නිර්මාණශිලිත්වය සහ අලෙවිකරණය මනා සේ සංකලනය කරන අන්ජුම් කාදර්: නව කොරෝනා ඇඳිරිනීති දිනපොත 05

මගේ පළමු පඩියේ සිටම ආයෝජනය ගැන වැඩි යමක් ඉගෙනීමට මා හට හැකි වුණානම් හොඳයි කියා සිතෙනවා.

නව කොරෝනා ඇඳිරිනීති දිනපොතේ තවත් පිටුවක් විචිත්‍ර කරන්නට අන්ජුම් කාදර් මෙසේ අප සමග එක්වුණා. ඈ ඔප්ටිමා ඩිසයින්ස් ආයතනයේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරිනියයි.

ඔප්ටිමා ඩිසයින්ස් ආයතනය ඈ 2013 වසරේ ආරම්භ කළේ දැන්වීම්කරණ ක්ෂේත්‍රයේ පුරෝගාමියකු වූ ලිලාමනී බෙන්සන් සමග හවුල් ව්‍යාපාරයක් ලෙසයි. ඔප්ටිමා ආයතනය විසින් සමාගම් වාර්ෂික වාර්තා, ඡායාරූප බහුල ලෙසින් භාවිතා කරන coffee table පොත්, සමාගම් ප්‍රකාශ පත්‍ර, විවිධ අවස්ථා සඳහා භාවිතා වන පොත් පිංච නොහොත් විස්තර පත්‍රිකා, පුවත් පත්‍රිකා, දින දර්ශන මෙන්ම වෙනත් අලෙවිකරණ ක්ෂේත්‍රයට අවශ්‍යවන ද්‍රව්‍ය සකසා දෙනවා.

This slideshow requires JavaScript.

Source: Optima Designs

COVID -19 නිසා ඔබ ජීවිතය දෙස බලන ආකාරය වෙනස් වුණිද ? ඒ කෙසේද?

ඔවු. එමගින් බලෙන්ම මා ජීවත්වන “වේගය” අඩුකර, හිමින් යන්නට මාව පොළඹවා තිබෙනවා. එනිසා මට හැකි වුණා මගේ සහ මගේ පවුලේ මුලික අවශ්‍යතා සහ ප්‍රමුඛතා වෙත අවධානය යොමු කරන්නට.

COVID -19 නිසා ඔබ රැකියාව කරන ආකාරය වෙනස් වුණිද ? ඒ කෙසේද?

මේ නිසා තාක්ෂණයෙන් හැකි උපරිම ප්‍රයෝජන ගැනීමට සහ අපගේ කටයුතු කරගෙනයාමට හැකිවන විවිධ ක්‍රම සහ විධි ගැන අලුතෙන් සිතා බලන්නටත් අප යොමු වුණා.

COVID -19 නිසා ඔබ සමග හෝ ඔබ යටතේ රැකියාව කරන අය රැකියාව කරන ආකාරය වෙනස් වුණිද ? ඒ කෙසේද?

ඒ අයත් ඔන්ලයින් වැඩකරන්නට යොමු වී සිටිනවා. අපි තාක්ෂණයන් ගැන වඩාත් දැනුවත් වෙමින් සිටිනවා. අපි දැන් අපගේ කණ්ඩායම් හමුවීම් පවත්වන්නේ ඔන්ලයින්.

ඒ අයට ගෙදර සිට සේවය කිරීමට මග පාදන්නට ඔබ විසින් කුමන ආකාරයේ වෙනස් කම් කළේද?

අපි අපගේ උපකරණ යනාදිය අවශ්‍ය තැන් වලට ගෙනගොස් කාටත් අන්තර්ජාලයෙන් වැඩ කරන්නට පිවිසුම් ලැබෙන්නට කටයුතු සලසා ගත්ත.

බොහෝ දෙනෙකුට පෙර නොතිබුණු විවේක කාලයක් දැන් ලැබී තිබේ. ඔබ මේ අතිරේක කාලය යොදවන්නේ කුමක් සඳහාද?

මා නම් කබඩ් අස්කරලා, ලිපිගොනු, ලිපි ඇඳුම්, පොත් යනාදිය අස්පස් කළා. පොදුවේ කියනවා නම් ජීවිතයට අනවශ්‍ය දේ ඉවත්කර, අවශ්‍ය දේ මනාව සරලව සකසාගෙන මාරි කොන්ඩෝ උගන්වන විදියේ වෙනස්කම් කළා.

එලෙසම මම ගෙදර ඉඳන් පාන් හදන ආකාරය ඉගෙනගත්තා!

වර්තමානයේ ඔබේ වයස 18 විනි නම් ඔබ ගෙදර ඉඳන් කරන්නේ මොනවාද?

එහෙමනම් මම ව්‍යාපාරික අවස්ථා සොයා බලලා මගේම ව්‍යාපාරයක් පටන්ගන්න සිතනවා.

වර්තමානයේ ඔබේ වයස 25 විනි නම් සහ ඔබට රැකියාවක් තිබේ නම් මේ කාලයේ ඔබ ගෙදර ඉඳන් කරන්නේ මොනවාද?

පළමුවෙන්ම මගේ රැකියාව වඩාත් හොඳින් ඔන්ලයින් කරන ආකාරය සොයා බලනවා. අලුත් දේ ඉගෙනගන්නවා. උදාහරණයක් ලෙස මාර්කටින් ඔන්ලයින් කරන්නේ කොහොමද කියා සොයා බලා ඉගෙනගන්නවා.

මගේ ආසාවල් අනුව යෝගා, මැසීම, ඉවීම, බේක්කිරීම, ගෙවතු වගාව, අලුත් භාෂාවක් ඉගෙනීම වැනි දේ කරනවා.

ඔබේ අතීතය දෙස හැරී බලන්න. ඔබට 18 හෝ 25 කාලයේ ඔබ (අධ්‍යාපනය හෝ රැකියාව සඳහා) කළ නොකළ කුමන දේ ගැන ඔබ අද පසුතැවිලි වන්නේද?

වෙනත් වගකීම් නොතිබූ කාලයේ, මගේ පළමු පඩියේ සිටම ආයෝජනය ගැන වැඩි යමක් ඉගෙනීමට මා හට හැකි වුණානම් හොඳයි කියා සිතෙනවා.

කළින්ම මුදල් ඉතිරිකර ආයෝජනය කරන්න. ඒ ලොව පොහොසත්ම අයගෙන් කෙනෙක් වන වොරන් බෆට්ගේ අවවාදයයි. මගේ මතකය හරිනම් ඔහු මෙසේ කිරීම ආරම්භ කළේ ඔහුට වසර 11 කාලයේදී.

රැකියා අපේක්ෂකයන්ට සාර්ථක වීම සඳහා ඔබ දෙන අවවාද මොනවාද? කරුණු කිහිපයක් සඳහන් කරන්න.

1. සැලසුම. සැලසුම. සැලසුම.

ඔබගේ රැකියා මගේ මීළඟ පියවර සැලසුම් කරන්න. යථාර්තවාදී වන්න. ඉදිරිමග යන්නට ඔබට කුමක් අවශ්‍යද කියා දැනගන්න. මේ සඳහා මුළින්ම තීරණය කළ යුතුයි ඔබට යන්න අවශ්‍ය කොහේද කියන එක.

2. ඔබ තුළ ආයෝජනය කරන්න.

එසේ කරන්නේ ඔබගේ කුසලතා දියුණු කරගැනීමෙන් සහ නව කුසලතා ඉගෙනීමෙන්. මුලික පරිගණක භාවිතයේ සිට, සමාජ මාධ්‍යවල ඩිජිටල් මාර්කටින් කරන අයුරු, කතාවක් පැවැත්වීම සහ ඔබගේ වෘත්තියට වැදගත්වන අයුරින් නෙට්වර්කින් නොහොත් සම්බන්දතා ජාලයක් ගොඩනගාගැනීම වැදගත්. දැන් නෙට්වර්කින්ග් අන්තර්ජාලය තුළින්ම කළහැකියි.

3. ඔබව අලෙවිකරණය කරගන්න හැටි ඉගෙනගන්න.

ඔබගේ අගය මනා සේ ඔප ගන්වමින්, ඔබ කතාකරන සහ ලියන ආකාරය, ඔබ ඔබගේ ප්‍රතිරූපය විදහා දක්වන අයුරු–මේ CV එකෙන්, ඇඳුම් අඳින අයුරු, කතාකරන හෝ හැසිරෙන අයුරු වෙන්න පුළුවන්–යන මේ සියල්ල හොඳින් හිතබලා කරන්න. ඔබ කරන්නට සිහින මවන රැකියාව හෝ වෘත්තීයමග කුමක්දැයි යන්න හඳුනාගැනීමත් වැදගත්.

4. රැකියා ස්ථානය හෝ ආයතනය ගැන හැකිතරම් තොරතුරු සොයාගන්න.

ඔබ රැකියාවකට ඉල්ලුම් කරන්නට පෙර සහ ඔවුන් හමුවීමට යන්නට පෙර එම රැකියා ස්ථානය හෝ ආයතනය ගැන හැකිතරම් තොරතුරු සොයාගන්න.

පළමු රැකියාව ලද කෙනෙකුට එහි සාර්ථක වීම සඳහා ඔබේ දෙන අවවාද මොනවාද?

1. රැකියා ආයතනය සහ එහි ඔබගේ වගකීම් ගැන දැනගත හැකි සියලු දේ දැනගන්න.

2. ඔබගේ රැකියාවේ දක්ෂතම පුද්ගලයෙක් වන්නට අවශ්‍ය සියලු දේ ඉගෙනගන්න.

3. රැකියා මගේ මීළඟ පියවර කුමක්ද සහ ඒ සඳහා අවශ්‍ය දේ මොනවාදැයි දැන, ඒ සඳහා සුදානම් වෙන්න.

4. ඔබගේ නායකයාව (බොස්ව) අධ්‍යයනය කරන්න. ඔහුව හෝ ඇයව ප්‍රිය කරන්නටත්, ඔහු හෝ ඇය ඔබෙන් අපේක්ෂා කරන දේ හොඳින් දැන ඒ සියලු දේ සෑම විටම විශිෂ්ට මට්ටමකින් ඉටු කරන්නට උත්සාහ කරන්න.

5. ඔබගේ රැකියා සගයින් සමග සුහදව සිටින්න. කණ්ඩායම් ලෙස වැඩ කරන විටය හොඳ “කණ්ඩායම් ක්‍රීඩකයෙක්” වන්න.

6. ඔබගේ රැකියාව සහ ඒ වෙනුවන් අයත් කාලය අගය කරන්න. ඔබට වැටුපක් ලැබෙන්නේ එම කාලය සඳහාය.

අපගේ දියුණුව බ්ලොග් එකේ ඉගෙනුම, ස්වයංසංවර්ධනය, රැකියා මග සහ ව්‍යවසායකත්වය ගැන කරුණු ඇතුලත්ය. මේ මාතෘකා ගැන ඔබේ අදහස් බෙදාගන්නේ නම්, ඒ මොනවාද?

අලුත් දේ කියවා විවෘත මනසකින් යුතුව ඉහත මාතෘකා සියල්ල ගැන අලුත් දේ ඉගෙනීමට පුරුදුවීම වැදගත්.

නව සහ පැරණි දැනුම සඳහා අන්තර්ජාලය වටිනා ප්‍රභවයක්. අප එයින් උපරිම ප්‍රයෝජන ගත යුතුයි.

අපගේ බ්ලොග් එක බලන අයට ප්‍රයෝජනවත් වේ යයි සිතන පොත්, බ්ලොග්, වෙබ් අඩවි මොනවාද?

කතුවරුන් කිහිපයක්:

ඔබ දෛනිකව හෝ සති පතා කියවන්නේ මොනවාද?

මම දේශීය පුවත්පත් කියවනවා. නමුත් ඒවායේ අසුබවාදී දේ බහුල නිසා ව්‍යාපාරික සහ මුදල් පිළිබඳ කොටස් වලටයි වැඩි අවධානය දෙන්නේ.

ඔන්ලයින් ප්‍රභව:

  • බීබීසී රේඩියෝ 4 වල හොඳ පොඩ්කාස්ට් තිබෙනවා.
  • ප්‍රධාන ප්‍රවෘත්ති චැනල බලනවා. ලෝකේ වටේ විවිධ දේ කරන ආකාරය ගැන අදහසක් ලබාගන්න මා කැමතියි. රට ඇතුළත වන දේ ගැන විතරක් දැනීමෙන් අපි ලිඳේ ඉන්න ගෙම්බෝ වගේ වෙනවා. එනිසා එසේ කිරීමට නම් කිසිවිටක උනන්දු කරන්නේ නැහැ.
  • මා කින්ඩ්ල් (Kindle) සහ ඔඩිබල් (Audible) වල හොඳ රසිකයෙක්. එමගින් ඔබගේ කැමැත්ත අනුව කියවීමට හෝ සවන්දීමට තෝරාගතහැකි පොත් රාශියක් තිබෙනවා.

ස්වයං සංවර්ධනය සඳහා (කායික, මානසික, චිත්තවේගීය, අධ්‍යාත්මික, බුද්ධිමය, තාක්ෂණික) ඔබේ කරන්නේ මොනවාද?

මා ශාරීරික ව්‍යායාම ගැන විශ්වාස කරනව. තමන්ගේ වයසට සරිලන දේ හැකි හැම විටම කිරීම වැදගත්. ගෙදරට හිරවී සිටින විට ට්‍රේඩ්මිල් එකක ඇවිදීම, යොගා සහ නම්‍යශීලී ක්‍රියා මගේ තේරුමයි. මගේ දරුවන් හා කරන විට මේවා වඩාත් විනෝදජනක වෙනවා.

මුස්ලිම් කෙනෙකු වන මගේ ඇදහීමද මා හට ශක්තියක් වෙනවා. ඉස්ලාම් ආගම නිසි සේ පිලිපදින්නෙකුට ආගම තුළින් දෛනික දිවියට හැසිරීම් ව්‍යුහයක් සහ සංයමයක් ඉබේම ලබාදෙනවා.

ඔබගේ ආගම, විශ්වාසය හෝ ජීවන දර්ශනය කුමක් වුවත් එමගින් ඔබට නිසල බව සහ නැවත ප්‍රකෘතිමත් වීමේ හැකියාව ලබාදෙනවා.

COVID-19 සම්බන්ධ ආර්ථික හා සමාජීය කටයුතු වසා ඇඳිරිනීතිය දැමීම ගැන ඔබ හිතන්නේ මොනවාද?

අපේ ජීවිතවල අපට බොහෝ අවස්ථාවලදී අප තුළ ගැඹුරින් සැඟවුන ශක්තිය සොයගෙන නැණවත්ව කටයුතු කරන්නට සිදු වෙනවා.

අපි හැමෝම වගේ කම්පනය දනවන පුද්ගලික අත්දැකීම් අත්විඳ තිබෙනවා. එලෙසම ජාතියක් ලෙසද මේ ආකාරයේ අත්දැකීම් වලට අප මුහුණදී තිබෙනවා. මේ එවැනි තවත් අවස්ථාවක්.

මේ අවස්ථාවේදී කළ යුතු දේ සහ නොකළ යුතු දේ ගැන අපට ලැබෙන උපදෙස් වලට සවන්දී එයට පිළිපදිමින්, නිහතමානීව සහ සිතාමතා කටයුතු කිරීම වැදගත්.

මේ ඔබගේ ආදරණීයයන්ගේ සහ සමහරවිට ඔබගේ ජීවිතය අවදානමකට පත් වූ අවස්ථාවක්. එය බරපතළ දෙයක් බව තේරුම් ගෙන සාධාරණව හැසිරෙන්න. නීතිරීති වලට ගරුකරන්න. සාමුහික ලෙසින් ගෙදර ඉඳීමෙන් මේ ව්‍යසනයෙන් මිදෙන්නට දායක වන්න.

ඔබ සුළු ව්‍යාපාරිකයන්ට ඔබ දෙන අවවාද මොනවාද?

ඔබේ සේවකයින් ඔබගේ වගකීමයි. ඔවුන් සමග නිතර කතා කරන්න.

මේ අවස්ථාවේ ඔවුන් මුහුණදෙන තත්වය ගැන දැනුවත් වන්න. ඔවුනට උපකාර කිරීමේ හැකියාව ඔබ සතුනම්, ඔවුනට හැකි අයුරින් උදවු කරන්න.

ඔබට සමහර දේ ගැන වැඩි යමක් කරන්නට නොහැකි වුණත් ඔවුනට ශක්තියක්, දිරියක්, සැනසුමක් වෙන්න ඔබට හැකියි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Blog at WordPress.com.

Up ↑

%d bloggers like this: