිණෙන පරිදි යහපත් LinkedIn පැතිකඩකින් ඔබ ඔබව ආරක්ෂා කරගන්න.
අන්තර්ජාලයේ හෝ පියවි ලොවේ මෝඩයන් වීමෙන් වැළකී සිටීම සැමවිටම හොඳ ප්‍රතිපත්තියකි.
අපි මේක දරුවන්ට කියා දෙමු. කියන්න හොඳ දෙයක් නැතිනම් නිශ්ශබ්දව සිටින්න කියා උගන්වමු. එලෙසම, ඕනෑම කෙනෙක් නිශ්ශබ්දව සිටින තාක් කල් ඔහුගේ හෝ ඇයගේ මෝඩකම් ලොවට නොපෙනේ.
මේක අපි හැමෝටම වැදගත් අදහසකි. ඔබට ලෝකයේ සිටින සියල්ලන්ටම දැනගන්නට, ප්‍රචාරය කරන්නට අවශ්‍ය නොවන දේ— ඔබේ පාසලේ විදුහල්පති, ඔබේ පීඨයේ පීඨාධිපති, ඔබේ ලොක්කා හෝ රැකියාවේ ප්‍රධානියා, ඔබේ නැන්දම්මා, ඔබේ වර්තමාන හොඅ අනාගත පෙම්වතා/පෙම්වතිය, ඔහුගේ හෝ ඇයගේ දෙමාපියන් සහ මිතුරන්—වැනි මේ කොයි කාටත් කියන්නට අකමැති දේ අන්තර්ජාලයට දමන්න එපා.
මේ සත්‍යය හැම සමාජ මාධ්‍යයකටම අදාලයි. LinkedIn වලටද එසේමය.
10. නිෂ්පාදන සහ සේවා අලෙවි කිරීමට වැරදි සහ නිවැරදි ක්‍රම තිබේ
ඔබ ඔබේ නිෂ්පාදන සහ සේවා අලෙවි කිරීමට උත්සාහ කරන සමාගමක් හෝ පුද්ගලයෙක් නම්, LinkedIn හි එය කිරීමට වැරදි සහ නිවැරදි ක්‍රම තිබේ. ඒ අතරින් බුද්ධිමත් සහ පිළිගත හැකි ක්‍රම යොදාගන්න. පිළිගත හැකි ක්‍රම ඉගෙන ගැනීමට කාලය ගන්න. නැතිනම් ඒ ක්‍රම දන්නා කෙනෙකුගෙන් උපදෙස් ලබාගන්න. එසේ නොකළහොත් ඔබගේ නොසැලකිලිමත්කම සැමට පැහැදිලි වනු ඇත.
LinkedInහි අතිමහත් ප්‍රයෝජන ගැන හෝඩුවාවක් නොමැතිව, පෙනෙන ඕනෑම අයෙකුගේ අවධානය සොයන්නෙක් වීමට ඔබට අවශ්‍ය නොවේ. එබැවින්, ඔබේ වෘත්තීය ජාලය සම්බන්ධ කිරීමට තමා කැමති අය Follow කරන්න. වඩාත් උනන්දු නම් ඒ අයට පුද්ගලික පණිවුඩයක් යවා ඔබ සමග සම්බන්ධ වන්නට ආරාධනා කරන්න.
කරුණාකර LinkedIn පැතිකඩවල මූලික කරුණු සහ පලදායී ලෙස Linkedin භාවිතය ඉගෙන ගන්න.
ඔබේ පුද්ගලික හෝ සමාගම් LinkedIn පිටුව සකසන්නට උපකාර අවශ්‍යද?
මා ලෝ පුරා වෘත්තිකයන්ට සහ ආයතන වලට මේ සඳහා සේවා ලබා දී තිබේ. ඒ අතරට, පුද්ගල හා සමාගම් ප්‍රතිරුප සැකසීම, ඒවා යාවත්කාලීන කිරීම, තම ප්‍රතිරූපය ගොඩනගාගන්නට අවශ්‍ය අදහස් සහිත ලිපි ලියා දීම, තමන්ගේ ක්ෂේත්‍ර දැනුම පැහැදිලි කරන ආකාරයේ පෝස්ට් සොයා පළ කිරීම යනාදිය ඇතුළත්ය.
ඔබටද සහය අවශ්‍ය නම් මා සමග සම්බන්ධ වන්න. businesstrainersrilanka@gmail.com
මෙම ලිපියේ සඳහන් කරුණු ගැන විමසීම්, ප්‍රශ්න සහ ඔබේ අදහස් සාදරයෙන් පිළිගනිමි.
නිලූකා දිසානායක ව්‍යාපාර, නායකත්ව සහ පුද්ගලික සංවර්ධන පුහුණුකරුවෙකි. නිදහස් ලේඛිකාවකි. සංස්කාරකවරියකි.
LinkedIn Profile: https://www.linkedin.com/in/nilookadissanayake/
Leave a comment