ලාංකික අධ්‍යාපන ක්ෂේත්‍රය අන්තර්ජාලයට ගෙනයන්නට උත්සාහ දරන නිරෝෂන් ගුණතිලක – නව කොරෝනා ඇඳිරිනීති දිනපොත 06

මගේ මුළු අතීතයම හැඩගැසුණේ මා විසින්ම ගත් තීරණ තුළින්.

නිරෝෂන් ගුණතිලක අධ්‍යාපන ක්ෂේත්‍රයේ නියුතු ව්‍යවසායකයෙකි. නායකත්ව පුහුණුකරුවෙකි, ඉගෙනීම සහ සංවර්ධනය පිලිබඳ විශේෂිත දැනුමැති අන්තර්ජාලයේ ඉගෙනුම (e Learning) සඳහා අන්තර්ගතය ගොඩනගන්නෙකි.

මා Linkedin තුළින් නිරෝෂන්ගෙන් නව කොරෝනා ඇඳිරිනීති දිනපොත වෙනුවෙන් ප්‍රශ්ණ කිහිපයකට පිළිතුරු දිය හැකිදැයි විමසුවේ පසු ගිය මාර්තු 25 වනදාය.

දින පහකින්, එනම් මාර්තු 30 වැනිදා ඔහුගේ ප්‍රතිචාරය එවා තිබුණේ මේ පණිවුඩයත් සමගින්:

“ඔබේ බ්ලොග් එක තුළින් අදහස් බෙදාගැනීමට අවස්ථාවක් ලබාදීම ගැන ස්තුතියි. ප්‍රතිචාරය පරක්කු වුණේ කාර්යබහුල නිසා. අපි “සාර්ථකත්වය සඳහා ඉලක්ක සකස් කිරීම” නම් නව පාඨමාලාවක් දියත් කළා. පහත දැක්වෙන්නේ ඔබේ ප්‍රශ්න වලට පිළිතුරුයි.”
මේ මොන පාඨමාලාවක්ද කියා සොයන්න මා නිරෝෂාන්ගේ නවතම LinkedIn පෝස්ට් කියෙව්වා. ෆ්ලෙක්ස් ලර්න් ගැන වීඩියෝවක් නැරඹුවා. වෙබ් අඩෙවියට ගිහින් බැලුවා.

Flexlearn
එමගින් ඔහු ගැන වඩාත් අවබෝධයක් ලැබුණා. සත්‍යයෙන්ම මා නිරෝෂන් හඳුනන්නේ LinkedIn තුලින් පමණයි. ඔහු පෝස්ට් කළ සමහර දේ වලට මා ප්‍රිය කරනවා. නමුත් ඔහු ගැන වැඩි අවබෝධයක් ලැබුණේ මේ COVID-19 ඇඳිරිනීති ලිපිපෙළ නිසා.

COVID -19 නිසා ඔබ ජීවිතය දෙස බලන ආකාරය වෙනස් වුණිද ? ඒ කෙසේද?

ඔවු. ලෝකය පාලනය කරන්නේ සොබාදහමයි. ඒ ගැන කිසිම තර්කයක් නැහැ. සොබාදහම තීරණය කරාවි මේ ලෝකය කොහොම විය යුතුද කියා. එනිසාම අප සොබාදහම සංරක්ෂණය ගැන දැනට වඩා හිතන්න ඕනෑ. එහෙම නොකළොත් සොබාදහම අපට දරාගන්න බැරි විදියේ පාඩම් උගන්වාවි.

COVID -19 නිසා ඔබ රැකියාව කරන ආකාරය වෙනස් වුණිද ? ඒ කෙසේද?

ඔවු. සීයට 50ක් පමණ. මා නියැලී සිටින්නේ පුහුණු සහ සංවර්ධන ක්ෂේත්‍රයේ. මා ආයතන වලට ගොස් පවත්වන සියළු පුහුණු වැඩසටහන් ඇඳිරිනීතිය නිසා නැවතිලා. නමුත් ඊ-ලර්නින්ග් (eLearning) කටයුතු ඉදිරියට යනවා, තවත් පුළුල් වෙමින්.

COVID -19 නිසා ඔබ සමග හෝ ඔබ යටතේ රැකියාව කරන අය රැකියාව කරන ආකාරය වෙනස් වුණිද ? ඒ කෙසේද?

කොහොමටත් මගේ කණ්ඩායම වැඩ කරන්නේ දුරස්ථව. එනිසා පුහුණුකරුවන් කිහිප දෙනෙකුට පමණයි ඇඳිරිනීතියෙන් බාධා වුණේ. වර්තමානයේ ඔවුනුත් ඔන්ලයින් පුහුණුවට යොමු වී තිබෙනවා ඔවුන්ගේ රකියාමග සංවර්ධනය සඳහා.

බොහෝ දෙනෙකුට පෙර නොතිබුණු විවේක කාලයක් දැන් ලැබී තිබේ. ඔබ මේ අතිරේක කාලය යොදවන්නේ කුමක් සඳහාද?

මට ලැබුන අතිරේක කාලය මා ස්වයං සංවර්ධනයට සහ මගේ පවුලේ අය සමග ගත කරන්නට යොදාගත්තා.

වර්තමානයේ ඔබේ වයස 18 විනි නම් ඔබ ගෙදර ඉඳන් කරන්නේ මොනවාද?

පොත් කියවීමට සහ වාර්තා වැඩසටහන් (documentaries) නැරඹීමට යොමු වෙනවා.

වර්තමානයේ ඔබේ වයස 25 විනි නම් සහ ඔබට රැකියාවක් තිබේ නම් මේ කාලයේ ඔබ ගෙදර ඉඳන් කරන්නේ මොනවාද?

ඔන්ලයින් වැඩ කරනවා. මගේ රැකියා මග සංවර්ධනයට අදාළ දේ ඔන්ලයින් පුහුණු වලින් ඉගෙනගන්නවා. මගේ පවුලේ අය සමග සම්බන්ධ වී කාලය ගත කරනවා.

ඔබේ අතීතය දෙස හැරී බලන්න. ඔබට 18 හෝ 25 කාලයේ ඔබ (අධ්‍යාපනය හෝ රැකියාව සඳහා) කළ නොකළ කුමන දේ ගැන ඔබ අද පසුතැවිලි වන්නේද?

පසුතැවෙන්න කිසිවක් නැහැ. මගේ මුළු අතීතයම හැඩගැසුණේ මා විසින්ම ගත් තීරණ තුළින්. මේ දක්වා මගේ ජයග්‍රහණ ගැන මා සතුටු වෙනවා.

රැකියා අපේක්ෂකයන්ට සාර්ථක වීම සඳහා ඔබ දෙන අවවාද මොනවාද?

  • ඔබේ තාක්ෂණික දැනුම් ක්ෂේත්‍රය තුළින් ඔබගේ මෘදු කුසලතා වැඩිදියුණු කරගන්න.
  • ඔබේ අනාගතය පිළිබඳව සවිමත් සැලසුමක් සාදාගන්න.
  • ඔබේ ඉලක්ක පැහැදිලි විය යුතුයි.
  • ඔබේ සැලසුමට තදින්ම අනුගත වන්න.
  • විකල්ප Plan B එකක් මත විශ්වාසය තබන්න එපා.

පළමු රැකියාව ලද කෙනෙකුට එහි සාර්ථක වීම සඳහා ඔබේ දෙන අවවාද මොනවාද?

  • සම්මුඛ සාකච්ඡා පිළිගැනීමට පෙර ඔබගේ රැකියාව ගැන ඇති සැක සියල්ල දුරු කරගන්න.
  • සිතා බලා ව්‍යවසායකයකු සේ රැකියාව කරන්න.
  • මේ රැකියාව අත්දැකීම් රැස්කර ගැනීමට සහ ස්වයං සංවර්ධනයට ඔබ ලද අගනා අවස්ථාවක් ලෙස සළකන්න.

දියුණුව බ්ලොග් එකේ ඉගෙනුම, ස්වයං සංවර්ධනය, රැකියා මග සහ ව්‍යවසායකත්වය ගැන කරුණු ඇතුලත්ය. ඉහත ප්‍රශ්න වලට කැටි නොවුන නමුත්, මේ මාතෘකා ගැන ඔබේ අදහස් බෙදාගන්නේ නම්, ඒ මොනවාද?

සතිය (mindfulness), ව්‍යාපාර පාලනයේදී අදාළ වන බෞද්ධ දර්ශනය, නායකත්වය සහ කණ්ඩායම් සංවර්ධනය වැදගත් මාතෘකා.

අපගේ බ්ලොග් එක බලන අයට ප්‍රයෝජනවත් වේ යයි සිතන පොත්, බ්ලොග්, වෙබ් අඩවි මොනවාද?

ඔබ දෛනිකව හෝ සති පතා කියවන්නේ මොනවාද?

ස්වයං සංවර්ධනයට අදාළ ලිපි, කාලීන මාතෘකා සහ ව්‍යාපාරික තොරතුරු කියවනවා.

ස්වයං සංවර්ධනය සඳහා (කායික, මානසික, චිත්තවේගීය, අධ්‍යාත්මික, බුද්ධිමය, තාක්ෂණික) ඔබේ කරන්නේ මොනවාද?

මෙහිදී කාය වර්ධනය, කියවීම සහ පවුලේ අය සමග කාලය ගතකිරීම සඳහන් කරන්න පුළුවන්.

COVID-19 සම්බන්ධ ආර්ථික හා සමාජීය කටයුතු වසා ඇඳිරිනීතිය දැමීම ගැන ඔබ හිතන්නේ මොනවාද?

අපගේ ජීවිත වල කඳු පල්ලම් තිබෙනවා. ස්ථිරවම නොවෙනස් වන්නේ වෙනස්වීම නම් යථාර්තයයි. COVID-19 නම් අර්බුදකාරී අවස්ථාව මැඩගන්නට සෞඛ්‍ය සේවා වලට සහ තාක්ෂණයට හැකි වේවි, ඉහත යථාර්තය අයුරින්ම. මේ තත්වය පහ වී යන තුරු හොඳ දේ කරමින් දිරිමත්ව සිටින්න.

ඔබ දැනට ව්‍යාපාරයක් කරයි නම් හෝ ව්‍යාපාරයක කටයුතු කර තිබේනම් සුළු ව්‍යාපාරිකයන්ට ඔබ දෙන අවවාද මොනවාද?

හැම දේම වෙනස් වෙනවා. දිරිමත්ව සිටින්න. ඔබ යන මග මාර්ගය හරි දිශාවට යොමුව ඇති බව ස්ථිර කරගන්න. ව්‍යාපාරික කටයුතු යහධර්මානුකුලව (ethical) කරන්නට අධිෂ්ඨාන කරගන්න.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Blog at WordPress.com.

Up ↑

%d bloggers like this: