පුද්ගලික මුදල් පාලනය යනු කුමක්ද?

අපගේ බොහෝ ජීවන සිහින සැබෑ කරගන්නට මුදල් අවශ්‍ය වේ. තමන්ගේම ගෙයක් සාදාගැනීම, වාහනයක් මිලදී ගැනීම, පවුලේ ජීවන තත්වය ඉහල මට්ටමකට ගෙනයෑම, තමන්ගේම ව්‍යාපාරයක් ඇරඹුම, තමන්ගේ හෝ තම දරුවන්ගේ උසස් අධ්‍යාපන සිහින් සැබෑ කරගැනීම යනාදිය පොදුවේ ශ්‍රී ලාංකික අප දකින ජීවන සිහින අතරට අයත්ය.

අධිෂ්ඨානය, කැපවීම, අනලස්බව යන හොඳ ගුණාංග සපිරුණු කෙනෙකුට පවා සෑහෙන මුදලක් නොමැතිව ඉහත සිහින සැබෑ කරගැනීම දුෂ්කරය.

දැහැමි ලෙසින් රැකියාවක් හෝ ව්‍යාපාරයක් කර ඔබ උපයන මුදල සාර්ථක මුදල් පාලනය තුළින් මනා ලෙස හසුරවාගෙන, එයින් කොටසක් ඉතිරි කර, සුරක්ෂිතව ආයෝජනය කරගැනීමෙන් ඔබට ඔබේ සහ ඔබ පවුලේ සිහින සැබෑ කරගන්නට මග පාදාගත හැකිය.

මුදල් පාලනය හැදෑරීමෙන් උගත හැකි දේ මොනවාද?

සාර්ථක පුද්ගලික සහ පවුලේ මුදල් පාලනය හැදෑරීමෙන් උගත හැකි දේ බොහෝය:

  • ලැබෙන මාසික ආදායම ගැන පැහැදිලි අවබෝධයක් ඇතිකර ගැනීම.
  • අපගේ වියදම් අතරින් අත්‍යවශ්‍ය සහ අත්‍යවශ්‍ය නොවන (අනවශ්‍ය) වියදම් මොනවාදැයි පැහැදිලි කර ගැනීම.
  • අත්‍යවශ්‍ය වියදම් පාලනය කරගන්නේ කෙසේද යන්න. (ආහාර, විදුලි බිල, දුරකථන බිල්, ඇඳුම් පැළඳුම්, ප්‍රවාහන යනාදිය)
  • අනවශ්‍ය වියදම් කරන්නට අප පොළඹවන බලපෑම් හඳුනා ගැනීම
  • අත්‍යවශ්‍ය නොවන වියදම් අඩු කර ගැනීමට උපාය මාර්ග
  • පුද්ගලිකව සහ පවුල වෙනුවෙන් මාසික බජට් එකක් සාදාගැනීම
  • සාදාගත් බජට් එකට සීමා වී ජීවත්වෙන අයුරු
  • හදිසි අවස්ථාවකට ගන්නට මුදලක් රැස් කරගැනීම
  • විවිධ ජීවන ඉලක්ක සඳහා ඉතිරි කිරීම
  • ඉතිරි කරන මුදල් වලින් උපරිම ප්‍රතිලාභ ලබාගන්නට සුරක්ෂිතව ආයෝජනය කිරීම
  • ජීවන ඉලක්ක සිතේ නොමැකෙන සේ පැලපදියම් කරගන්නට ක්‍රමෝපායන් හඳුනා ගැනීම

මේ සියල්ල ඉගෙන ගන්නේ කොහොමද?

මේ කිසිවක් අපට පාසලෙන් හෝ වෙන තැනක උන්ගන්වන්නේ නැත. වැඩි දෙනෙකුගේ දෙමාපියනටද මේ සියල්ල ගැන ප්‍රමාණවත් දැනුමක් නොමැත. එසේනම් ඒ ගැන දැනගන්නේ කොහොමද?

දශකයකට වැඩි කලක් දේශීය සහ විදේශීය මට්ටමෙන් පුද්ගලික මුදල් පාලනය, ඉතිරි කිරීම, නිවැරදිව ක්‍රෙඩිට් කාඩ් පතක් භාවිතය, ඉතිරි කරගත් මුදල් ආයෝජනය පිලිබඳ වැඩමුළු සකස් කර ඉදිරිපත් කර ඇති දේශිකාවකගෙන් ඔබට ක්‍රමානුකුල පුද්ගලික මුදල් පාලනය කරන අයුරු පියවරෙන් පියවර ඉගෙන ගන්නට අවස්ථාවක් පෑදී තිබේ.

දියුණුවට අත්වැලක් ෆවුන්ඩේෂන්හි සාදර අනුග්‍රහයෙන්, නොමිලේ පවත්වන පුද්ගලික මුදල් පාලන වැඩමුළු මාලාවකට සහභාගී වන්න.

නොමිලේ පවත්වන මාර්ගස්ථ (ඔන්ලයින්) වැඩමුළු මාලාව

දෙසැම්බර් මස 7 වැනි සෙනසුරාදා සිට සති 7ක් තිස්සේ, සවස් වරුවේ (ප.ව.3.30 – 4.30) පැවැත්වේ.

ඒ සඳහා සහභාගී වන්නට අදම ඉදිරිපත් වන්න.

වැඩමුළුවේ අන්තර්ගතය:

  • සාර්ථකත්වය යනු කුමක්ද?
  • ජීවන සිහින සහ ඉලක්ක පැහැදිලි කරගනිමු
  • ස්මාර්ට් (SMART) ඉලක්කයක ලක්ෂණ
  • ගෙදරට බජට් එකක් හදමු – ඔබේ බජට් එක ස්මාර්ට්ද?
  • මුදල් ඉතිරි කිරීම සඳහා සමීකරණයක්
  • අත්‍යවශ්‍ය සහ අනවශ්‍ය වියදම් මොනවාදැයි හඳුනාගනිමු
  • අනවශ්‍ය වියදමෙන් වැළකීමට ක්‍රමෝපාය
  • ලැබෙන මුදලින් ජීවත් වෙන්නට ක්‍රම සොයමු
  • මුදල් ඉතිරි කිරීමේදී වැදගත් කරුණු
  • ජීවන සිහින මනසේ පසක් කරගැන්මට මගක්
  • වැඩසටහන් මාලාවෙන් අප උගත් දේ මතක් කරගනිමු

සහභාගී වීමට කැමති නම්…

මෙම පෝරමය පුරවන්න. https://forms.gle/Uc599GRJZ4nZFEb8A

ඔබට යම් ගැටළුවක් තිබේනම් මෙහි කමෙන්ටුවකින් හෝ Whatsapp පණිවුඩයක් මගින් විමසන්න. Whatsapp (Messages only): 0710150973

මුදල් පාලනය Group 01 Whatsapp කණ්ඩායමට එක්වන්නට මෙම ලින්ක් එක භාවිතා කරන්න: https://chat.whatsapp.com/BUJIoVbsbyZ9XqF3Ef3eqw

මෙම පුහුණුව පවත්වන්නේ කා විසින්ද?

පුහුණුකරු: නිලූකා දිසානායක, ACMA,MBA (Strathclyde)

Burah Hathy සහ PwC ගණකාධිකරණ සමාගම්වල සහ බ්‍රවුන්ස් සමාගමේ ව්‍යාපාර සැලසුම් කළමනාකරු (Corporate Planning Manager) ලෙස රැකියාව කළ අතර ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල ව්‍යාපාරික සඟරාව වන අත්වල ව්‍යාපාරික සඟරාවේ කළමනාකරණ සංස්කාරකවරිය ලෙස කටයුතු කළාය.

මාධ්‍යවේදිනියක් ලෙස අත්වැල ප්‍රකාශන වලට මෙන්ම දිවයින, Sunday Times, Daily News, සහ The Island පුවත්පත් වලට දිගුකාලීන තීරු ලිපි සපයන ලදී. (Visit Facebook.com/BusinessTrainerSriLanka)

පුද්ගලික බැංකුවක ආරාධනයෙන් පුද්ගලික මුදල් පාලනය පිලිබඳ පුහුණු වැඩසටහන් රැසක් රට පුරා පවත්වා කාන්තාවන් දහස් ගණනකගේ ජීවන සිහින සැබෑ කරගන්නට අත්වැලක් ලබාදී ඇත.

වර්තමානයේ ලෝ පුරා සේවාදායකයන් සඳහා පොත් සහ වාර්තා ලිවීම (ghostwriting), අන්තර්ජාලයට ලිපි සැපයීම සහ පුහුණු වැඩසටහන් සැකසීමේ යෙදෙයි.

2024 ජුලි මස ස්ථාපිත කරන ලද දියුණුවට අත්වැලක් ෆවුන්ඩේෂන් (DAF) ආයතනයේ සභාපතිනියයි.

වැඩි විස්තර සඳහා නිලුකා දිසානායකගේ LinkedIn පිටුවට යන්න.

දියුණුවට අත්වැලක් ෆවුන්ඩේෂන් (DAF)

දියුණුවට අත්වැලක් බිහිවුයේ සිංහලෙන් පවත්වන පාසල් දරුවන් සඳහා අධ්‍යාපන මග, තරුණ පෙළට රැකියා මං, පුද්ගලික මුදල් පාලනය, ස්වයං සංවර්ධනය සහ සුළු ව්‍යාපාර සාර්ථක කරගැනීම ගැන වැඩසටහන් විරල බැවිනි.

විශේෂයෙන්ම මෙවැනි වැඩසටහන් ග්‍රාමීය මට්ටමින් පැවැත්වීමක් දක්නට නැත. එනමුත් එමගින් ලබාදෙන අන්තර්ගතය දරුවන්, තරුණ පෙළටපවුල් සහ කුඩා ව්‍යාපාර සාර්ථක මගට යොමු කරන්නට මහඟු අත්වැලක් ලබාදෙන බව නිලුකා දිසානායක ප්‍රමුඛ ආරම්භක අධ්‍යක්ෂවරුන් සහ සාමාජිකයින් හොඳින් හඳුනාගෙන තිබේ.

වැඩි විස්තර සඳහා මෙම පිටුව බලන්න.

මුදල් පාලනය, ස්වයං සංවර්ධනය, නායකත්වය, කළමනාකරණය ගැන දැනගන්නට…

Leave a comment

Start a Blog at WordPress.com.

Up ↑