නව කොරෝනා ඇඳිරිනීති දිනපොත 01: අජිතා කදිරගාමර් සමගින් සාකච්ඡාවක්

“මා හැම විටම මා කරන දෙයට සියයට සියයක් ආයාසයක් යොදනවා. මා කරන දෙයින් විශිෂ්ටයෙක් වීම සඳහා කළ යුතු දෙයින් ඔබ්බටද ගොස් එම දේ කරනවා.”

අජිතා කදිරගාමර් මා මුළින්ම දුටුවේ 80 දශකයේ රුපවාහිනී තිරයෙන්. දැන් මා වැනිම ෆ්රීලාන්ස් ලේඛිකාවක් ලෙස ස්වයං රැකියාවක යෙදෙන අජිතා අප හැමදෙනාට බොහෝ දේ ඉගනගන්නට හැකිවන ආකාරයේ බොහෝ වටිනා අත්දැකීම් වලින් පොහොසත්වූ ආදර්ශමත් කාන්තාවක්.

මේ COVID-19 නිසාවෙන් පැනවූ ඇඳිරිනීතිය අතරේ ඈ සමග කළ සංවාදයක කෙටි සටහනක්.

COVID -19 නිසා ඔබ ජීවිතය දෙස බලන ආකාරය වෙනස් වුණිද ? ඒ කෙසේද?

අනිවාර්යයෙන්ම ඔවු. අපි පුද්ගලික මට්ටමෙන් (සෞඛ්‍යය අතින්, සම්බන්ධතා අතින් වැනි ආකාර වලින්) මෙන්ම ජාතික මට්ටමින්ද බොහෝ දේ එසේම විය යුතුයි, අපටම කැප යයි සිතන බව (take for granted). අප ඉදිරියට හඹා යන වේගය අඩු කර, බලෙන්ම සෙමින් යන්නට පෙළඹුන විට, කර්මාන්ත මෙන්ම පරිභෝජනයත් අවම වී ගෝලීය මට්ටමෙන් සොබාදහම සහ පරිසරය නැවතත් ප්‍රාණවත්ව නැගී සිටින බවක් පෙනෙනවා.

බොහෝ දෙනෙකුට පෙර නොතිබුණු විවේක කාලයක් දැන් ලැබී තිබේ. ඔබ මේ අතිරේක කාලය යොදවන්නේ කුමක් සඳහාද?

මම මේ ප්‍රශ්නයට තරමක් වෙනස් විදියකට පිළිතුරු දෙන්නම්. අතිරේක කාලයක් තිබේනම් (රෝග උවදුරක් නිසා ඇති ඇඳිරි නීතිය නැතත්) එය භාවිතා කල යුත්තේ අපට පුරුදේ දෙයින් බාහිර නොපුරුදු දේ වෙතට යොමුවී අපගේ ජීවිත සිතිජය වඩාත් පුළුල් කරගන්නටයි. ඉංග්‍රීසියෙන් කීවොත්, to step out of one’s comfort zone.

මා ඇමරිකා එක්සත් ජනපදයේ මැසචුසෙට්ස් ප්‍රාන්තයේ ජීවත් වෙමින් තොරතුරු තාක්ෂණ සමාගමක අලෙවිකරණ රැකියාවක් කරමින් සිටියදී 2008 වසරේ ලෝක ආර්ථික අවපාතය හමුවේ මට මගේ රැකියාව අහිමි වුණා. මාස කිහිපයකින් නැවත රැකියාවක් සොයාගැනීමට හැකි වේ යයි මා විශ්වාස කළත් වසර එකහමාරක් පමණ විරැකියාවෙන් සිටින්නට මට සිදු වුණා.

ආර්ථික අවපාතයේ මුල් සති මාසවල මා අන්තර්ජාලයට ගිහින් රැකියාවන් වලට ඉල්ලුම් කළත් කිසිවෙක් හෝ නැවත මා හට ප්‍රතිචාරයක් දැක්වුයේ නැහැ. හිත මෙයින් බොහෝ අදිරිමත් වෙනවා.

මේ කාලයේ ඉලක්කයක් නැතිව ගෙදර හිරවෙලා සිටියදී මට බොහෝ අතිරේක කාලය තිබුණා. මට හැඟුනා මගේ මානසික සුවතාව සහ ජීවිතේ බේරගන්න නම් රැකියාවක් නැතත් කාර්යශීලිව ඉන්නට ක්‍රම සොයා ග ගත යුතුය කියා.

මම පළමුවෙන්ම රැකියා විරහිත අයගේ කණ්ඩායමකට එකතු වුණා.

සතියකට වරක් හමුවී අපි අපගේ අත්දැකීම් ගැන මෙන්ම කණ්ඩායමේ අයට උපකාර විය හැකි විවිධ ක්ෂේත්‍රවල රැකියා අවස්ථා ගැන කතා කරනවා. මා කණ්ඩායමේ සිටි සුළු “විදේශිකයන්ගෙන්” එක්කෙනෙක්.

මට මේ කණ්ඩායම ඉදිරියේ මගේ අත්දැකීම් ගැන කතාවක් පවත්වන්නට අවස්ථාව ලැබුණ විට මා ඔවුන්ට පෙන්වා දුන්නා විදේශිකයෙක් ලෙස මගේ විරැකියා කාලය තුළ මට මෙතරම් දෙයක් කළහැකිනම්, ඇමරිකානුවන්ට තිබෙන රජයේ සුවිශාල ආධාර සහ සම්බන්ධතා පද්ධති තුළ ඉඳන් අකර්මන්‍ය වී තනිවී සිටීමට ඔවුනට කිසිම හේතුවක් නොමැති බව.

ස්වෙච්ජා සේවය

විරැකියා සමය මුළදීම මා දැක්කා බොස්ටන් ආශ්‍රිත ප්‍රදේශවල ව්‍යාපෘති සඳහා විවිධාකාර හැකියාවන් සහිත ස්වෙච්ජා සේවකයින් සඳහා වූ දැන්වීමක්. මා මගේ ලේඛන හැකියා භාවිතයෙන් ස්වෙච්ජා සේවයට ඉදිරිපත් වුණා. අධ්‍යාපන සහ ශිෂ්‍යත්ව සේවා සඳහා වන පත්‍රිකා ලිවීමට මා තෝරා ගැනුන. කණ්ඩායමක් ලෙස අප ස්වෙච්ජාවෙන් කළ කාර්යයේ අගය ඇමරිකානු ඩොලර් 40,000ක් පමණ වුණා.

මගේ අතට ශතයක්වත් නොලැබුණත් මේ අත්දැකීම මගේ රැකියා අත්දැකීම් විස්තරයට (resume එකට) අගයක් එක් කළා. මෙනිසාමයි මා තමන් කරන ස්වෙච්ජා සේවාවන් ගැන රැකියා විස්තරයේ සඳහන් කරන්න කියා හැමදෙනාටම කියන්නේ.

අපේක්ෂා නොකළ අයුරින් හොඳ මුදලක්…

එලෙසම මා දුටුවා බොස්ටන් කාස්ටින් (Boston Casting) නම් රංගන ක්ෂේත්‍රයේ දක්ෂයින් (acting talent) සොයන ප්‍රමුඛ ආයතනයක දැන්වීමක්. මා ඔවුනගේ දත්ත එකතුවට එක්වූ පසුව මට නිතිපත ඊමේල් සහ ඇමතුම් ලැබෙන්න ගත්තා. මා ඔඩිෂන් (audition) කිහිපයකටත් ගියා. මෙතුලින් මට බොහෝ හොඳ පැවරුම් දෙකක් ලැබුණා.
එකක් තමයි රැකියා අවස්ථා ලබාදීමේදී විශේෂයෙන්ම කාන්තාවන්ට සිදුවන වෙනස්කම් (gender discrimination) ගැන මයික්‍රොසොෆ්ට් ආයතනික වීඩියෝවක්. එහි මා දැඩිව හැසිරෙන කළමනාකරුවකුගේ චරිතය රඟපෑවා.

දෙවැනි හොඳ ව්‍යාපෘතිය වුනේ ප්‍රමුඛ තොරතුරු තාක්ෂණ සමාගමක් වූ ස්කිල්සොෆ්ට් (Skillsoft) වෙනුවෙන් කළ රැකියා ස්ථානයේ සිරිත් විරිත් උගන්වන වීඩියෝ පෙළක්. පළමු වරට මේ විෂය බාහිර වූ කටයුත්තෙන් අපේක්ෂා නොකළ අයුරින් හොඳ මුදලක් උපයන්නට මට හැකි වුණා.

බ්ලොගර්/මාධ්‍යවේදියෙකු ලෙස සේවය

මගේ සුවිශේෂ දක්ෂතාවය වන ලිවීම උපයෝගී කරගෙන මා මැසචුසෙට්ස් ප්‍රාන්තයේ ප්‍රවෘත්ති වෙබ් අඩෙවි දෙකක් (Examiner.com and MarlboroughPatch.com) සඳහා බ්ලොගර්/මාධ්‍යවේදියෙකු ලෙසත් සේවය කළා. එමගින් ප්‍රදේශයේ සිත්ගන්නා ස්ථාන සහ සිද්ධීන් ගැන ලියන්නට ලැබුණා.

මේ කටයුත්ත කළේ මුදල් ඉපයීමට වඩා අන්තර්ජාලයේ ප්‍රතිරූපයක් (online presence) ගොඩනගා ගැනීමටයි.

ලිවීමේ හැකියාව ඇති හැමෝටම මා කියන්නේ ඔබගේ ලිවිමේ හැකියාවෙන් සමාජ මාධ්‍ය සහ බ්ලොග්ස් යනාදී විවිධාකාර අවස්ථා වලින් ප්‍රයෝජන ගෙන ඔබගේ සයිබර් පියසටහන ගොඩනගා ගෙන කීර්තිනාමය දියුණු කරගන්න කියලා.

ඔබට රැකියාවක් නොමැතිනම් “නොමිලේ” ලැබෙන සියලු දේ උද්යෝගයෙන් වැළඳගන්න!

ඔබට රැකියාවක් නොමැතිනම් “නොමිලේ” ලැබෙන සියලු දේ උද්යෝගයෙන් වැළඳගන්න! කොයි යම් වෙලාවක හෝ මට දැනගන්නට ලැබෙන නොමිලේ පවත්වන සමාජ මාධ්‍ය, අලෙවිකරණය, කාන්තා අයිතිවාසිකම් හෝ වෙනත් මගේ හිතට සමීප මාතෘකා පිලිබඳ සම්මන්ත්‍රණ හෝ වැඩමුළු සැමට සහභාගී වී එමගින් මා දැනුම අතින් තවත් පොහොසත් වෙනවා.

සිත් ගන්නා (interesting) අය හමුවීමේ බලාපොරොත්තුව ඇතුව සහ මගේ ප්‍රංශ සහ ස්පාඤ්ඤ භාෂා පාවිච්චිය දියුණු කරගන්නට මා එම භාෂා කතාබහ කරන කණ්ඩායම් වලටත් එකතු වුණා. නමුත් හාස්‍යජනක දේ වුනේ ඔවුන්ගේ භාෂා දැනුමට වඩා මගේ දැනුම ඉහල නිසා බොහෝ වෙලාවට මට සිදුවුණේ අනිත් අය කියන දේ පරිවර්තනය කිරීමටයි.
මෙහි සඳහන් කළ සමහර අවස්ථා ලංකාවේ නොතිබුනත්, මගේ පණිවුඩය වන්නේ අනපේක්ෂිත වේලාවන්හිදී අනපේක්ෂිත ආකාරයේ අවස්ථාවන් අප ඉදිරිය පැන නගින්නට ඉඩ ඇති බවයි. එනිසා හැම විටම අලුත් දේ කරන්නට සොයාබලන්නට ඔබව බලෙන්ම පොළඹවාගන්න.

වර්තමානයේ ඔබේ වයස 18 විනි නම් ඔබ ගෙදර ඉඳන් කරන්නේ මොනවාද?

මගේ වයස 18 වී මට අන්තර්ජාලයේ සැරිසරන්නට අවස්ථාව ලැබුණි නම් එය මට දිව්‍යලෝකයට ගියා වගේ වේවි.

මවිසින් තෝරාගත යුත්තේ කුමන රැකියා මගද කියා සොයාගන්නට අවශ්‍ය නම් මා හට ගෙදර ඉඳන්ම විවිධ වෘත්තීන් සහ රැකියා ගැන සොයා බලන්නටත්, ඒ ගැන ඇති ටියුටෝරියල් නරඹන්නටත්, ඒ සඳහා වන කණ්ඩායම් වලට එකතු වීමටත්, එතුළින් සිත් ඇදගන්නාවූ සාකච්ඡ වලට සහභාගී වීමටත් අවස්ථාව හිමි වෙනවා.

ඔබට ලැබෙන අතිරේක කාලයෙන් සැම තරුණතරුණියක්ම කල යුත්තේ කියවීම තුලින් තම භාෂා දැනුම සහ කුසලතා ගොඩනගා ගැනීමට උනන්දු වීමයි.විෂශයෙන්ම ඉංග්‍රීසි භාෂා දැනුම දියුණු කරගත යුත්තේ රැකියා ලොවේ සාර්ථකත්වයට දොරටුව එමගින් විවෘත වන නිසයි.

ඔබගේ රැකියා සහ අත්දැකීම් විස්තරය (resume) ගොඩනගාගැනීම

මේ වයසේදී වඩාත් වැදගත්ම පියවර වන්නේ ඔබගේ රැකියා සහ අත්දැකීම් විස්තරය (resume) ගොඩනගාගැනීම ගැන සිතීමයි.

මේ වන විට ඔබට රැකියා ලොව අත්දැකීම් නොතිබෙන්නට පුළුවන්. නමුත්, ඔබේ පුද්ගලික තොරතුරු, අධ්‍යාපනික සුදුසුකම්, විෂය බාහිර ක්‍රියාකාරකම්, ස්වෙච්චා කටයුතු සහ සමාජ සේවා කටයුතු එක කරමින් ඔබගේ බයෝඩේටා ලියන්න ආරම්භ කරන්න. රැකියාවලට බඳවාගන්නන් සහ අනාගත සේවා යෝජකයන් සොයන්නේ මනා ලෙස සමබර වූ පෞරුෂයක් සහිත නිර්මාණශීලී මෙන්ම නායකත්ව කුසලතා වලින්ද පරිපුර්ණ වූ අයවයි.

වර්තමානයේ ඔබේ වයස 25 විනි නම් සහ ඔබට රැකියාවක් තිබේ නම් මේ කාලයේ ඔබ ගෙදර ඉඳන් කරන්නේ මොනවාද?

ඕනෑම වයසකදී ස්වයං සංවර්ධනය අනිවාර්යයි. ඔබගේ සිත්ගත් ක්ෂේත්‍රවල අලුතින් වන දේ සහ ප්‍රවණතා ගැන කියවන්න. ඔබ ඇලුම් කරන ක්ෂේත්‍ර වඩාත් පුළුල් කරගන්න. ඔන්ලයින් පුහුණු සහ සහතිකකිරීම් ලබාගන්නට උනන්දු වන්න.

ඔබේ අතීතය දෙස හැරී බලන්න. ඔබට 18 හෝ 25 කාලයේ ඔබ (අධ්‍යාපනය හෝ රැකියාව සඳහා) කළ නොකළ කුමන දේ ගැන ඔබ අද පසුතැවිලි වන්නේද?

මා කිසිම දෙයක් ගැන පසුතැවිලි නොවන්නේ මා මගේ දිවිය හරි තැන, හරි කාලයට වූ සිදුවීම් පෙලකින් යුතු භාග්‍යවන්ත එකක් ලෙසින් දකින නිසයි.

එසේ වුණත් මා හැම විටම මා කරන දෙයට සියයට සියයක් ආයාසයක් යොදනවා. මා කරන දෙයින් විශිෂ්ටයෙක් වීම සඳහා කළ යුතු දෙයින් ඔබ්බටද ගොස් එම දේ කරනවා.

ශ්‍රී ලංකාවේ බොහෝ තරුණ අය මෙසේ සිතන්නේ නැහැ. මාසය අග පඩියක් ලබාගැනීමට මිස ඔවුන්ගෙන් බලාපොරොත්තු වන අවමයට ඔබ්බෙන් යමක් හෝ කරන්නට ඔවුන් තුළ ස්වයං පෙළඹවීමක් නැහැ.

Ajita formal CU

රැකියා අපේක්ෂකයන්ට සාර්ථක වීම සඳහා ඔබ දෙන අවවාද මොනවාද?

# වෘත්තීය ලෙස තෝරා ගතයුත්තේ ඔබ තදින්ම ප්‍රිය කරන දෙයක්

ඔබේ දිවියෙන් වැඩි කාලයක් ඔබ මේ දේ කරන්නට යන නිසා ඔබ වෘත්තීය ලෙස තෝරා ගතයුත්තේ ඔබ තදින්ම ප්‍රිය කරන දෙයක්.  ඔබ ඒ වැඩ කිරීම සඳහා උත්තේජමත්ව, දිරිමත්ව දිනපතා උදෑසන නැගිටීම වැදගත්. නිකන්ම නිකම් රැකියාවක් තෝරාගත්තොත් ඔබ එය නුරුස්සන තැනකට එන්න පුළුවන්.

# ව්‍යවසායකත්වය කෙරෙහි ඇල්මක් තිබේනම්

# ඔබ තුල ව්‍යවසායකත්වය කෙරෙහි ඇල්මක් තිබේනම් ඔබ කරන්නට කැමති දේ (ඉයුම්පිහුම්, යෝගා, ඉලෙක්ට්‍රොනික් යනාදී) තුලින් ව්‍යාපාරයක් ගොඩනගාගන්න.
තමන්ගේ ව්‍යාපාරයක හිමිකරුවෙක් වීම සහ ස්වයං රැකියාවක යෙදීම අභියෝගාත්මක වුවත් එය අතිශයින්ම තෘප්තිජනකයි.

# වෙලාවට වැඩ කරන්න.

# අන් අය ඔබෙන් අපේක්ෂාකරන දෙයට වඩා ඔබ්බට ගොස් වැඩි යමක් කරන්නට උත්සාහ කරන්න.

රැකියාවේදී හෝ ගෙදරදී හෝ පොදුවේ ජීවිතයේදී හෝ අන් අය ඔබෙන් අපේක්ෂාකරන දෙයට වඩා ඔබ්බට ගොස් වැඩි යමක් කරන්නට උත්සාහ කරන්න. ඉංග්‍රීසියෙන් මෙයට කියන්නේ “going the extra mile” කියලා.

# දිනපතාම ස්වයං සංවර්ධනයට මහන්සි ගන්න.

# සැමවිටම කණ්ඩායම් සමග වැඩ කරන්නෙකු වන්න (be a team player).

පළමු රැකියාව ලද කෙනෙකුට එහි සාර්ථක වීම සඳහා ඔබේ දෙන අවවාද මොනවාද?

නියම සාර්ථක බව එක දිනකින් ලැබෙන්නේ නැහැ. එය බිහිවන්නේ වසර ගණනාවක ඉගෙනීම, කැපවීම සහ නිරන්තර ස්වයං සංවර්ධනයේ සංකලනයක් ලෙසින්.

අවාසනාවකට, තාක්ෂණය විසින් වර්තමාන පරම්පරාවේ අයගේ ජීවිතය බොහෝ පහසු කර තිබෙනවා. එනිසාම, අන්තර්ජාලයේ පුලුල් පථය නිසා ඔවුන් බොහෝ දෙනෙක් හිතන්නේ එක රැයකින් සාර්ථක වන්නට හෝ ජනප්‍රිය වන්නට පුළුවන් කියලා.

පළමු පරම්පරාවේ රුපවාහිනී වෘත්තිකයෙක්

ශ්‍රී ලංකාවේ පළමු පරම්පරාවේ රුපවාහිනී වෘත්තිකයෙක් හැටියට මා හොඳින් දන්නවා 80 දශකයේ නිෂ්පාදකයින් සහ නිවේදකයින් ලෙසින් අප මුහුණදුන් අපමණ බාධක සහ සීමාවන්.

සම්මුඛ සාකච්ඡවකට හෝ පිටපතක් ලියන්නට හෝ අවශ්‍ය නිවැරදි තොරතුරු සොයාගන්නට අන්තර්ජාලයක් තිබුනේ නැහැ. ඒ කාලේ ටෙලි ප්රොම්ප්ටර් තිබුණේ නැහැ. සංස්කරණයේදී තුබූ ස්පෙෂල් ඉෆෙක්ට්ස් හරිම සීමිතයි.

තමන්ගේ තැනට ගැළපෙන නුවණින්, අපගේම දක්ෂතාවය තුලින් එවෙලේම තනිවම තීරණ ගන්නට අපට සිදු වුණා. මා නිතර දකිනවා තරුණ ගුවන්විදුලි සහ රුපවාහිනී නිවේදකයින් අතරින් සමහරු තමන් “personalities” කියා තම සමාජ මාධ්‍ය බයෝවල තමන්ව හඳුන්වගන්නවා.

ජනප්‍රියබව රසිකයන් විසින් අප වෙත පුදන ගෞරවයක්!

ජනප්‍රියබව (being a personality) එන්නේ වසර ගණනක් පුරා තම ක්ෂේත්‍රයේ දැනුම ලබාගනිමින්, මහන්සි වී වැඩ කරමින්, තමන්ගේ වෘත්තිමය තත්වය ඔප්පු කිරීම තුළින්. එවිටයි ජනාදරයට පත් වෙන්නේ. අපි අපිම තමන්ට personality එකක් කියාගන්නේ නැහැ. එය රසිකයන් විසින් අප වෙත පුදන ගෞරවයක්!

COVID-19 සම්බන්ධ ආර්ථික හා සමාජීය කටයුතු වසා ඇඳිරිනීතිය දැමීම ගැන ඔබ හිතන්නේ මොනවාද?
අපේ පාඨකයන්ට ඒ ගැන කියන්නට ඇත්තේ මොනවාද?

පුද්ගලිකව මා සිතන්නේ මේ කාලයේ අප ඉගෙනගන්නා පාඩම් හැමදාම අප තුළ තිබේවි කියලා.

මේ අවස්ථාව වන විටත් (මාර්තු 26 වනවිට) ශ්‍රී ලංකාවේ COVID-19 සම්බන්ධ මරණ කිසිවක් නොවීම ගැන මා ස්තුතිවන්තවෙනවා. නමුත් මෙය ශ්‍රී ලංකාවේ අප සැම අවදි කරන්නට සමත්වී තිබෙනවා. එමගින් අපට ස්වයං සංයමය, සමාජය, සෞඛ්‍යය සහ පුද්ගලික පිරිසිදුකම ගැන හිතන්නට අවස්ථාවක් හිමිවී තිබෙනවා.

අප ජීවත් වන්නේ අපගේම තනි වූ ආරක්‍ෂිත බබලයක් තුල නොවේ

මේ අතරින් අප ඉගෙනගන්නා ලොකුම පාඩම තමයි අප කිසිවෙක් ජීවත් වන්නේ අපගේම තනි වූ ආරක්‍ෂිත බබලයක් තුල නොවන බව. අප සැම දෙනාම අන්තයක් නොපෙනෙන ගෝලීය ජාලයක කොටස්කරුවන් බව. ලෝකයේ කොහේ හෝ දුර ඈත කොණක සිදුවන දේ තුළින් ගෝලයේ තවත් කොහේ හෝ දුර ඈත කොණකට සෝචනීය බලපෑම් ඇතිවන්නට හැකි බව අපට තේරුම් ගියා මෙමගින්.

වැඩිමහල් පරම්පරා යුධ සමයේ අත්විඳි දේ ගැන වැටහුමක් ලැබෙනවා

COVID-19 තුළින් ඇති වූ බලපෑම් නිසා ශ්‍රී ලංකාවේ තරුණ පරපුරට වැඩිමහල් පරම්පරා යුධ සමයේ අත්විඳි දේ ගැන වැටහුමක් ලැබෙනවා: ඇඳිරිනීති, උතුරු නැගෙනහිර ජනතාව රටේ ඉතිරියෙන් වෙන්වී හුදකලා වී උන් ආකාරය, පොදුවේ රට තුළ පැතිරී තිබුණ බිය සහ ජාතියක් වශයෙන් අප මුහුණ දුන් අවිනිශ්චිතභාවය.

අපි නැවත කවදාවත් එවැනි කාලයකට පිවිසෙන්න හොඳ නැහැ, යුද්ධ හෝ වසංගත හෝ නිසා.

ඔබ මෙයට කැමති නම් ඔබේ අදහස් අපට කියන්න. හිතට වැදුනානම් Like එකක් දී මිතුරන් හා ශෙයා කරන්න. ස්තුතියි.

One thought on “නව කොරෝනා ඇඳිරිනීති දිනපොත 01: අජිතා කදිරගාමර් සමගින් සාකච්ඡාවක්

Add yours

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Blog at WordPress.com.

Up ↑

%d bloggers like this: