ඇඳිරිනීති සමයේ දෙවැනි උපාධිය අවසන් කරන්නට වෙර දරන රන්දිමා ගෝනවල: නව කොරෝනා ඇඳිරිනීති දිනපොත 07

දැන් අපි ජීවත් වන්නේ ඩිජිටල් යුගයක.

ඕනේ තරම් ඔන්ලයින් පාඨමාලා තියෙනවා හදාරන්න.

එය අපිට රැකියාවකට සුදුසුකමක් ලැබෙන දෙයක් වෙන්න පුළුවන්. නැත්නම් ජීවන කුසලතා වැඩි දියුණු කරන දෙයක් වෙන්න පුළුවන්.

මේ නව වසරේ සුබ මොහොතින් නව කොරෝනා ඇඳිරිනීති දිනපොතේ තවත් පිටුවක් පෙරලන්නට අප හා එක් වුණේ රන්දිමා ගෝනවල.

රන්දිමාගේ වයස අවුරුදු 26යි. තොරතුරු තාක්ෂණය පිළිබඳ විද්‍යාවේදී උපාධියක් දරන ඈ මහජන බැංකුවේ මාස අටක ව්‍යාපාර විශ්ලේෂක (business analyst) තනතුරක පුහුණුව ලබා අනතුරුව රෝයල් ෆර්න්වුඩ් පෝසිලේන් ආයතනය හා එක් වුනේ ප්‍රධාන විධායක නිලධාරියාගේ පුද්ගලික සහයක නිලධාරිනිය සහ ආයතනයේ ලේකම්වරිය ලෙස කටයුතු කරන්නයි.
නව කොරෝනා ඇඳිරිනීති දිනපොතේ තවත් පිටුවක් විචිත්‍ර කරන්නට මෙසේ අප සමග එක්වුණා.

COVID -19 නිසා ඔබ ජීවිතය දෙස බලන ආකාරය වෙනස් වුණිද ? ඒ කෙසේද?

COVID-19 ඇත්තටම අපිට ජීවිතයේ අස්ථිර බව වටහාගන්නට ලැබුණු අවස්ථාවක්. අපි මේ ලෝකේ කොහේ මොනවගේ වත්පොහොසත්කම් එක්ක ජීවත් වුණත් ඒ හැම දේම එක මොහොතකින් අපට නැතිවෙලා යන්න පුළුවන් කියන දේ හුඟදෙනෙක්ට අමතක වෙලා තියෙන්නේ. අපි ළඟ මොන තරම් ධනය, වස්තුව තිබුණත් අපට කවදාවත් ලෙඩ නොවී ඉන්නවත් නොමැරී ඉන්නවත් හැකියාවක් නැහැ. මේ දේවල් තේරුම් අරන් අප  කළ යුත්තේ වර්තමානයේ සතුටින් ජීවත් වීමයි.

COVID -19 නිසා ඔබ රැකියාව කරන ආකාරය වෙනස් වුණිද ? ඒ කෙසේද?

මම නිෂ්පාදන අංශයට අයත් රෝයල් ෆර්න්වුඩ් පෝසිලේන් කර්මාන්ත ආයතනයේ ලේකම්වරිය ලෙස කටයුතු කරනවා. සේවකයන් 500කට අධික ගණනක් අප ආයතනයේ රැකියාව කළද අත්‍යවශ්‍ය සේවාවක් නොවන නිසා සියළුදෙනාගේ ආරක්ෂාව වෙනුවන් කර්මාන්තශාලාව වසා දමා තිබෙනවා. එහෙත් පරිපාලන අංශයේ වැඩ කටයුතු නිවෙස්වල සිට කරගෙන යාමට කටයුතු යොදාගෙන තිබෙනවා.

COVID -19 නිසා ඔබ සමග හෝ ඔබ යටතේ රැකියාව කරන අය රැකියාව කරන ආකාරය වෙනස් වුණිද ? ඒ කෙසේද?

පරිපාලන අංශයේ කාර්යමණ්ඩලය ඇතුළු විධායක නිලධාරීන් නිවෙස්වල සිට තම රාජකාරි කටයුතු කරගෙන යනවා. සේවකයින්ගේ මාසික වැටුප් ලබාදීම් ඇතුළු අනෙකුත් කටයුතු මෙමම අපි ඉදිරි කාලය සඳහා මුහුණදීමට අවශ්‍ය උපායමාර්ගික සැලසුම්, ඔන්ලයින් මීටින්වලට සහභාගී වෙමින් සුදානම් කරනවා.

ඊමේල් භාවිතය වගේම WhatsApp වැනි සමාජ ජාලා මාධ්‍ය භාවිතයෙන් අපේ සන්නිවේදන කටයුතු කරගෙන යනවා.

ඒ අයට ගෙදර සිට සේවය කිරීමට මග පාදන්නට ඔබ විසින් කුමන ආකාරයේ වෙනස් කම් කළේද?

බොහොමයක් පරිපාලන අංශයේ සේවක සේවිකාවන් සතුව ආයතනයෙන් ලබාදී ඇති ලැප්ටොප් පරිගණක තිබෙන අතර එසේ නොමැති, සේවය අවශ්‍ය අය හට පරිගණක අන්තර්ජාල ප්‍රවේශය ලබාගතහැකි මාර්ග සලසා දීමට අපි සමත් වුණා.

තවද ආයතනය විසින් ලබාදී ඇති දුරකථන සිම් පත් මගින් සන්නිවේදන කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට හැකියාව තිබෙනවා.

බොහෝ දෙනෙකුට පෙර නොතිබුණු විවේක කාලයක් දැන් ලැබී තිබේ. ඔබ මේ අතිරේක කාලය යොදවන්නේ කුමක් සඳහාද?

මම රැකියාව කරන්නේ කොළඹ ප්‍රදේශයේ. නමුත් මගේ ගෙවල් නුවර. මම රැකියාව කරන අතරතුර සති අන්තයේ MBA උපාධිය හදාරනවා. ඒ නිසා නිවසට යන්න ලැබෙන්නේ ඉතාමත් කලාතුරකින්. මේ ලැබුණු විවේක කාලය ගැන ඇත්තෙන්ම මට ඉතා සන්තෝෂයි. මෙය මගේ පවුලේ අය සමග ගත කරන්න ලැබුණු වටිනා අවස්ථාවක්.

මම මගේ උපාධිය සම්පුර්ණ කිරීමේ අවසන් අධ්‍යයන වාරයේ සිටින නිසා මගේ කාලයෙන් වැඩි කොටසක් යොදවා තියෙන්නේ මගේ පර්යේෂණ නිබන්ධනය (Research Thesis) අවසන් කිරීමටයි. නමුත් ඒ අතරතුර චිත්‍රපට නැරඹීම, පොත් කියවීම, විවිධ කුඩා අතුරුපස වර්ග සැකසීම වැනි දේද කරනවා.

වර්තමානයේ ඔබේ වයස 18 විනි නම් ඔබ ගෙදර ඉඳන් කරන්නේ මොනවාද?

අවුරුදු 18 කියන්නේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක්.

තමන්ගේ අනාගතය තීරණය කරන්න සුදුසුම කාලයක්. උසස් පෙළ කරලා මහන්සිවෙලා ඉන්න කාලේ අපට හිතෙන දෙයක් තමයි ආපහු පොත් බලන්නේවත් නෑ කියන එක. නමුත් මේ කාලයේ අපිට පුළුවන් වෙනත් කුසලතා දියුණු කරගන්න යොදාගන්න.

දැන් අපි ජීවත් වන්නේ ඩිජිටල් යුගයක. ඕනේ තරම් ඔන්ලයින් පාඨමාලා තියෙනවා හදාරන්න. එය අපිට රැකියාවකට සුදුසුකමක් ලැබෙන දෙයක් වෙන්න පුළුවන්. නැත්නම් ජීවන කුසලතා වැඩි දියුණු කරන දෙයක් වෙන්න පුළුවන්.

උදාහරණයකට, පරිගණක, ඉංග්‍රීසි, අලෙවිකරණය, උපදේශන වගේ නොයෙකුත් අංශවල පාඨමාලා වගේම, අත්කම්, ඉවුම්පිහුම්, සංගීතය, නර්තනය, විවිධ භාෂා වගේ දේවල් අපට අන්තර්ජාලය හරහා ඉගෙනගැනීමේ හැකියාව තිබෙනවා. මේ කාලය එවැනි යමකට යොදාගන්න පුළුවන්.

Randima2

වර්තමානයේ ඔබේ වයස 25 විනි නම් සහ ඔබට රැකියාවක් තිබේ නම් මේ කාලයේ ඔබ ගෙදර ඉඳන් කරන්නේ මොනවාද?

මම ඇත්තටම වර්තමානයේ වයස 26ක කෙනෙක්. මේ අවස්ථාවේ මම පෙර සඳහන් කළ පරිදි මගේ MBA උපාධිය අවසන් කිරීමට අවශ්‍ය කටයුතු සම්පුර්ණ කරමින් සිටින්නේ. එය මට අනාගතයේ මගේ රැකියාවෙන් ඉහලට යාමට අවශ්‍ය සුදුසුකම් සපිරීමක්.

ඔබේ අතීතය දෙස හැරී බලන්න. ඔබට 18 හෝ 25 කාලයේ ඔබ (අධ්‍යාපනය හෝ රැකියාව සඳහා) කළ නොකළ කුමන දේ ගැන ඔබ අද පසුතැවිලි වන්නේද?

නැහැ. මම මගේ අධ්‍යාපනය විවිධ ක්ෂේත්‍ර වලින් සම්පුර්ණ කර තිබෙනවා.

මම පරිගණක විද්‍යා උපධිදාරිනියක්. වර්තමානයේ මම ව්‍යාපාර කළමනාකරණය පිළිබඳව හදාරනවා. ඒ වගේම මම ප්‍රංශ සහ හින්දි යන භාෂාවන්ද ඉගෙනගෙන තිබෙනවා.  මම නර්තන අංශයෙන් (උඩරට සහ උත්තර භාරතීය කථක් විශාරද ලෙස) ඉහලට ඉගෙනීම් කටයුතු කර තිබෙනවා.

මට හෙට දවසට ධෛර්යමත්ව මුහුණදීමට හැකියාවක් තිබෙන බවට හොඳ විශ්වාසයක් මා සතුයි. ඕනෑම අංශයකින් රැකියාවකට හැඩගැසීමට මෙන්ම ඉන් ඉහළට යාමට මට හැකියාවක් තිබෙන බව මම විශ්වාස කරනවා. තවද මම නීති අංශයෙන් යම්කිසි මට්ටමකට දැනුම ලබාගැනීමට බලාපොරොත්තුවක් තිබෙනවා.

රැකියා අපේක්ෂකයන්ට සාර්ථක වීම සඳහා ඔබ දෙන අවවාද මොනවාද?

තනතුරට අමතරව සේවාවන්  සැපයීමට හැකියාව

රැකියාවකට සම්මුඛ පරීක්ෂණය සඳහා එකම සුදුසුකම තිබෙන බොහෝ දෙනා ඉදිරිපත් වෙනවා. මෙවැනි අවස්ථාවලදී ඔබ ඉල්ලුම් කරන තනතුරට අමතරව සේවාවන්  සැපයීමට හැකියාව ඔබ සතු නම් අන් අයට වඩා එයින් ඔබව ඉස්මතුව පෙනේවි. එසේ ඉස්මතු කර පෙන්වීමට හැකියා ඔබ සතුව තිබියයුතුයි.

කරන දේ නිවැරදිව කර ප්‍රධානීන් තුළ ඔබ ගැන විශ්වාසය ගොඩනගන්න 

ආයතන වල සම්මුඛ පරීක්ෂණවලදී අපේක්ෂකයන්ට ප්‍රශ්නපත්‍රයක් හෝ ගැටළුවක් විසඳීමට ලබාදෙනවා. බොහෝවිට මෙම ප්‍රශ්නපත්‍රය ඒ ලබාදෙන කාලවේලාවේදී සම්පුර්ණ කරන්න බැහැ. නමුත් ඔවුන් ඔබෙන් බලාපොරොත්තු වන්නේ ඔබ විසඳන ප්‍රශ්න පහක් නම් එයින් සියල්ලම නිවැරදිව විසඳීමයි.

රැකියාවේදී ඔබට යම්කිසි රාජකාරියක් පැවරූ පසු ඔබේ වැරදි හදන්න තව කෙනෙක්ව යොදවන්න ආයතන සූදානම් නැහැ. එමනිසා ඔබ පිළිබඳව විශ්වාසය ආයතන ප්‍රධානීන් තුළ ඇති කරවන්න ඕනේ. ඔබට හැකිව ඇත්තේ සියයට 90ක් නිවැරදිව සම්පුර්ණ කරන්නට නම්, එය කිසිදු වරදකින් තොරව කරන්න. එවිට ඔබ සම්පුර්ණ කිරීමට නොදන්න කොටසට ඔවුන් ඔබට උපකාර වෙනවා.

පළමු රැකියාව ලද කෙනෙකුට එහි සාර්ථක වීම සඳහා ඔබේ දෙන අවවාද මොනවාද?

උසස් අධ්‍යාපනය සම්පුර්ණ කර රැකියාවකට යාමට සුදානම් වීමේදී හුඟක් දෙනෙක් මුහුණ දෙන ගැටළුව අඩු වැටුපයි. වැඩි වැටුපක් ලබාදෙන රැකියා අවස්ථාවලට ඉල්ලුම් කරන්න බැරි ඒවාට හුඟක් පළපුරුදු කාලයක් (work experience) ඉල්ලන නිසා.

සමහර ආයතනවල තමාට වඩා අඩු අධ්‍යාපන සුදුසුකම් තියෙන අය තමන්ට වඩා වැඩි වැටුප් ගන්න අවස්ථා අපිට ඕනෙතරම් දකින්න තිබෙනවා. නමුත් ඔවුන් අපට වඩා අත්දැකීම් අතින් ඉහලින් සිටින නිසායි එසේ සිදුවන්නේ. මේ අවස්ථාවේදී වැදගත් වන්නේ තමන්ගේ රැකියාවෙන් හැකිතරම් අත්දැකීම් එකතු කරගැනීමයි. එවිට සාර්ථක ඉදිරි ගමනක් යාමට ඔබට හැකියාව ලැබෙනවා.

අපගේ දියුණුව බ්ලොග් එකේ ඉගෙනුම, ස්වයන් සංවර්ධනය, රැකියා මග සහ ව්‍යවසායකත්වය ගැන කරුණු ඇතුලත්. මේ මාතෘකා ගැන ඔබේ අදහස් බෙදාගන්නේ නම්, ඒ මොනවාද?

ඕනෑම කෙනෙක් දියුණු වෙන්න නම් නිරවුල් මනසක් සහ නිරෝගී ශරීරයක් තිබීම ඉතාම වැදගත්. අපි මොනතරම් දේ පාඩම් කරත් ඉගෙන ගත්තත් වැඩක් නැහැ ඒ දේවල් අවශ්‍ය වෙලාවේදී ආපහු ප්‍රයෝජනයට ගන්න බැරිනම්.

නිරවුල් මනසක් නැති විට අපට කවදාවත් හරි දේ හරි විදිහට දකින්න, හිතන්න බැරි වෙනවා.

නිරවුල් මනසක් නැති විට අපට කවදාවත් හරි දේ හරි විදිහට දකින්න, හිතන්න බැරි වෙනවා. තමන්ගේ ශරීරය නිරෝගී නැතිනම් මානසික සුවතාවයද නැති වෙනවා. මේ නිසා, නිවැරදි ආහාර රටාවක් පවත්වාගැනීම, ශරීරයට ව්‍යායාම කිරීම, මානසික සුවය වෙනුවෙන් භාවනා කිරීම වැනි දේ අනුගමනය සුවදායක ජීවිතයකට මග පාදනවා.

ඒ වගේම මේ මොහොතේ ජීවත් වන්න.

අපගේ බ්ලොග් එක බලන අයට ප්‍රයෝජනවත් වේ යයි සිතන පොත්, බ්ලොග්, වෙබ් අඩවි මොනවාද?

මගේ මතය නම් ඕනෑම පොතක් අපේ ජීවිතයට යම්කිසි දෙයක් උගන්වන්න සමත් වන බවයි. කෙනෙක් කොහොමද හැසිරෙන්නේ, සමාජයේ තිබෙන විවිධාකාර ගැටළු වැනි මේ ඕනෑම දෙයක් ගැන ඉගෙනීමේ හැකියාව අපට පොත් කියවීමෙන් ලැබෙනවා.

මම හුඟක් අධ්‍යාපනික පොත්පත් කියවන්න කැමැත්තක් දක්වන්නේ නැහැ. නමුත් මම බොහොමයක් නවකතා කියවා තිබෙනවා. ඒ හැම කතාවම ජීවිතයට එකතු කරගන්න දෙයක් හෝ ජීවිතයෙන් ඉවත් කරගත යුතු දෙයක් ගැන අපට උගන්වනවා.

කියවිය යුතු යයි සිතන පොත් කිහිපයකි මේ:

Rich Dad Poor Dad by Robert Kiyosaki and Sharon Lechter (book)
Pride and Prejudice by Jane Austen (book)
Where Rainbows End by Cecelia Ahern
Chicken Soup for the Soul

ඔබ දෛනිකව හෝ සති පතා කියවන්නේ මොනවාද?

මම කියවීමට බොහොම කැමැත්තක් දක්වන කෙනෙක්. එම නිසා මට ලැබෙන ඕනෑම පොතක් හෝ පත්තරයක් හෝ අන්තර්ජාල ලිපියක් මම කියවනවා.

ස්වයං සංවර්ධනය සඳහා (කායික, මානසික, චිත්තවේගීය, අධ්‍යාත්මික, බුද්ධිමය, තාක්ෂණික) ඔබේ කරන්නේ මොනවාද?

මම ඉතාම සැහැල්ලුවෙන් ජීවත් වන පුද්ගලයෙක්. කිසිම දෙයක් ගැන, රාජකාරි හෝ වේවා, පුද්ගලික කාරණා හෝ වේවා, ආතතියක් අරගෙන කල්පනා කරන්න මම කැමති නැහැ. ඒවගේම අතෙතයේ ඇලී ජීවත් වන්නේත් නැහැ. මේ කරුණු නිසා මම මානසිකව ස්ථාවරව, පැහැදිලිව, පීඩාවකින් තොරව කටයුතු කරනවා.

මම ඉතාම සැහැල්ලුවෙන් ජීවත් වන පුද්ගලයෙක්.

කිසිම දෙයක් ගැන ආතතියක් අරගෙන කල්පනා කරන්න මම කැමති නැහැ.

ඒවගේම ආතතියේ ඇලී ජීවත් වන්නේත් නැහැ.

මේ කරුණු නිසා මම මානසිකව ස්ථාවරව, පැහැදිලිව, පීඩාවකින් තොරව කටයුතු කරනවා.

මගේ කායික සුවතාව වෙනුවෙන් මම ඉතාම සමබර ආහාර රටාවකට හුරු වී සිටිනවා. මේ අතරම මම දිනපතා ව්‍යායාම් කටයුතු වල නිරත වෙනවා. නර්තනයේ යෙදෙන නිසා කායික, මානසික හා අධ්‍යාත්මික සුවය ලඟා කරගන්න හැකිවී තිබෙනවා.

බුද්ධිය හා තාක්ෂණික දියුණුව වෙනුවෙන් ඉගෙනීම් කටයුතු කරනවා. පොත්පත් කියවීම දැනුම වර්ධනයට මෙන්ම සමාජ ආචාරධර්ම වැඩිදියුණු කරගැනීමටද උදවු වෙනවා.

COVID-19 සම්බන්ධ ආර්ථික හා සමාජීය කටයුතු වසා ඇඳිරිනීතිය දැමීම ගැන අපේ පාඨකයන්ට කියන්නට ඇත්තේ මොනවාද?

ශ්‍රී ලංකා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග ඉතාමත් නිවැරදි බවට කිසිදු සැකයක් නැහැ. නමුත් කියන දේ තේරුම් ගන්න බැරි ජනතාවක් ඉන්න එක නම් රටට සිදුවෙලා තියෙන මහා විනාශයක්.

රටේ ජනතාවට නීති පනවලවත් ඔවුන්ව මෙම උවදුරෙන් බේරගන්න වෛද්‍යවරු, පොලීසිය, හමුදාව ඇතුළු රජයේ අනෙක් නිලධාරීන් ගෙනයන කටයුතුවලට අපේ සම්පුර්ණ සහයෝගය ලබාදීමට අපි කටයුතු කරන්න ඕනේ.

ඔබ දැනට ව්‍යාපාරයක කටයුතු කරයි නම් සුළු ව්‍යාපාරිකයන්ට ඔබ දෙන අවවාද මොනවාද?

අපිට දැන් පැහැදිලිවම පෙනෙනවා අපේ රට කොයිතරම් පිටරට දේවලින් යැපෙන්න පටන්ගෙනද කියලා. ලංකාව රජවරුන්ගේ කාලේ වගේ ස්වයංපෝෂිත කරන්න ඕනේ.

ගොවිතැන් වගේම දේශීය ව්‍යාපාරද දියුණු කිරීමට නිවැරදි කාලයක් මේක.

රන්දිමා ගෝනවල නව කොරෝනා ඇඳිරිනීති දිනපොතට එකතු කරගැනීමට උපකාර කළ රෝයල් ෆර්න්වුඩ් පෝසිලේන් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී යොෂාන් ප්‍රනාන්දුට අපගේ ස්තුතිය.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Blog at WordPress.com.

Up ↑

%d bloggers like this: