සමාජ මාධ්‍ය මගින් අලෙවිකරණට අත්වැලක්

DigitalGrowthSriLanka2019

ලොව සමාජ මාධ්‍ය භාවිතය ඉතා ඉක්මනින් ප්‍රවර්ධනය වෙන්නේ ලොව ජනගහන වර්ධන වේගය අභිබවා යමිනි. එලෙසම ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය භාවිතය ඉක්මනින් ඉහළ යන ප්‍රවණතාවක් පෙන්වයි.

ශ්‍රී ලංකාවේ ජනගහන වර්ධන වේගය 2018 ජනවාරි සහ 2019 ජනවාරි අතර 0.03% කින් වැඩිවිය. එයට සාපේක්ෂව මොබයිල් දුරකථන භාවිතා කරන්නන් ගණන 1.6%කට අධික ලෙස වැඩිවිය. එම කාලය තුළම අන්තර්ජාල භාවිතා කරන්නන් ගණන 6.2%කින් සහ ක්‍රියාකාරී සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් ගණන 3.3% කින් වැඩිවිය. මොබයිල භාවිතයෙන් සමාජ මාධ්‍ය භාවිතය එම කාල වකවානුවේම, එනම් 2018 ජනවාරි සිට 2019 ජනවාරි දක්වා 3.6%ක වේගයකින් වර්ධනය විය.

මේ වන විට ලංකාවේ මොබයිල ගිණුම් ගණන 448,000 ඉක්මවා ඇත. අන්තර්ජාල භාවිතා කරන්නන් ගණන 448,000. අන්තර්ජාල භාවිතා කරන්නන් ගණක 413,000 ඉක්මවන අතර ක්‍රියාකාරී සමාජ මාධ්‍ය ගිණුම් ගණන සහ මොබයිල භාවිතයෙන් සමාජ මාධ්‍ය පාවිච්චි කරන ගණන 200,000ට අධිකය.

එබැවින් සුළු ව්‍යාපාරිකයාට මෙන්ම කුමන ප්‍රමාණයේ ව්‍යාපාරිකයින්ටත් තම භාණ්ඩ හෝ සේවා අලෙවිකරණයෙදී සමාජ මාධ්‍ය අමතක කරන්නට නොහැකිය. මේ ප්‍රවණතාව ඉදිරියටත් එලෙසම වනු ඇත.

COVID-19 වසංගතය

කලින් තම අලෙවිකරණයට හෝ භාණ්ඩ හෝ සේවා මිලට ගන්නට අන්තර්ජාලය භාවිතා නොකලත් COVID-19 වසංගතය නිසා බොහෝ ව්‍යාපාරිකයින් මෙන්ම පාරිභෝගිකයින්ද දැන් ඔන්ලයින් බිස්නස් වලට වඩාත් විවෘතය. ඔවුන් පෙර මේ සඳහා වූ ප්‍රතිරෝධය වසංගතය ඉදිරිපිට දියවී ගියා සේය.

උවදුරු කරදර, අභියෝග තුළින් ව්‍යාපාරික අවස්ථා බිහිවන බව කියන කියමන සත්‍යයක්ම වන බව ඔබට දැන් පසක් වී ඇත.

උවදුරු කරදර, අභියෝග තුළින් ව්‍යාපාරික අවස්ථා බිහිවන බව කියන කියමන සත්‍යයක්ම වන බව ඔබට දැන් පසක් වී ඇත. දැන් සමාජ මාධ්‍ය අමතක කර අලෙවිකරණ කටයුතු සාර්ථකව පවත්වාගත හැක්කේ ඉතා සුළු කාණ්ඩයකට පමණි. අන් හැම දෙන අන්තර්ජාලයේ අලෙවිකරණය වෙත කැමැත්තෙන් හෝ අකමැත්තෙන් යොමු විය යුතුය.

සමාජ මාධ්‍ය තුළින් අලෙවිකරණයට පිවිසුම

තත්වය එසේ වුවද, ඔබේ භාණ්ඩය හෝ සේවාව සමාජ මාධ්‍ය තුළින් අලෙවිකරණයට පිවිසුම තරමක් හිතාබලා කළ යුතුය.

මේ සඳහා කුමන මාධ්‍ය තෝරා ගත යුතුද?

Facebook, YouTube, Twitter, Linkedin, Instagram, තව බොහෝ තිබෙනවා. මෙයින් වඩාත් සුදුසු මාධ්‍ය තොරගන්නේ කොහොම?

ඔබ භාවිතා කල යුත්තේ ඔබේ ඉලක්ක ගනුදෙනුකරුවන් භාවිතා කරන මාධ්‍ය පමණි. නැතිනම් එය ඔබේ කාලය හා සම්පත් නාස්තිය කි. එබැවින් ප්‍රථමයෙන්ම ඒ මොනවාදැයි හඳුනාගන්න.

ජනවාරි 2019 වන විට දැන්වීම්වලින් ඉලක්ක කළ හැකි සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් ගණන මෙසේ විය:

  • Facebook – මිලියන 6යි
  • Instagram – මිලියන 1.1යි
  • Twitter – 182,000යි
  • LinkedIn – 980,000යි.

DigitalSocialMediaChannels2019

කෝ YouTube කියා ඔබට හිතුනොත්, ඒ එය සමාජ මාධ්‍යයක් නොවන බැවින් යන්න ඔබට ලැබෙන පිළිතුරය.

ලංකාවේ ජනප්‍රියම වෙබ් අඩෙවි

වෙබ් අඩෙවි වලට පිවිසෙන ජන සංඛ්‍යා ගණනය කරන Alexa.com වෙබ් දත්ත වලට අනුව අද දින (2020 අගෝස්තු 18 වන දින) වනවිට ශ්‍රී ලංකාවේ ජනප්‍රියම වෙබ් අඩෙවි මෙසේ දැක්වේ.

TopSriLankaSites2020-08-18

ඔවුනගේ දත්ත වලට අනුව Facebook භාවිතා කරන්නන් වර්තමානයේදී දිනකට විනාඩි 19ක් (18:58) එම අඩෙවියේ රැඳෙන බව පෙනේ. YouTube භාවිතා කරන්නන් දිනකට විනාඩි 15.22ක් එම අඩෙවියේ සිටියි.

මේ දැනගත් ඔබ දැන් ඔබගේ ඉල්ලක්ක ගනුදෙනුකරුවන් කුමන මාධ්‍ය වල සරිසරයිද යන්න සිතා බැලිය යුතුවේ.

මී ළඟට එම එක් එක් මාධ්‍යය හඳුනාගන්න

ඔබ මොනවා පෝස්ට් කලත් එම දේ මාධ්‍යයට ගැලපීම වැදගත්. කෝක තෝරගත්තත් කරන්න වැඩ බොහෝයි.

Facebook  නම් පිටුවක් හදාගන්න ඕනෑ.  පෝස්ට් කරන්න දේවල් හොයාගන්න ඕනේ.  හැමදාම දැන්වීම් විතරක් දැම්මොත් සෙනග එන එක නවතිනවානේ. අනික් අයගේ පෝස්ට් වලට යම් අදහසක් පල කරන්න වෙනව.

එලෙසම දැන්වීම් හදන්න ඕනේ. ඔබේ පොස්ට්වලට ප්‍රතිචාර දමන අයට, ප්‍රශ්න අසන අයට පිලිතුරු දෙන්න ඕනෑ. මේ කොයිදේත් කරන ගමන් ඔබේ රසික ප්‍රජාව වර්ධනය කරගැනීමට පියවර ගන්න ඕනෑ.

ආරම්භ යේදී මේ ඔක්කෝම කරන්න හැකිවේද කියා ඔබට සිතේවි. මේ සියල්ලම කරන අතර ඔබේ  ව්‍යාපාරයේ කටයුතු අතපසු කරන්න  බැහැනේ.

ව්‍යාපාර ප්‍රවර්ධනයට අත්වැලක්

ඔබේ සන්නාමය (brand) සහ ව්‍යාපාරයේ කීර්ති නාමයත් ප්‍රවර්ධනයට මේ අදහස් ඔබට උපකාරී වේවි.

ඔබේ නිෂ්පාදනය සහ ඔබේ ගනුදෙනුකරුවන් හොඳින් හඳුනාගන්න.

ඔබේ නිෂ්පාදනය හෝ සේවාව ඔබේ ගනුදෙනුකරුවන් දකින්නේ කොහොමද යන්න ඔබ දන්නවාද? පහත දැක්වෙන ප්‍රශ්න වලට පිලිතුරු සැපයීම එයට හොඳ ආරම්භයක්. ඔබේ ගනුදෙනුකරුවන්ගේ රුචිඅරුචිකම් තේරුම් ගැනීම තුලින් ඔවුන් හට ආකර්ෂණීය වන දේ, ඔවුන් අන් අයා හා ශෙයා කරන්න ප්‍රිය දේ හඳුනාගන්න ඔබට හැකිවේවි.

  • ඔබ විකුණන්නේ කුමක්ද?
  • ඔබේ ගනුදෙනුකරුවන් ඔබව වඩාත් හොඳින් හඳුනන්නේ කුමක් සම්බන්ධවද?
  • ඔබේ බ්‍රෑන්ඩ් එක කුමක්?

ඔබේ හොඳම ගනුදෙනුකරු සිතෙන් මවාගන්න

ප්‍රථමයෙන්ම ඔබේ හොඳම ගනුදෙනුකරු සිතෙන් මවාගන්න. ඔහු හෝ ඈ කෙවැනි  කෙනෙක්ද? ඔබට තවත් ආකාරයේ ගනුදෙනුකරුවන් සිටීද? ඒ එක් එක් පුද්ගලයා ඔබේ නිෂ්පාදනය මිලදී ගන්නා ආකාරය ඔබට සිතේ මවාගත හැකිද?

මෙවන් විවිධාකාර “ගනුදෙනුකාර චරිත” ගැන සිතා, ඔවුන් සිතින් මවාගෙන , ඔවුන් භාවිතා කරන වදන්, අසන ප්‍රශ්න, සොයන විසඳුම් යනාදිය ගැන සිතන්න.

  • කුමන ආකාරයේ පෝස්ට, ලිපි, තොරතුරු, වීඩියෝ යනාදියට ඔවුනගේ සිත් බැඳේද?
  • ඔවුන් ඔබේ සමාජ මාධ්‍ය වෙත ඇදී එනු ඇත්තේ ඔබ කුමන දේ පෝස්ට් කලොත්ද?
  • මේ ගනුදෙනුකරුවන් ඔබේ සමාජ මාධ්‍ය හැර යනු ඇත්තේ ඔබ කුමන දේ පෝස්ට්  කලොත්ද?

මේ දෙපැත්ත ගැනම ඔබ දැනුවත් වීම වැදගත්.

එක එක මාධ්‍යයට ගැළපෙන දේ මොනවාද?

මීලඟට පෝස්ට් කරන දේ ගැන සිතන්න. ඔබ මොනවා පෝස්ට් කලත් එම දේ මාධ්‍යයට ගැලපීම වැදගත්.

  • එය ඔබේ වර්තමාන රසිකයන්ට ගැලපේද?
  • එය වැඩි දෙනෙක් අතර බෙදා ගන්නට සිතෙන දෙයක්ද?
  • එය ඔබේ අවසාන අරමුණු, එනම් ඔබේ වෙබ් එකට ඒමට, ඔබ ඇමතීමට,  ඔබෙන් මිලදී ගැනීමට ඔවුන් පොලඹවන ආකාරයේ  දෙයක්ද?

ඔබේ පණිවුඩය පැහැදිලිද?

  • ඔබ දක්ෂ ලියන්නෙක් නොවේනම් ඔබ ලියන දේ, නිවැරදිව, නිරවුල්ව, පැහැදිලිව කෙටියෙන් ලියන්න.
  • ඔබේ රසික කැලට හිතට වදින්නට ඔවුන් අහන්න දකින්න, කියවන්න රුචි දේ ලියන්න.

නමුත් එසේ කලයුතු ඔබේ අනන්‍යතාවය ආරක්ෂා වන අයුරින්ය. බොරුවට, ඔවුනගේ හිත් ගන්නට, ඔවුන් රවටන්නට, ඔබගේ විශ්වාසයනට පටහැනි දේ කිසිවිටෙකත් ලියන්න එපා.

මතක තබාගන්න

  • හොඳ රූ සටහන් හෝ පින්තූර සමගින් විශිෂ්ඨ වදන් භාවිතා කරන්න.
  • සියලු වීඩියෝ සඳහා නිවැරදි ෆෝමැට් භාවිතා කරන්න.
  • පාඨකයාට ඔබ හා සම්බන්ධ වන්නට පහසු කරන්න.
  • විවෘත වන්න.
  • අවංක වන්න.
  • ප්‍රශ්න අසන්න.
  • ඔවුන් හා සම්බන්ධතා ගොඩනගන්න. මේ සඳහා අන් අයගේ පෝස්ට් වලට ප්‍රතිචාර
    දක්වන්න.
  • ඔබේ පෝස්ට්වලට දමන ප්‍රතිචාරවලට ඔබද නිසි ප්‍රතිචාර දක්වන්න. ස්තුති කරන්න.
  • තොරතුරු ලබා දෙන්න.
  • විවේචන වලට පවා විනීතව, ආචාරශීලීව පිලිතුරු දෙන්න.

අවශ්‍ය නම් උදවු ලබාගන්න

මේ සියල්ල ඔබ තනිව කල යුතු නැත. ඒ සඳහා උපකාර ලබාගත හැකි  ආයතන තිබේ. පුද්ගලයින් සිටී. ලිපි හා දැන්වීම් ලිවීම, වීඩියෝ නිෂ්පාදනය, ඇනිමේෂන් සෑදීම, ග්‍රැපික් ඩිසයින් යන මේ සියලුම දේ සඳහා සේවා සපයන්නන් සිටිති. සමාජ මාධ්‍ය සේවා සපයන මාකටින් ඒජන්සි තිබේ.

සැකසුම: නිලුකා දිසානායක විසිනි
SocialMediaMarketingWriter | @SMMWriter

Info Sources:
Digital-2019-Sri-Lanka-January-2019

Alexa.com

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Blog at WordPress.com.

Up ↑

%d bloggers like this: