නව කොරෝනා දිනපොත 03: රෝයල් ෆර්න්වුඩ් පෝසිලේන් ආයතනයේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක යොෂාන් ප්‍රනාන්දු

මේ ලැබී තිබෙන විවේකය අප නිකරුණේ ගෙවා දැමීම නොකළ යුතුයි.

යොෂාන් ප්‍රනාන්දු මගේ මිත්‍රයෙක්. අප හඳුනාගත්තේ අප දෙදෙනා කළමනාකාරීත්ව ගණකාධිකරුවන් ලෙස කූපර්ස් සහ ලයිබ්රෑන්ඩ් (දැන් PwC) ආයතනයේ පුහුණුව ලබන අවස්ථාවේ.

වර්තමානයේ ඔහු පෝසිලේන් නිෂ්පාදන ආයතනයක් වන රෝයල් ෆර්න්වුඩ් පෝසිලේන් ආයතනයේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිළධාරියා (CEO) ලෙස සේවය කරනවා. ඇඟලුම් කර්මාන්තයේ වසර 15කට අධික අත්දැකීම් ලබා, ප්‍රධාන විධායක තනතුරු පවා දැරූ යොෂාන් 2016 වසරේ රෝයල් ෆර්න්වුඩ් පෝසිලේන් ආයතනයට එක වුනේ එහි ප්‍රධාන මෙහෙයුම් නිළධාරියා (COO) ලෙසිනුයි. ඉන් දෙවසරකින් ප්‍රධාන විධායක නිළධාරී තනතුරටත්, තවත් ටික කලකින් අධ්‍යක්ෂ තනතුරකටත් හිමිකම් ලබන්නට ඔහුට හැකිවුණා.

මෙසේ නව කොරෝනා ඇඳිරිනීති දිනපොතේ තෙවැනි සටහන සේ දිගහැරෙන්නේ ඔහු සමග කළ සාකච්ඡාවයි.

COVID -19 නිසා ඔබ ජීවිතය දෙස බලන ආකාරය දෙනස් වුණිද? ඒ කෙසේද?

ඔව් මෙය අපට ජීවිතය ගැන යථාර්තය දේරුම් ගන්න ලැබුණු හොඳ අවස්ථාවක්. අපි ැෙහැම දෙනෙක්ම වගේ එදිනෙදා වැඩ කටයුතු එක්ක බොහොම කාර්යබහුල ජීවිත ගතකරන කාලෙක මෙම COVID – 19 වෛරසය අපිට නැවතත් ජීවිතය මුල ඉඳන් පටන්ගන්න අවස්ථාවක් ලබා දීල තියෙනවා.

තමන්ට සමාජයේ මොන තරම් බලයක් තියෙනවද, තමන් කොතරම් පොහොසත්ද කියන කාරණා මේ අවස්ථාවේදී වැදගත් නෑ, ඕනෑම කෙනෙක් මේ රෝගයට ගොදුරු වීමේ හැකියාව තිබෙනවා. එයින් අපි තේරුම් ගන්න ඕනේ සමාජ තරාතිරම් නොසලකා හැම දෙනාටම එක සේ සලකන්න අවශ්‍යයි කියන කාරණාව.

ඒ වගේම අපි ස්වභාවධර්මය ගැනත් විශාල සැලකිල්ලක් දක්වන්න උවමනා වෙනවා. අපි ජීවත් වෙන පරිසරය රැකගැනීම අපගේ යුතුකමක් වෙනවා.

COVID -19 නිසා ඔබ හෝ ඔබ යටතේ රැකියාව කරන අය වැඩ කරන ආකාරය වෙනස් වුණිද? ඒ කෙසේද?

අප ආයතනය නිෂ්පාදන කර්මන්තයතනයක්. මා යටතේ 500කට අධික පිරිසක් සේවයේ යෙදෙනවා. නමුත් රටේ වර්තමාන තත්වයත් සමග රැකියාවේ සැළකිය යුතු වෙනසක් සිදුවී තිබෙනවා. අත්‍යවශ්‍ය සේවාවක් නොවන නිසා සියලු දෙනාගේ ආරක්ෂාව වෙනුවෙන් කර්මාන්තශාලාව වසා දමා ඇති නමුත් පරිපාලන අංශයේ අය නිවෙස්වලම සිට ඔවුන්ගේ රාජකාරි කරගෙන යනවා. සේවකයන්ගේ මාසික වැටුප් ලබාදීම් ඇතුළු අනෙකුත් කටයුතු මෙන්ම අපි ඉදිරි කාලය සඳහා මුහුණදීමට අවශ්‍ය උපායමාර්ගික සැලසුම් කණ්ඩායම් ලෙස ඔන්ලයින් මීටින් වලට සහභාගී වෙමින් සුදානම් කරනවා.

ඒ අයට ගෙදර සිට සේවය කිරීමට මග පාදන්න ඔබ විසින් කුමන ආකාරයේ වෙනස්කම් කළේද?

බොහොමයක් පරිපාලන අංශයේ සේවක සේවිකාවන් සතුව ආයතනයෙන් ලබාදී ඇති ලැප්ටොප් පරිගණක තිබෙනවා. එසේ නොමැති, සීවය අවශ්‍ය අය හට පරිගණක ප්‍රවේශය ලබාගතහැකි මාර්ග සළසා දීමට අප සමත් වුණා. තවද, ආයතනය විසින් ලබාදී ඇති දුරකථන sim කාඩ්පත් මගින් සන්නිවේදන කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට හැකියාව ලබාදී තිබෙනවා.

බොහෝ දෙනෙකුට පෙර නොතිබුණු විවේක කාලයක් දැන් ලැබී තිබේ. ඔබ මේ අතිරේක කාලය යොදවන්නේ කුමක් සඳහාද?

මෙය ඉතාමත්ම කලාතුරකින් අපට ලැබෙන අවස්ථාවක්. වර්තමානයේ අපට පවුලේ සියළු දෙනා සමග එකට කාලය ගත කරන්න වෙලාව හොයාගන්න බොහොම අපහසුයි. නමුත් මෙය මට වටිනා අවස්ථාවක් වෙලා තියෙනවා මගේ බිරිඳ හා දරුවන් සමග හොඳ ගුණාත්මක කාලයක් ගත කිරීමට. අපි සියළු දෙනා එකතු වෙලා විවිධ සෙල්ලම් කිරීම, චිත්‍රපට නැරඹීම වැනි කටයුතු කරනවා.

ඒ වගේම මට කාලය ලැබී තියෙනවා විවේකීව පොත්පත් කියවීමට. එය මානසික සුවයක් වගේම මගේ දැනුම දියුණු කරගන්න අවස්ථාවක් වී තියෙනවා. මේ ලැබී තිබෙන විවේකය අප නිකරුණේ ගෙවා දැමීම නොකළ යුතුයි.

වර්තමානයේ ඔබේ වයස 18 විනිනම් ඔබ ගෙදර ඉඳන් කරන්නේ මොනවාද?

වයස අවුරුදු 18 කියන්නේ පාසල් කාලය අවසන් කරමින් සිටින වයසක්. මම මේ අවස්ථාවේ අවුරුදු 18ක් කෙනෙක් නම් මා මේ කාල පරාසය මගේ ඉදිරි ගමන සැලසුම් කරන්න යොදා ගන්නවා. මං තව දුරටත් ඉගෙනීම් කටයුතු කරනවාද, නැත්නම් රැකියාවක් කරනවාද, මොන ක්ෂේත්‍රනද මා ඉදිරියට යා යුත්තේ වැනි දේ ගැන සිත බැලීමට මම මේ කාලය යොදාගන්නවා.

වර්තමානයේ ඔබේ වයස 25 විනි නම් සහ ඔබට රැකියාවක් තිබේනම් මේ කාලයේ ඔබ ගෙදර ඉඳන් කරන්නේ මොනවාද?

රැකියාවේ ඉදිරියේදී කුමන ආකාරයේ වෙනස්කම් සිදුකරගත යුතුද යන්න සිතා බැලීමට මා මෙම කාලය යොදා ගන්නවා. මෙය ඔබ දැන් සිටින තනතුරින් ඉදිරියට යාමට අවශ්‍ය කරන කටයුතු සූදානම් කරන්න හොඳ අවස්ථාවක්. අවුරුදු 25 සිට 35 දක්වා තියෙන කාල පරාසයේදී ඔබ කරන සාම කටයුත්තක්ම ඔබගේ ඉදිරි වෘත්තීය ගමන තීරණය කරනවා. ඉදිරියේදී ඔබ මොන වගේ තනතුරක්ද දරන්නේ, මොන වගේ වාහනයක්ද ගන්නේ යනාදී දේ තීරණය වෙන්නේ මේ කාල පරාසය තුළදී. මේ නිසා අවුරුදු 25 වන විට අපි අපේ ජීවිතයේ ඉදිරි අවුරුදු 10 ගැන සැලසුමක් නිර්මාණය කරගන්න අවශ්‍යයි. ඉන්පසු එය වැඩි දියුණු කරමින් සාර්ථකත්වයට ලඟා විය හැකියි.

ඔබේ අතීතය දෙස හැරී බලනවිත ඔබට 18 හෝ 25 කාලයේ ඔබ (අධ්‍යාපනය හෝ රැකියාව සඳහා) කළ නොකළ කුමන දේ ගැන ඔබ අද පසුතැවිලි වන්නේද?

නැහැ. මම වෘත්තියෙන් ගණකාධිකාරවරයෙක්. මේ කියන කාල පරාසය තුළ මම මගේ පළමු රැකියාවේ නිරත වී සිටියා. මම මගේ උසස් අධ්‍යාපන කටයුතු සමග වෘත්තීය කටයුතු සමාන්තරව කරගෙන යාමට සමත් වුණා. දැන් මම ආයතනයක අධ්‍යක්ෂ වරයෙක්. වශයෙන් කටයුතු කරනවා. මගේ ගමන්මග දෙස ආපසු හැරී බලන විට මා මගේ හැකියාවන්ගෙන් හා දැනුමින් උපරිම ප්‍රයෝජනයක් ගෙන් ඇති බව කියන්න පුළුවන්. මා අද සිටින තත්වය ගැන මම සතුටු වෙනවා.

රැකියා අපේක්ෂකයන්ට සාර්ථක වීම සඳහා ඔබ දෙන අවවාද මොනවාද?

රැකියාවකට සම්මුඛ පරීක්ෂණය සඳහා එකම සුදුසුකම තිබෙන බොහෝදෙනා ඉදිරිපත් වෙනවා. මෙවැනි අවස්ථාවලදී ඔබ ඉල්ලුම් කරන තනතුරට අමතරව ඔබට එම ආයතනයට සපයන්න පුළුවන් සේවාවන් තුලින් ඔබව අන් අයට වඩා ඉස්මතු කර පෙන්වීමට හැකියාවක් ඔබ සතු විය යුතුයි.

උදාහරණයක් ලෙස, ඔබ ගණකාධිකරණ සහායක කෙනෙක් වශයෙන් ආයතනයට බැඳුනත් ඔබට අනෙකුත් ක්ෂේත්‍ර පිළිබඳවද සුළු හෝ දැනුමක් තිබීම ඔබට වාසිදායකේ වේවි. එය අලෙවිකරණය හෝ පුද්ගල පාලනය, තත්ත්ව පාලනය හෝ සැපයුම් අංශය හෝ වෙනත් ක්ෂේත්‍රයක් සම්බන්ධව විය හැකියි. එය ඔබගේ රැකියාවේ ඉදිරි ගමනට රුකුලක් වේවි.

පළමු රැකියාව ලද කෙනෙකුට එහි සාර්ථක වීම සඳහා ඔබ දෙන අවවාද මොනවාද?

පළමු රැකියාවේදී ලබන ආදායම ගැන නොසිතා මහන්සියෙන් ආයතනයේ දියුණුව වෙනුවෙන් කටයුතු කරන්න

පළමු රැකියාව කරන කාලයේදී බොහෝදෙනෙක් මුහුණදෙන ගැටළුවක් වන්නේ ඔවුන්ගේ අධ්‍යාපන මට්ටමට අනුව ලබන ආදායම සාපේක්ෂව අඩු වීම. නමුත් මේ අවස්ථාවේදී ඔවුන් ඒ ගැන නොසිතා මහන්සියෙන් ආයතනයේ දියුණුව වෙනුවෙන් කටයුතු කළහොත් එය ඔවුන්ගේ පෞද්ගලික දියුණුවට හේතුවක් වෙනවා.

පළමු රැකියාව තමන්ගේ වෘත්තීය ජීවිතයේ පදනම සාදාගන්නට අවස්ථාවක් කරගන්න.

තමන්ට ලැබෙන සෑම අවස්වථාවක්ම ප්‍රයෝජනයට ගෙන ඉදිරියට අවශ්‍ය අත්දැකීම් එකතු කරගත යුතුයි. තමන්ට ලැබෙන වැටුපට වඩා වැඩි යමක් කිරීමෙන් එය ඔබේ අනාගතයට වැඩි ප්‍රතිපලයක් ගෙන එන්න හැකි වෙනවා. මෙය සාර්ථක වෘත්තීය ගමනක් යාමට මහත් සේ උපකාරී වේවි.

තමන්ගේ දියුණුවේ සාර්ථකත්වය තමන් කරන කටයුතු මත රඳා පවතිනවා.

එකෙක්කෙනා පසුපස ගිහින් ඔබට සාර්ථකත්වය ලඟා කරගන්න බැහැ. ස්වෝත්සාහයෙන්, අවදානම් අරගෙන ඒවාට මුහුණදීමෙන් පමණයි කෙනෙකුට තමාගේ දියුණුව ලඟාකරගන්න හැකි වෙන්නේ.

තමනට වඩා ඉහල තැන්වල ඉන්න සාර්ථක පුද්ගලයින්ගෙන් උපදෙස්, උදවු ගන්න.

ඒ අයගේ හොඳ ගතිගුණ තමන්ගේ ජීවිතයට පුරුදු කරගන්න.

නිතරම අලුත් සහ වෙනස් විදිහට හිතා ප්‍රශ්නවලට මුහුණදෙන්න.

සාමාන්‍යයෙන් සියයට 90ක් සේවකයින් තමට පෙර එම තනතුරුවල සිටි අයගේ වැඩ පිළිවෙල එලෙසම කරගෙන යනවා. සියයට 10ක් වැනි සුළු දෙනෙක් පමණයි අලුත් දේ හිතල ක්‍රියාවලියේ යම්කිසි වෙනසක් සිදු කරන්නේ. මේ සියයට 10 කොටසේ ඉන්න සේවකයින්ට ලැබෙන ප්‍රතිලාභ අනෙක් සියයව 90හි සිටින අයට ලැබෙන ප්‍රතිලාභ වලට වඩා බොහෝ වැඩියි.

අප බ්ලොග් එක බලන අයට ප්‍රයෝජනවත් වේ යයි සිතන පොත්, බ්ලොග් වෙබ්බ් අඩවි මොනවාද?

Long Walk to Freedom: The Autobiography of Nelson Mandela
Steve Jobs by Walter Isaacson
Winning by Jack Welch
7 Habits of Highly Effective People by Steven R Covey 

(මේ පොත් සියල්ලටම වගේ Audible ට්‍රයල් එකක් එක්ක නොමිලේ සවන් දෙන්න පුළුවන්.)

ඔබ දෛනිකව හෝ සති පතා කියවන්නේ මොනවාද?

මම කැමති ලෝකය වෙනස් කරපු ය ඒ තැන වලට ලඟා වුණේ කොහොමද කියලා දැනගන්න, එවැනි උදවිය අන් අයට වඩා වෙනස් විදිහට මොන ආකාරයකටද ක්‍රියා කළේ යන්න දැනගන්න.

මම බොහොමයක් චරිතාපදාන කියවන්න කැමැත්තක් දක්වනවා. ඒ වගේම ලෝකයේ ඉහළට ගිය පුද්ගලයින් රචනා කළ පොත් කියවීමටත් මම බොහොම ප්‍රිය කරනවා. මෙමගින් ඒ අයව ආදර්ශයට අරගෙන ඒ ගති ලක්ෂණ වලට අනුව මගේ ජීවිතය වෙනස් කරගනිමින් හොඳ ප්‍රතිපල ලඟා කරගන්න උත්සාහ කරනවා.

ස්වයං සංවර්ධනය සඳහා (කායික, මානසික, චිත්තවේගීය, අධ්‍යාත්මික, බුධිමය, තාක්ෂණික) ඔබ කරන්නේ මොනවද?

කාලසටහනකට අනුව වැඩ කිරීම ඉතාමත් වැදගත්. මෙහිදී තමන්ගේ ආයතනයට කාලයක්, ව්‍යායාම හාක්‍රීඩාවලට කාලයක්, පවුලේ ය එක්ක ගත කරන්න කාලයක් වගේම විනෝදාස්වාදය සඳහා කාලයක් වෙන් කරගන්න ඕනේ. මේ එක ක්‍රියාවක්වත් වැඩිපුර සිදු කර කියා ඔබට වැඩිපුර ලැබෙන වාසියක් නැහැ. සම දෙයක්ම සමබරව කළ යුතුයි. අද යමක් අතපසු වුණා නම් ඒ ගැන පසුතැවිලි වෙමින් කාලය ගත නොකර හෙට දවස මුල සිටම හොඳාකාරව ගත කළ යුතුයි.

COVID -19 සම්බන්ධව ආර්ථික හා සමාජීය කටයුතු වසා ඇඳිරිනීතිය දැමීම ගැන ඔබ සිතන්නේ මොනවාද? අපේ පාඨකයන්ට ඒ ගැන කියන්නට ඇත්තේ මොනවාද?

ශ්‍රී ලංකා රජය මේ සම්බන්ධව ඉතාමත් හොඳ ක්‍රියාමාර්ග අනුගමනය කරනවා. බොහොමයක් දියුණු රටවල් ක්‍රියාකරන්න පසුවෙද්දී ලංකාව කටයුතු කරලා තිබෙන ආකාරය ගැන අපට සෑහීමකට පත්වෙන්න පුළුවන්. වෛද්‍ය අංශය, පොලීසිය, හමුදාව රජයත් සමග එකතු වී අපේ රටේ ජනතාව වෙනුවන් කරන සේවය ඉතාමත් ඉහළින් අගය කළ යුතුයි. ඔවුන්ට සහයක් වෙමින් ජනතාවද මේ සියල් නීතිරීති වලට යටත් වෙලා උපදෙස් පිළිපදින්නේ නම් බොහොම ඉක්මනට අපට මේ උවදුරු තත්වයෙන් මිදීමට හැකියාව තිබෙනවා.

සුළු ව්‍යාපාරිකයන්ට ඔබ දෙන අවවාද මොනවාද?

මෙය ගෝලීය ප්‍රශ්නයක්. කුඩා හා මහා පරිමාණ සියලු ව්‍යාපාරිකයින් මේ ගැටළුවලට මුහුණපා සිටිනවා.

සුළු ව්‍යාපාරිකයින් හට නව මාර්ග දෙස බැලීමට මෙමෙ අවස්ථාව ප්‍රයෝජනයට ගන්න පුළුවන්.

තමන්ගේ දැනට පවතින ව්‍යාපාර වර්තමානයට ගැළපෙන අයුරින් වෙනස් කරගැනීමටද හැකියාව ලැබී තියෙනවා. ඒවගේම තමන්ගේ ව්‍යාපාර ඔන්ලයින් සේවා බවට පත් කරගන්නත් ව්‍යාපාරිකයින්ට අවස්ථාව තිබෙනවා. එයින් ඔවුන්ගේ ව්‍යාපාර වැඩි ජනතාවක් අතරට ගෙනයන්නට අවස්ථාව හිමි වෙනවා.

කෘෂිකර්මය පැත්තෙන් දියුණු වීමට මේ කාලයේ විශාල ඉඩකඩක් සෑදී තිබෙනවා.

තවද, රටට විශාල වශයෙන් උවමනා වී ඇති මුහුණු ආවරණ නිෂ්පාදනය කිරීමට හැකිනම් එය මේ අවස්ථාවේ සියලුම දෙනාට කරන සමාජ සත්කාරයක් කෙසේ සලකන්න පුළුවන්.

One thought on “නව කොරෝනා දිනපොත 03: රෝයල් ෆර්න්වුඩ් පෝසිලේන් ආයතනයේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක යොෂාන් ප්‍රනාන්දු

Add yours

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Blog at WordPress.com.

Up ↑

%d bloggers like this: