බැඳීම

Ali Pazani from Pexels

ලෝකයේ මොනතරම් දේවල් පැවතී නැති වී යනවා ද? එහෙත් බොහෝ වේලාවට ඒ නිසා අපට දුකක් දැනෙන්නේ නැහැ. එහෙම වන්නේ ඒ දේවල් හා අපේ සම්බන්ධතාවක් නොවන නිසයි. ලෝකයේ මොන තරම් මිනිසුන් මැරෙනවා ඇත්ද? ඒ තුළ අපට දුකක් නොදැනෙන්නේ ඒ මැරෙන අය අපේ නොවන නිසයි.

බැරිවෙලාවත් අප දන්නා කෙනෙක් මැරුණාය යන ආරංචිය ලදොත් අපිට දුකයි. ඒ අපට කිසියම් සබඳතාවක් තිබෙන නිසයි. ඒ සබඳතා වැඩි වෙන්න වෙන්න එබඳු අය වෙන් වීමෙන් දැනෙන දුකත් වැඩියි. යමකට ඇති ආශාව වැඩි වන්න වන්නම එය ගිලිහී යාම තුල ඇතිවන්නාවූ දුක වේදනාවත් වැඩියි.

අප සිතට දුකක් දැනෙන්නේ අපම සිත තුල අනවශ්‍ය ආශාවන් තැන්පත් කරගෙන සිටින නිසයි.  සිතට දුක ගෙනෙන ආශාව තියාගෙන සිටින්නේ එහි ඇති අනිටු විපාක නොදකින නිසයි. ලොව සියල්ල කෙදිනකහෝ අත්හරින්නට සිදුවෙනබව සිතතොත් අනවශ්‍ය බැඳීම් ඇති වන්නේ නැහැ.

පූජ්‍යපාද තලල්ලේ චන්දකිත්ති ස්වාමීන් වහන්සේ විසින් රචිත සිතිවිලි: සිතන්නට නව මාවතක්  පොත් පිංච ඇසුරෙන්
Photo by Ali Pazani from Pexels

Leave a Reply

Start a Blog at WordPress.com.

Up ↑